2018 වසරේදී MAS Intimates තුරුලිය ආයතනයේ පරීක්ෂකවරියක් (Checker) ලෙස උපේක්ෂා මධුමාලි පෙරේරා ඇඟලුම් කර්මාන්තයට පිවිසෙන්නේ කර්මාන්තය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොමැතිවය. එහෙත් දිනෙන් දින ඒ තුළින් අත්දැකීම් ලැබූ ඇය සාර්ථකත්වයේ මාවත ඉගෙනීම බව අවබෝධ කර ගැනීමට සමත් වූවාය. එතැන් සිට ඇය රැකියාව තුළින් බොහෝ දේ ඉගෙන ගනිමින් රැකියාව තුළින්ම ඉදිරියට එන්නට සමත් වූයේ 2024 වසර වන විට වැඩබලන නිෂ්පාදන විධායකවරියක් (Acting Value Stream Executive) බවට පත් වෙමිනි. එහිදී නිෂ්පාදන පේළි 6කට නායකත්වය දෙමින් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් තමන්ගේ කැපවීමේ හා අධිෂ්ඨානයේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සමත් විය.අන් නායකයින් මෙන් ඈත සිට අණ දීමට කටයුතු නොකළ ඇය තමන්ගේ කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරමින් අවවාදයට…
Author: Diyani Editors
MAS Intimates Vidiyal සිය විශිෂ්ට ගමන් මගෙහි 13 වන සංවත්සරය පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සමරන ලදි. මෙම සුවිශේෂ අවස්ථාව සඳහා MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාද සහභාගී වූ අතර එම විශේෂ අවස්ථාවෙහි ඡායාරූප පෙළක් පහතින් වේ.
MAS “කාන්තාවන් පෙරමුණටම” වැඩසටහන මගින් පවත්වන “අභිමානී 2023” වසරේ සවිබල ගැන්වූ කාන්තාව සම්මාන උළෙලේ ජයග්‍රාහී කාන්තාවන්ගේ දිරිය කතා පෙළෙහි පළමු කොටස පහත Link එක වෙත පිවිස කියවන්න. අභිමානී 2023 දිරිය කතාවන් – 01
MAS “කාන්තාවන් පෙරමුණටම” වැඩසටහන මඟින් පවත්වන ලද “අභිමානී 2023” උළෙලේ ජයග්‍රාහිකාවන් වූ MAS කණ්ඩායම් සාමාජිකාවන් වෙනුවෙන් මාළඹේ SLIIT විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද ඉංග්‍රීසි පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් විය. මාස 5ක් පුරා පැවති මෙම පාඨමාලාව අවසානයේ හොඳම කථිකයා තේරීමේ තරගයක් පැවැත්වුණු අතර එමගින් කණ්ඩායම් සාමාජිකාවන්ට විශ්වාසයෙන් යුතු කථිකයන් වීමට අවශ්‍ය පුහුණුව නොඅඩුව හිමිවිය. එහිදී තරගකාරිනියන් 43 දෙනෙක් අතරින් කැපවීමෙන් හා හැකියාවන් යුත් තරගකාරිනියන් 06 දෙනෙක් අවසාන වටයට තේරීපත්වූ අතර ඉන් හොඳම කථිකයා ලෙස Linea Aqua ආයතනයේ අංජලිකා කුමාරි සම්මානයට පාත්‍ර විය. පිළිවෙළින් දෙවැනි හා තුන්වෙනි ස්ථාන MAS Matrix හි නිෂාරා මධුෂානි හා MAS Active Linea Intimo හි හංසනි එරන්දි දිනාගැනීමට…
2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් දැයට කීර්තියක් ගෙන දුන් රිදී පදක්කම්ලාභී, කණ්ඩායම් නායක සමිත දුලාන් ඇතුළු ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට උපහාර දැක්වීමේ උළෙලක් MAS හෝල්ඩින්ස් විසින් මෑතකදී සංවිධනය කරන ලදි. එහිදී අධිෂ්ඨානයෙන් ඉදිරියට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට ගෞරව සම්මාන පිරිනැමීමද සිදුවිය. 2024 පැරිස් පැරාලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කළ MAS, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීමට ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු සිටියි.
2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලැබීමට MAS Holdings සමත් විය. සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.02.07 දින කොළඹ BMICH හිදී පැවැත්විණි. මෙම සම්මාන සඳහා සැබවින්ම ශක්තියක් වූ MAS සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් MAS JCC නායිකාවක් විසින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සම්මාන ලබා ගත් අවස්ථාවේ ඡායාරූපය ඇතුළු අනෙකුත් සම්මාන ලබාගත් ඡායාරූප මෙහි ඇතුළත් වේ. වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානයට අමතරව වසරේ විශිෂ්තම ශුද්ධ විදේශ විනිමය උපයන්නා, නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා විශිෂ්ටතම අපනයනකරු, අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා දැක්වූ විශිෂ්ට දායකත්වය, අපනයන සැපයුම් දාමයට කලාපවලින්…
නව වසරේ නව පාසල් වාරය පසුගියදා ආරම්භ විය. දැයේ දරුවන්ගේ හෙටදවස ගැන හිතන Bodyline ආයතනය විසින් ඒ වෙනුවෙන් “අකුර” නමින් සුවිශේෂි වැඩසටහනක් සංවිධානය කරන ලදි. ඒ ආයතනයේ සේවා නියුක්තිකයින්ගේ සහ තෙවන පාර්ශවීය කාර්ය මණ්ඩලයේ පළමු ශ්‍රේණියේ ඉගනුම ලබන දරුවන්ට පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීම සඳහා කටයුතු කරමිනි. සියලුම Bodyline සේවා නියුක්තිනයින්ගේ සාමූහික උත්සාහයක ප්‍රථිපලයක් ලෙසින් මෙම මහඟු කාර්යය සාර්ථක කරගැනීමට හැකියාව ලැබිණි. මේ සඳහා ආයතනයේ සෑම අංශයක්ම අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘති සංවිධානය කළ අතර එහි ප්‍රතිඵලය සැබවින්ම විශිෂ්ට විය. උත්කර්ෂවත්ව පැවැත්වුණු “අකුර” වැඩසටහන මඟින් දරුවන්ගේ සතුට හා සිනහව දැකගැනීමට ලැබීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. මේ සඳහා සහභාගී වූ දරුවන්…
2025 නව වසර වෙනුවෙන් ඔබට සුබ පතමින් දිරිය දෙන MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ පණිවුඩය https://www.youtube.com/watch?v=QJ1FWdCRgSI
පසුගියදා MAS Kreeda Shadeline ආයතනයට වසර 30ක් සපිරුණා. වසර 30ක් තිස්සේ ඉතා සාර්ථක ගමනක් පැමිණි Shadeline ආයතනයේ අදවන විට 3,600ට අධික සාමාජික සාමාජිකාවන් පිරිසක් සේවයේ නිරත වෙනවා. Shadeline මේ ආ ගමනේදී සිය සමාජ වගකීම්ද කිසිවිටෙකත් අමතක කළේ නෑ. විවිධ ක්‍රියාකාරකම් හරහා සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන්නට Shadeline සමත් වුණා. නීරෝගී හෙට දවස වෙනුවෙන් රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම හා මතුපරපුරේ යහපත වෙනුවෙන් පාසල්ප් රතිසංස්කරණය කිරීම ඒ අතර ප්‍රධාන වේ.