Author: Diyani Editors

මෙවර පරිසර සතිය Silueta ආයතනය විසින් ආරම්භ කරන ලද්දේ යටිහේන මහා විද්‍යාලයේ දරුවන් සඳහා ආකර්ෂණීය දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කරමිනි. පාසල තුළ “පරිසර නියමු” වැඩසටහන් නැවත ආරම්භ කිරීමටත් සිසුන් අතර පාරිසරික හැඟීම යළි පුබුදුවාලීමටත් මෙහිදී කටයුතු කරන ලදි. මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ “ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පරදවමු” තේමාව යටතේ ප්‍රතිචක්‍රීකරණ හා නව භාවිතයන් සඳහා නිෂ්පාදන සැකසීමේ ව්‍යවසායකයෙකු වන ජයන්ත කුමාරසිරි මහතා විසිනි. සිසුන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදන සමඟ ප්‍රායෝගිකව අත්හදා බැලීම් කළ අතර නිර්මාණාත්මක අපද්‍රව්‍ය විසඳුම් ගවේෂණය කරමින් අර්ථවත් සාකච්ඡාවකට සහභාගී විය.

Read More

පන්නල සිට කුලියාපිටිය දක්වා, මාර්ග සංඥා පුවරු පිරිසිදු කිරීමේ වැඩසටහනක් PWD අධිකාරියේ සාමාජිකයින්ගේද සහයෝගය සහිතව MAS Intimates – Slimline ආයතනය විසින් පසුගියදා සාර්ථකව දියත් කරන ලදි. වගකීම් සහගත හෙටක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද මෙම අර්ථවත් ප්‍රජා සත්කාරය තුළින් මාර්ගයන් වඩාත් පැහැදිලි, ආරක්ෂිත තැනක් බවට පත්කිරීමට හැකිවීම සියලු දෙනාගේ ඉමහත් ප්‍රශංසාවට හේතු විය.

Read More

කිළිනොච්චියේ MAS Intimates Vidiyal ආයතනය විසින් යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය, කරච්චි ප්‍රාදේශීය සභාව හා ලේ බැංකුව සමඟ එක්ව සමාජයේ ජීවිත රැකගැනීමට සහාය වීමේ අරමුණ ඇතිව සිය කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ලේ දන්දීම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. සේවා නියුක්තිකයින් මෙන්ම බාහිර පුද්ගලයින්ද සිය සමාජ යුතුකම පිළිබඳ කැපවීම පෙන්වමින් මෙම වැඩසටහන සඳහා මහත් උනන්දුවකින් සහභාගී විය. කිලිනොච්චි ලේ බැංකුවේ සහතික කළ වෛද්‍ය වෘත්තිකයින්ගේ උපදෙස් යටතේ මෙම වැඩසටහන පැවැත්විණි. සිදුකරන ලද කැපවීමට ඇගයීමක් වශයෙන් සියලුම දායකයින්ට ස්තූති සටහනක් සමඟ පැළයක් තෑගි වශයෙන් ලබාදීම සුවිශේෂ සිදුවීමක් විය. MAS Intimates Vidiyal ආයතනය රැකවරණය සහ තිරසාරභාවය පිළිබඳ සංස්කෘතියක් ගොඩනැඟීම වෙනුවෙන් සිදුකරන ලද මෙම සමාජ…

Read More

ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් MAS Active Asialine ආයතනය විසින් හෙට ලොව දිනන දරුවන් සමග එක්ව “Greeny Future” තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් ඉතා සාර්ථකතව දියත් කරන ලදි. මේ එහි ඡායාරූප පෙළයි.

Read More

MAS Fabric Park සංවිධාන දායකත්වයෙන් පොසොන් පොහෝ දිනය නිමිති කොට පැවැත්වූ පොසොන් කූඩු නිර්මාණ ප්‍රදර්ශනය සහ බැති ගී සරණීය වැඩසටහන MAS Fabric Park ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පොසොන් පොහෝ දින සිට පුරා දින තුනක් පුරා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථාවන්හි ඡායාරූප පෙළයි.

Read More

පොසොන් පොහොය නිමිති කරගෙන MAS KREEDA SHADELINE ආයතනය විසින් අටවන වරටත් සංවිධානය කරන ලද බත් දන්සල මෙවරත් ආයතන පරිශ්‍රයේදි අති සාර්ථක අන්දමින් පවත්වනු ලැබිණි. .

Read More

මෙවර පොසොන් පොහොය වෙනුවෙන් Linea Aqua ආයතනය විසින් සංවිධානය කරන ලද බැති ගී සරණිය විශේෂ වැඩසටහන සියලු දෙනාගේ සහභාගීත්වය සහිතව පසුගියදා සාර්ථකව පැවැත්විණි. එයට අමතරව ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දරුදැරියන් වෙනුවෙන් පොසොන් පොහොය තේමා කර ගනිමින් චිත්‍ර තරගයක් හා පොසොන් ආශිර්වාද පූජා වැඩසටහනක් පැවැත්වීමද විශේෂත්වයකි.

Read More

MAS Fabric Park ආයතනය විසින් මෙවර පොසොන් පොහෝ දිනය නිමිති කර ගනිමින් පවත්වන ලද “අයිස් ක්‍රීම්“ දන්සල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් MAS Fabric Park පිවිසුම අසලදී පැවැත්විණි. මේ එම විශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළයි.

Read More

පොසොන් පොහොය නිමිති කරගනිමින් කඩල, බිස්කට් හා බෙලිමල් සමග හකුරු දන්සලක් BOI පරිශ්‍ර පිවිසුම ඉදිරිපිටදී  MAS KREEDA METHLIYA ආයතනය විසින් පසුගියදා සංවිධානය කරන ලදි. එම ස්ථානයෙහි විශාල ආකර්ණීෂය මිහින්තලා අනුරුවක් නිර්මාණය කර තිබීම කාගේත් සිත්ගන්නාසුලු දර්ශනයක් විය. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්.

Read More

මහියංගනයේ රත්නඇල්ල පරිසර ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා දැනුවත්කිරීමේ පුවරු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් MAS KREEDA SHADELINE විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදි. මහියංගනය ප්‍රදේශයේ වඩාත්ම ආකර්ෂණීය ස්වභාවික රක්ෂිත වනාන්තර ප්‍රදේශය වන රත්නඇල්ල, ශ්‍රී ලංකාවේ පරිසර උරුමයේ සහ ස්වභාවික සුන්දරත්වයේ විශිෂ්ට සාක්ෂියකි. අලංකාර දිය දහරා සහ හරිත පැහැති වටපිටාවෙන් ගැවසුණු මෙම ස්ථානය දිගු කාලයක සිට පරිසර හිතකාමීන්ගේ සහ සංස්කෘතික ගවේෂකයන්ගේ සුන්දර ගමනාන්තයක් වෙයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රත්නඇල්ලේ පරිසර වැදගත්කම සහ සෞන්දර්යාත්මක වටිනාකම පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමයි. මෙමගින් දේශීය හා විදේශීය සංචාරකයින් අතර එහි ස්වාභාවික සුන්දරත්වය පිළිබඳ ඇල්ම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. හුන්නස්ගිරිය කලාප වන අධිකාරිය සහ හසලක සංචාර මාර්ග නියෝජිත…

Read More