Author: Diyani Editors

1716 වැනි වරටත් අභිමානවත්ව පැවැත්වෙන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ “දළදා වීදි දැක්ම” වෙනුවෙන් MAS Contourline ආයතනය විසින් නිල ඇඳුම් සහ මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබූ අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා වෙත එය නිල වශයෙන් පිළිගැන්වීම පසුගියදා සිදු විය. මෙම අති පූජනීය හා සුවිශේෂී අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය තල්පොත ධම්මජෝති ස්වාමීන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ මහලේකම්වරයා, පරිපාලන ලේකම්වරයා ඇතුළු පූජ්‍ය පක්ෂය සහ නිලධාරීන් එක්ව සිටියහ. එසේම MAS Activewear නියෝජනය කරමින් සංජීව සෙනෙවිරත්න මහතා, MAS Contourline නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දුමින්ද බණ්ඩාර මහතා, මානව සම්පත් හා පරිපාලන කළමනාකාර තිලංක මැදිවත්ත මහතා ඇතුළු මානව සම්පත් අංශයේ සාමාජිකයින් හා සේවක නියෝජිත…

Read More

පොහොය නිමිති කරගනිමින් MAS Shadeline ආයතනය විසින් නවවන වරටත් සංවිධානය කරන ලද බත් දන්සල හා Shadeline ආයතනයේ සුභසාධක වෙළඳසැල විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල ආයතන පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි.

Read More

MAS Linea Intimo කණ්ඩායම විසින් මාස 08 ක් පුරා දැරූ වෙහෙස මහන්සියෙහි ප්‍රථිපලයක් ලෙසින් ඉඳිවූ බියගම වෙසක් අසිරියෙන් සරසන මහා වෙසක් පහන් කූඩු රාජයා පිළිබඳ විඩියෝව නරඹන්න.

Read More

‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් විපතට පත්ව සිටි දුෂ්කර මොහොතකදී, ව්‍යාපාරික අභියෝග පසෙකලා තම සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පෙරට පැමිණි MAS ආයතනය, බිඳ වැටුණු ජීවිත යළි ගොඩනැඟීම සඳහා සුවිශේෂී පියවර රැසක් ගන්නා ලදි. මෙම ආපදා මොහොතේදී දිවයින පුරා විසිරී සිටින MAS පවුලේ සාමාජිකයින් රැසකගේ නිවාස පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි විය. මෙම බිහිසුණු විනාශය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ තම සාමාජිකයින්ට සහය වීම සමාගමේ ප්‍රමුඛතම වගකීමක් ලෙස MAS ආයතනය හඳුනාගත්තේය. බිඳ වැටුණු සිහින සහ ජීවිත යළි ගොඩනැඟීමට සුවිශේෂී ආධාර වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කිරීමට MAS පියවර ගනුලැබූයේ එබැවිනි. ආපදාවට පත් සාමාජිකයන්ට උපරිම සහනයක් කඩිනමින් සැලසීම උදෙසා සේවා නියුක්තිකයින්ගේ ස්වේච්ඡා දායකත්වය…

Read More

MAS සිය සාමාජිකයින්ගේ නවෝත්පාදන අදහස්, නිෂ්පාදන ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ සංකීර්ණ ගැටලු විසඳීමේ හැකියාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන Future Stars Grand Finale 2024/25 තරගාවලිය සාර්ථක අයුරින් පවත්වන ලදි. එහිදී විශිෂ්ට දක්ෂතාවයන් දැක්වූ Platinum ජයග්‍රාහක කණ්ඩායම් සඳහා විදේශ සංචාරයක් හිමිවූ අතර එය පසුගියදා සාර්ථක ලෙස නිම කෙරිණි.  මෙම සංචාරයේදී ඉන්දියාවේ සුරත් සහ අහමදාබාද් නගරවල පිහිටි ලෝකයේ නම්දරා සිටින Ginza, Konika හා Siddhi යන ආයතන්හි නිෂ්පාදන පරිසරයන් දැකබලාගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවිය. මෙම සංචාරය ෆයිබර් සිට ෆැබ්‍රික් දක්වා වන සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය, නවීන යන්ත්‍රෝපාංග භාවිතය, ස්වයංක්‍රීයරණය (Automation), නවෝත්පාදන ක්‍රියාදාම සහ ගුණාත්මක කළමනාකරණ ක්‍රම පිළිබඳ ගැඹුරින් අවබෝධ කරගැනීමට අවස්ථාව ලබාදී තිබිණි. එමෙන්ම Kaizen හා අඛණ්ඩ…

Read More

අලුත් අවුරුද්දේ අලුත් සිතුවිලි සමඟ පෙරට යන්නට ඔබට සුබපතන MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ අවුරුදු පණිවුඩය https://www.youtube.com/watch?v=xSIt_XWQl1s

Read More

අලුතින් ඉදි කරන ලද තෝරපල ඔය ඇළ මාර්ගය, ඉකිරියගොඩ ප්‍රදේශයේ ගෙඩබෝයාය සහ කොලේයාය යන ගම්මානවල කෘෂිකාර්මික පුනරුදය සඳහා මූලික අඩිතාලමක් විය. මෙයට පෙර වගා කිරීමට නොහැකිව තිබූ අක්කර 300කට අධික පුරන් කුඹුරු ප්‍රමාණයකට මේ හරහා ජලය සැපයූ අතර, එය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ආදායම් මාර්ග සහ ජීවන තත්ත්වය උසස් කිරීමට විශාල පිටුවහලක් විය. කෙසේ වෙතත්, මෑතකදී ඇතිවූ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මෙම ඇළ මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවී ඇත. මේ නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම මුළුමනින්ම ඇනහිට ඇති අතර, මෙම වාරි පද්ධතිය මත යැපෙන ගොවි ජනතාව සිය ජීවනෝපාය කරගෙන යාමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී. එවන් මොහොතක MAS SHADELINE…

Read More

MAS සමූහය සිය සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන, තත්ව පාලන කව (Quality Control Circle – QCC) ව්‍යාපෘති ඇගයීම සඳහා සංවිධානය කරන ලද ‘MAS Future Stars’ සම්මාන උළෙල පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. MAS හි සියලුම කර්මාන්තශාලා සහ විවිධ අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් මෙයට එක්වූ අතර, සමස්ත උත්සවය පුරා දැකගත හැකි වූයේ මහත් උද්යෝගයකි. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ කණ්ඩායම් මට්ටමින් ක්‍රියාත්මක කළ තත්ව පාලන කව ව්‍යාපෘති හඳුනාගෙන, ඒවායේ නවෝත්පාදන අදහස්, නිෂ්පාදන ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ සංකීර්ණ ගැටළු විසඳීමේ හැකියාව අගය කිරීමයි. MAS ආයතනය තුළ ගුණාත්මක සංස්කෘතියක් සහ නිර්මාණාත්මක චින්තනයක් ඇති කිරීම සඳහා මෙම වේදිකාව මනා පිටුවහලක් වෙයි. තරගාවලිය ප්‍රධාන වශයෙන්…

Read More