පරිසර සංරක්ෂණයට ගත් වැදගත් පියවරක් ලෙස, MAS Kreeda Shadeline ආයතනය මහවැලි අධිකාරියේ මහියංගණ ප්‍රාදේශීය කාර්යාලය සමඟ එක්ව, රක්ෂිත ප්‍රදේශවල පාරිසරික සමතුලිතතාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි. මෙම උත්සාහයේ පියවරක් ලෙස, ව්‍යාපෘති කණ්ඩායම විසින් ආක්‍රමණශීලී ශාක විශේෂයක් වන ටර්පන්ටයින් ගස් වෙනුවට විවිධ වූ දේශීය ශාක රෝපණය කරමින්, කලාපයේ ස්වභාවික ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි. මෙම පාරිසරික ප්‍රතිෂ්ඨාපන වැඩසටහනේ පළමු අදියර ලෙස, MAS Kreeda Shadeline ආයතනය විසින් කුඹුක් ගස් 400ක්, මී සහ දොඹගස් 150ක්, කළුවර ගස් 30ක්, සහ කරඳ ගස් 20ක් පරිත්‍යාග කරන ලදි. මෙම වගාවන් හරහා ශ්‍රී ලංකාවේ සංරක්ෂිත ප්‍රදේශවල…
Author: Diyani Editors
UNFPA ශ්‍රී ලංකා ආයතනයේ සහයෝගය ඇතිව ඇඟලුම් අංශයේ කාන්තාවන් සඳහා ගොඩනගන ලද ප්‍රථම සුවතා මධ්‍යස්ථානය, UNFPA ශ්‍රී ලංකා හි නව වැඩබලන නිලධාරී පුන්ත්ෂෝ වංග්යෙල් (Phuntsho Wangyel) මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී පසුගියදා විවෘත කරන ලදි. මෙම ව්‍යාපෘතිය UNFPA ශ්‍රී ලංකා, MAS Holdings, ජපාන රජය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය එකමුතුවෙන් මෙහෙය වන ලදි. මෙරට ප්‍රධාන පෙළේ කර්මාන්ත ක්ෂේත්‍රයක් වන ඇඟලුම් ක්ෂේත්‍රය බලගන්වන ශ්‍රම බලකායට ගෞරවය මෙන්ම සෞඛ්‍යය සහ අවස්ථා ලබා දීම මෙහි මූලික අරමුණයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන 350,000 කට අධික ජනතාවගෙන් බහුතරය කාන්තාවන් වේ. මෙම මධ්‍යස්ථානය ඔවුන්ට ආරක්ෂාව හා සහයෝගය ලබා දෙමින්, මානසික සෞඛ්‍යය, ප්‍රජනක සෞඛ්‍යය, හිරිහැර සහ ප්‍රචණ්ඩත්වය වැනි…
කාන්තා රෝග නිවාරණය සහ යහපැවැත්ම වෙනුවෙන් MAS Kreeda Balangoda ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සෞඛ්‍ය සහ සුවතා වැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. එහි මූලික අරමුණ වූයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, අනාගතයේ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු කල් ඇතිව හඳුනා ගැනීම සහ නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳ අධ්‍යාපනය ලබා දීමයි. මෙම සායනයේදී Pap smears, mammograms, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ආදී පරීක්ෂණ රැසක් සිදුකර ගැනීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. එම සුවිශේෂී අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහළින්.
රන්දික ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් MAS කණ්ඩායම 2025 වෙළඳ සේවා බැඩ්මින්ටන් තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වන්නට සමත් වුණා. එහිදී MAS A කණ්ඩායම Grand Slam ශූරතාව සහ සමස්ත ශූරතාව දිනාගත් අතර B කණ්ඩායම Bowl ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගත්තා.
MAS Fabrics Intimo ආයතනයේ සමාජික සාමාජිකාවන් සඳහා WGB මඟින් සංවිධානය කරන ලද ත්‍රයි මාසික ඉංග්‍රීසි පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදි. එම පාඨමාලාව සාර්සථකව සම්පූර්ණ කළ සාමාජිකයින් සඳහා එහිදී සහතික ප්‍රදානය කිරීම සුවිශේෂ සිදුවීමක් විය.
2025 ශ්‍රී ලංකා වෙළඳ සේවා මේස පන්දු ශූරතාව දිනා ගැනීමට MAS කණ්ඩායම සමත් වුණා. දිරියෙන් තරග කර ජයගත් ඔවුන් සියලුදෙනාට අපගේ සුබ පැතුම්! තරගාවලියේ විශේෂ අවස්ථාවන්හි ජායාරූප පහතින්.
සෞඛ්‍යය, දැනුවත්භාවය සහ එකමුතුකම පදනම් කරගත් විශේෂ වැඩසටහනක් ලෙස, සේවා නියුක්තිකයින්ගේ දෙමාපියන් උදෙසා අර්ථවත් ‘පවුලේ දිනයක්’ සංවිධානය කරන්නට MAS Intimates Vidiyal ආයතනය පසුගියදා සමත් විය. මෙම වැඩසටහනට නොමිලේ පැවැත්වූ වෛද්‍ය සායන මෙන්ම, ‘ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය’ සහ ‘ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම්’ පිළිබඳව පැවැත්වූ ඉතා වැදගත් දැනුවත් කිරීමේ සැසි කිහිපයක්ම ඇතුළත් විය. සුරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ දැනුවත් ප්‍රජාවක් ගොඩනැගීම උදෙසා තැබූ ශක්තිමත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි අතර සේවා නියුක්තිකයින් සහ ඔවුන්ගේ පවුල් පරිසරයන්හි සාධනීය වෙනසක් ඇති කිරීමට මෙමගින් උත්සාහ ගෙන තිබිණි.
මව්වරුන් වෙනුවෙන් ශක්තිමත්, නිරෝගී ජීවිතයක් උදාකරදීමේ අරමුණ පෙරදැරිව WGB සංවිධානය කරන ලද ප්‍රසව විෂාදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන හා “සුවනාරි” සායනය MAS Fabrics Intimo ආයතනයේදී පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.
MAS KREEDA Shadeline ආයතනය විසින් රිදීමාලියද්ද වෛද්‍ය සෞඛ්‍ය කාර්යාලය සමඟින් එක්ව සුවනාරි නමින් පියයුරු පිළිකා පූර්වාරක්ෂාව සඳහා දැනුවත් කිරීමේ සැසියක් පසුගියදා පවත්වන ලදි. මේ එහි විශේෂ අවස්ථාවන්හි ජායාරූප කිහිපයකි.
සිනහවෙන්, සතුටෙන් සහ අමතක නොවන මතකයන්ගෙන් පිරී ඉතිරී ගිය “Methliya Family Day” 2025 පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. කාටූන් චරිත විසින් කුඩා දරුවන්ට චොක්ලට් ලබාදෙමින් ඔවුන්ව ආදරයෙන් පිළිගනිමින් උදෑසන වැඩසටහන ආරම්භ විය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළු ප්‍රියන්ත සෙනවිරත්න මහතා විසින් මෙහෙයවන ලද විනෝද ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් රැසක් පැවැත්විණි. Bouncing houses, දුම්රිය සවාරි, මුහුණු පින්තාරු කිරීම් මෙන්ම රසවත් ආහාරවලින් සමන්විත ආහාර කුටි හේතුවෙන් පැමිණි සිටි සැමට විනෝද වීමට අවස්ථාවක් විය. සෑම අමුත්තෙකුටම රාත්‍රී ආහාරය, කෙටි කෑම සහ බීම වර්ග පිරිනැමීම විශේෂත්වයකි. සන්ධ්‍යාව නිමා වූයේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මියුරු සංගීත ප්‍රසංගයත් සමඟිනි. එය, ප්‍රීතියෙන් සහ එකමුතුකමෙන් පිරුණු සුන්දර…