Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, සැප්තැම්බර් 2
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»ආපදා තත්ත්වයට එක්ව මුහුණදෙමු – MAS ප්‍රධාන විධායක නිලධාරීගෙන් ඔබට පණිවුඩයක්
    Featured

    ආපදා තත්ත්වයට එක්ව මුහුණදෙමු – MAS ප්‍රධාන විධායක නිලධාරීගෙන් ඔබට පණිවුඩයක්

    Diyani EditorsBy Diyani Editorsදෙසැම්බර් 3, 2025ප්‍රතිචාර නොමැත2 Mins Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    ආදරණීය MAS සාමාජික සාමාජිකාවන් වෙත,

    “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් පසුගියදා මුහුණදීමට සිදුවූ ආපදා තත්ත්වයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක ජනතාවට විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය. එහිදී විශාල පිරිසක් අවතැන් වූ අතර තවත් පිරිසක් ජීවිතක්ෂයට පත්වීම දැඩි වේදනාකාරී සිදුවීමක් විය. මේ මොහොතේදී එලෙස මිය ගිය හා විපතට පත් සියලු දෙනා වෙනුවෙන් අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු.

    ආපදාවට ලක් වූ පිරිස අතර MAS සාමාජික සාමාජිකාවන් රැසක්ද සිටින අතර ඔවුන් පිළිබඳ සොයාබලා කළ හැකි සියලු දේ කරන්නට අප මේ වන විටත් කටයුතු කරමින් සිටිමු. මෙම තත්ත්වය හේතුවෙන් MAS සාමාජික සාමාජිකාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වීම අපගේ හදවත් කම්පනය කරන කරුණක් විය. එම පවුල්වල ඥාතීන්ටද මේ මොහොතේ අපගේ සංවේගය පළකර සිටින්නේ විශාල වේදනාවකින් යුතුවයි. එමෙන්ම මෙම අවස්ථාවේ MAS සාමාජික සාමාජිකයින් 1400කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පවා සිදුවී ඇත. තවද ඔවුන්ගේ නිවාස 800කට අධික ප්‍රමාණයකට හානි සිදුවී ඇත. සැබවින්ම මෙය දැඩි කණගාටුදායක අවස්ථාවක් වන අතර ඔවුන් වෙනුවෙන් ඉදිරියටත් කළ හැකි සෑම දේ සිදුකිරීමට අප ඉදිරිපත් වන බව මේ මොහොතේ සඳහන් කර සිටිමු. ඒ වෙනුවෙන් අප සෑම විටම ඉතා කැපවීමෙන් කටයුතු කරමු. ඔබට ඇති ඕනෑම ගැටලුවක් පිළිබඳ අපගේ මානව සම්පත් අංශය සමඟ සම්බන්ධවී සාකාච්ඡා කිරීමටද අප මේ වනවිටත් අවස්ථාව සලසා දී ඇත.

    ගංවතුර හා නායයෑම් හේතුවෙන්, අපගේ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට සිදුවූ අතර අපගේ නිෂ්පාදන මෙහෙයුම්වලටද විවිධ බාධා එල්ල විය. එහෙත් එම මොහොතෙහි දැයේ ආර්ථිකයේ ස්ථාවරත්වය රැකගැනීමට මෙන්ම ආයතනය ගැනද සුවිශේෂ හැඟීමෙන් ඔබ කටයුතු කළ අයුරු කිසිදා අමතක කළ හැකි නොවේ. දින කිහිපයක් තුළ නැවත සේවයට පැමිණ කර්මාන්ත ශාලා විවෘත කර පවත්වාගෙන යාමට ඔබ දැක්වූ ඒ විශිෂ්ට දායකත්වය මේ මොහොතේ අප සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙනි.

    මෙය ඉතා දුෂ්කර මොහොතක් වුවත් අප සිතින් ශක්තිමත්ව සිටිය යුතු වේ. නොවැටී සිටින්නට අවශ්‍ය මානසික ශක්තිය ඔබ සතු බව මට හොඳින් විශ්වාසයි. හැකි සෑම මොහොතකම ඔබට ශක්තියක් වන්නට අපි ඔබේ ළඟින් නිරන්තරයෙන් සිටින්නෙමු. අභියෝග ඉදිරියේ එකම කණ්ඩායමක් සේ එකමුතුව කටයුතු කරමු. අපි දිරියෙන් ඉදිරියට යමු.

    සුරේන් ප්‍රනාන්දු
    ප්‍රධාන විධායක නිලධාරී – MAS Holdings

     

     

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.