කිළිනොච්චියේ MAS Intimates Vidiyal ආයතනය විසින් යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය, කරච්චි ප්‍රාදේශීය සභාව හා ලේ බැංකුව සමඟ එක්ව සමාජයේ ජීවිත රැකගැනීමට සහාය වීමේ අරමුණ ඇතිව සිය කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ලේ දන්දීම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. සේවා නියුක්තිකයින් මෙන්ම බාහිර පුද්ගලයින්ද සිය සමාජ යුතුකම පිළිබඳ කැපවීම පෙන්වමින් මෙම වැඩසටහන සඳහා මහත් උනන්දුවකින් සහභාගී විය. කිලිනොච්චි ලේ බැංකුවේ සහතික කළ වෛද්‍ය වෘත්තිකයින්ගේ උපදෙස් යටතේ මෙම වැඩසටහන පැවැත්විණි. සිදුකරන ලද කැපවීමට ඇගයීමක් වශයෙන් සියලුම දායකයින්ට ස්තූති සටහනක් සමඟ පැළයක් තෑගි වශයෙන් ලබාදීම සුවිශේෂ සිදුවීමක් විය. MAS Intimates Vidiyal ආයතනය රැකවරණය සහ තිරසාරභාවය පිළිබඳ සංස්කෘතියක් ගොඩනැඟීම වෙනුවෙන් සිදුකරන ලද මෙම සමාජ…
Author: Diyani Editors
ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් MAS Active Asialine ආයතනය විසින් හෙට ලොව දිනන දරුවන් සමග එක්ව “Greeny Future” තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් ඉතා සාර්ථකතව දියත් කරන ලදි. මේ එහි ඡායාරූප පෙළයි.
MAS Fabric Park සංවිධාන දායකත්වයෙන් පොසොන් පොහෝ දිනය නිමිති කොට පැවැත්වූ පොසොන් කූඩු නිර්මාණ ප්‍රදර්ශනය සහ බැති ගී සරණීය වැඩසටහන MAS Fabric Park ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පොසොන් පොහෝ දින සිට පුරා දින තුනක් පුරා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථාවන්හි ඡායාරූප පෙළයි.
පොසොන් පොහොය නිමිති කරගෙන MAS KREEDA SHADELINE ආයතනය විසින් අටවන වරටත් සංවිධානය කරන ලද බත් දන්සල මෙවරත් ආයතන පරිශ්‍රයේදි අති සාර්ථක අන්දමින් පවත්වනු ලැබිණි. .
මෙවර පොසොන් පොහොය වෙනුවෙන් Linea Aqua ආයතනය විසින් සංවිධානය කරන ලද බැති ගී සරණිය විශේෂ වැඩසටහන සියලු දෙනාගේ සහභාගීත්වය සහිතව පසුගියදා සාර්ථකව පැවැත්විණි. එයට අමතරව ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ දරුදැරියන් වෙනුවෙන් පොසොන් පොහොය තේමා කර ගනිමින් චිත්‍ර තරගයක් හා පොසොන් ආශිර්වාද පූජා වැඩසටහනක් පැවැත්වීමද විශේෂත්වයකි.
MAS Fabric Park ආයතනය විසින් මෙවර පොසොන් පොහෝ දිනය නිමිති කර ගනිමින් පවත්වන ලද “අයිස් ක්‍රීම්“ දන්සල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් MAS Fabric Park පිවිසුම අසලදී පැවැත්විණි. මේ එම විශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළයි.
පොසොන් පොහොය නිමිති කරගනිමින් කඩල, බිස්කට් හා බෙලිමල් සමග හකුරු දන්සලක් BOI පරිශ්‍ර පිවිසුම ඉදිරිපිටදී MAS KREEDA METHLIYA ආයතනය විසින් පසුගියදා සංවිධානය කරන ලදි. එම ස්ථානයෙහි විශාල ආකර්ණීෂය මිහින්තලා අනුරුවක් නිර්මාණය කර තිබීම කාගේත් සිත්ගන්නාසුලු දර්ශනයක් විය. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්.
මහියංගනයේ රත්නඇල්ල පරිසර ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා දැනුවත්කිරීමේ පුවරු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් MAS KREEDA SHADELINE විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදි. මහියංගනය ප්‍රදේශයේ වඩාත්ම ආකර්ෂණීය ස්වභාවික රක්ෂිත වනාන්තර ප්‍රදේශය වන රත්නඇල්ල, ශ්‍රී ලංකාවේ පරිසර උරුමයේ සහ ස්වභාවික සුන්දරත්වයේ විශිෂ්ට සාක්ෂියකි. අලංකාර දිය දහරා සහ හරිත පැහැති වටපිටාවෙන් ගැවසුණු මෙම ස්ථානය දිගු කාලයක සිට පරිසර හිතකාමීන්ගේ සහ සංස්කෘතික ගවේෂකයන්ගේ සුන්දර ගමනාන්තයක් වෙයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රත්නඇල්ලේ පරිසර වැදගත්කම සහ සෞන්දර්යාත්මක වටිනාකම පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමයි. මෙමගින් දේශීය හා විදේශීය සංචාරකයින් අතර එහි ස්වාභාවික සුන්දරත්වය පිළිබඳ ඇල්ම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. හුන්නස්ගිරිය කලාප වන අධිකාරිය සහ හසලක සංචාර මාර්ග නියෝජිත…
ජාතික තත්ත්ව හා ඵලදායිතා සමුළුව (NCQP) මැයි මස 21 සහ 22 යන දිනයන්හි ගල්කිස්ස Mount Lavinia හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී අඛණ්ඩව 7 වැනි වරටත් වැඩිම සම්මානලාභියා බවට පත් විමට MAS Holdings සමත් විය. ඒ විශිෂ්ට සම්මාන 212 හිමිකර ගනිමිනි. මෙම සුවිශේෂ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූයේ සමූහ ක්‍රියාවලි විශිෂ්ටතා අධ්‍යක්ෂක සමන්ත සෙනවිරත්න මහතායි. මේ සඳහා ආයතන 70 කින් කණ්ඩායම් 440 ක් සහභාගී විය. ඒ අතරින් MAS Holdings හි කණ්ඩායම් සාමාජිකයාගේ සිට කළමනාකරණ ශ්‍රේණි දක්වා කණ්ඩායම් 212 ක් සහභාගී වී රන් සම්මාන 165 ක්, රිදී සම්මාන 41 ක්, ලෝහ සම්මාන 5 ක් හා හොඳම Kaizen සම්මානයක් 1 ක් දිනා…
කිලෝග්‍රෑම් 4,000කට අධික පරිසරයට හානිකර අපද්‍රව්‍ය ඉවත් කිරීම මිනිස් පැය 7,000+ ක් – ස්වේච්ඡා සේවකයින් 400+ ක් – බොඩිලයින් කණ්ඩායමේ තවත් විශිෂ්ට මෙහෙවරක් බොඩිලයින් 02 කණ්ඩායම විසින් ශ්‍රී පාද වන්දනා සමය අවසානයත් සමඟ ශ්‍රී පාද කන්දේ පූජනීය සුන්දරත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් විශේෂ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා බොඩිලයින් 02 කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා හමුදාව, විශේෂ කාර්ය බලකාය, රතු කුරුස සංවිධානය සහ මනුසත් දෙරණ ඇතුළු ස්වේච්ඡා සමාජිකයින් 400කට අධික සංඛ්‍යාවක් එක්වීම කැපීපෙනෙන සිදුවීමක් විය. එහිදී කිලෝග්‍රෑම් 4,000කට අධික පරිසරයට හානිකර අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මිනිස් පැය 7,000+ක් කැප කර තිබීම විශේෂත්වයකි. මෙය පිරිසිදු කිරීමේ වැඩසටහනකට එහා යමින්…