MAS ක්‍රියාත්මක කළ සිසු දිරිය ව්‍යාපෘතිය යටතේ ආයතනවල සේවය කරන සියලුම සාමාජික සාමාජිකාවන්ගේ පාසල් යන දරුවන්ට පාසල් පොත් කට්ටල ලබා දීම සිදුවිය. MAS Active – Asialine ආයතනයද එම ව්‍යාපෘතිය ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරමින් දරුවන්ට පොත් කට්ටල නිසි පරිදි බෙදා දුන් අතර ආයතනයේ සාමාජික සාමාජිකාවන් ඒ වෙනුවෙන් හද පිරි ස්තූතිය පුද කරන ලදි.
Author: Diyani Editors
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බහුතරයකගේ අදායම් තත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. එයට පිළියමක් ලෙස MAS Active – Contourline ආයතනය උඩුදුම්බර හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකෙහි අඩු අදායම් ලාභී පවුල් විස්සක් තෝරාගෙන ඔවුන් හට වියළි ආහාර සලාක මලු බෙදා දෙන ලදී. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් හා සමාජ සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව අඩු ආදායම් ලාභී කණ්ඩායම් තොර ගෙන ඔවුන්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත ගෙන්වා එම වියළි ආහාර සලාක මලු ඔවුන්ට බෙදා දෙන ලදි.
MAS Active සමුහයේ නායකත්වය හා මගපෙන්වීම යටතේ සමූහ සහ කණ්ඩායම් නායක නායිකාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් “පියවර” තාක්ෂණික සංවර්ධන පුහුණු වැඩසටහන ආරම්භකරන ලදි. එම වැඩසටහන MAS Active තාක්ෂණික පුහුණු අංශය මගින් MAS Active සමූහයේ ආයතන වන Contourline, Asialine, Mamadala, Sleekline සහ Shadowline තුළ ආරම්භකර ඇති අතර, කණ්ඩායම් කිහිපයකම පුහුණුව මෙම වන විට සාර්ථකව අවසන් කර ඇත. මෙම වැඩසටහන මගින් ආයතනවල සියලුම සමූහ සහ කණ්ඩායම් නායක නායිකාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කරමින් ඔවුන්ගේ වෘත්තීය ගමන් මග මෙන්ම ආයතනවල ඵලදායිතාව සහ ඉදිරි ගමන් මග පැහැදිලි කරගැනීමට මගපෙන්වයි.
ලංකාවේ පවතින ආහාර අර්බුදයට පිළියමක් ලෙස MAS FABRICS MATRIX ආයතනය විසින් ගෙවතු වගාව සඳහා සේවකයින් දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතියේ මුලික පියවර පිළිබඳව සේවකයින් දැනුවත් කරන ලදී. ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා MATRIX ආයතනය විසින් Dimo lanka සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගෙවතු වගා ද්‍රව්‍ය සහ උපකරණ මිලදී ගැනීමේ පොළක්ද පවත්වන ලදී. අවසාන අදියර ලෙස ගෙවතු වගා තරගයක් පැවැත්වීමට නියමිතව ඇති අතර සේවක මහත්ම මහත්මීන්ගේ උද්‍යාන ඇගයීමට සහ හොඳම ගෙවතු වගාකරුවන්ට උපහාර පිරිනැමීමට ද නියමිතය.
”මවමු හරිත ලොවක් ” යන තේමාව යටතේ MAS Linea Aqua නයිවල ආයතනය ක්‍රියාත්මක කරන ලද වැඩසටන හරහා විශාල පැළ සංඛ්‍යාවක් ආයතනය තුළ වගා කෙරුණු අතර ඒ තුළින් ලබාගත් සෞඛ්‍යාරක්ශිත අස්වැන්න ආයතනයේම රැකියාවේ නියුතු පරිබාහිර අංශයන් වෙත නොමිලයේම ලබා දෙන ලදි. මෙයට සමගාමීව හරිත වැඩසටහන් මාලාවක්ද පැවැත්විණි.
MAS Linea Aqua නයිවල ආයතනයේ සමාජ සත්කාර වැඩසටනක් ලෙස පසු ගියදා දානමය පින්කමක් සංවිධානය කරන ලදි. එහිදී සේවක සුභ සාධක කණ්ඩායමේ සාමාජිකයින් විසින් මානව සම්පත් අංශයේ සාමාජිකයන්ගේද සහය ඇතිව කිරිඳිවැල ප්‍රදේශයේ අන්ධ කාන්තා නිවාසයකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබාදීම සිදු කෙරිණි.
“සුරකිමු දික්කැලේ” වැඩසටහන MAS Intimates – Slimline හි නිෂ්පාදන අධ්‍යක්‍ෂක රොහාන් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් පන්නල දික්කැලේ වන රක්‍ෂිතය අසලදී පැවැත්විණි.
දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS KREEDA SHADELINE විඩියෝව මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=XS3IHdmmZJg
දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS ACTIVE ASIALINE විඩියෝව මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=GzBJSwlibZs
දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS ACTIVE NIRMAANA විඩියෝව මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=H_RuYjVWHnk