Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, ජූනි 1
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»About us

    About us

    පත්තර පිටුවලින් එහා – ඩිජිටල් ලොව දකින “දියණි”

    මෙයින් වසර 12කට පමණ පෙර ‘දියණි’ උපදින්නේ MAS සාමාජික සාමාජිකාවන්ගේ දක්ෂතා, ජයග්‍රහණ සහ දැනුම වෙනුවෙන්ම පළ කෙරෙන MAS සමූහයේ ත්‍රෛයිමාසික පුවත්පත ලෙසයි. අනතුරුව එය Online ප්‍රකාශනයක් ලෙසින් ඔබ අතරට ආ අතර අද වන විට ඩිජිටල් වෙබ් අඩවියක් දක්වා වැඩිවියට පත්ව ඇත. ගෙවුණු ඒ දීර්ඝ කාලය පුරාම “දියණි” සිටියේ ඔබ සමඟය. ආයතනය තුළදී, යනඑන අතර මග බස් රථය තුළදී පමණක් නොව ඔබේ නිවසේදීද ඇය ඔබ අසළ විය. ඇය ඔබට විටෙක මවක් විය. විටෙක සොයුරියක්, මිතුරියක් විය. “දියණි” ඔබට බොහෝ දෑ කියා දුන්නාය. දිරිය දුන්නාය. ඔබේ දුකසැප බෙදාගත්තාය. ඇය ඔබේ තනි නොතනියට නිරතුරු ඔබ ළඟින් විය.

    මෙම වසර 12 පුරාම “දියණි” එන්න එන්නම හැඩ වුණේ ඔබ නිසාය. සුහද සමාජ ක්‍රියාකාරකම් තුළින්, සිත සසල කළ කවි සිතුවිලිවලින්, අභියෝග මතින් ලද ජයග්‍රහණ මගින්, නිර්මාණශීලී නව නිපැයුම්වලින්, දිරියෙන් දිවිය දිනූ කතන්දර තුළින් “දියණි” පිටු සැරසුවේ ඔබය. කාලයත් සමඟ දැන් “දියණි” වෙනස් වී ඇත. අලුත් වී ඇත. ඩිජිටල් ලෝකයට පිවිස ඇත. දේදුනක් පැයූ විට අහසක් අලංකාර වන්නාසේම නිරතුරු ඔබේ සහභාගීත්වයෙන් ඩිජිටල් වූ “දියණි” ද තවතවත් හැඩවනු ඇත. දැනුම, රසාස්වාදය සමඟ තවත් බොහෝ දේ ඒ තුළින් ඔබට දැකගත හැකිවනු ඇත.

    “දියණි” වෙනස්විය යුතු තැන් “දියණි” තවත් හැඩවියයුතු තැන් “දියණි” උස්මහත් විය යුතු තැන් හොඳින්ම දන්නේ ඔබයි. ඒ “දියණි” වැඩෙන්නේ ඔබ අතර බැවිනි. ඉතින් ඔබ “දියණි” ගැන දක්වන ගුණදොස් අපට බෙහෙවින් වටී. දිවිය දිනන්නට දිරියක් වෙමින් ඔබට සමීප සිතුවිලි සමඟින් ඉදිරියේදිටත් ඩිජිටල් වූ “දියණි” ඔබ ළඟින්ම සිටී.

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ