MAS KREEDA Shadeline ආයතනය විසින් රිදීමාලියද්ද වෛද්‍ය සෞඛ්‍ය කාර්යාලය සමඟින් එක්ව සුවනාරි නමින් පියයුරු පිළිකා පූර්වාරක්ෂාව සඳහා දැනුවත් කිරීමේ සැසියක් පසුගියදා පවත්වන ලදි. මේ එහි විශේෂ අවස්ථාවන්හි ජායාරූප කිහිපයකි.
Author: Diyani Editors
සිනහවෙන්, සතුටෙන් සහ අමතක නොවන මතකයන්ගෙන් පිරී ඉතිරී ගිය “Methliya Family Day” 2025 පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. කාටූන් චරිත විසින් කුඩා දරුවන්ට චොක්ලට් ලබාදෙමින් ඔවුන්ව ආදරයෙන් පිළිගනිමින් උදෑසන වැඩසටහන ආරම්භ විය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළු ප්‍රියන්ත සෙනවිරත්න මහතා විසින් මෙහෙයවන ලද විනෝද ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් රැසක් පැවැත්විණි. Bouncing houses, දුම්රිය සවාරි, මුහුණු පින්තාරු කිරීම් මෙන්ම රසවත් ආහාරවලින් සමන්විත ආහාර කුටි හේතුවෙන් පැමිණි සිටි සැමට විනෝද වීමට අවස්ථාවක් විය. සෑම අමුත්තෙකුටම රාත්‍රී ආහාරය, කෙටි කෑම සහ බීම වර්ග පිරිනැමීම විශේෂත්වයකි. සන්ධ්‍යාව නිමා වූයේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මියුරු සංගීත ප්‍රසංගයත් සමඟිනි. එය, ප්‍රීතියෙන් සහ එකමුතුකමෙන් පිරුණු සුන්දර…
MAS Active Asialine හි සේවය කරන සාමාජික සාමාජිකාවන්ගේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුදැරියන් සඳහා සම්මන්ත්‍රණයක් එම ආයතනය විසින් සංවිධානය කරන ලදි. එම සුවිශේෂ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත කථිකයන් ලෙස නිරෝෂන් ජයසිංහ මහතා සහ සෙව්වන්දි අබේකෝන් මහත්මිය සහභාගී විය. මෙම වැඩසටහන සඳහා මහත් උද්‍යෝගයෙන් දරුදැරියන් 235 සහභාගී වීම විශේෂත්වයකි.
MAS Active Contourline කණ්ඩායමේ සුවිශේෂී ජයග්‍රහණයන් සමරමින්, The Pinnacle සම්මාන උළෙල 2025 පසුගියදා පැවැත්විණි. එහිදී සිය වෘත්තීය කාර්යයන්හි සීමාවෙන් ඔබ්බට ගිය සුවිශේෂී පුද්ගලයින් ඇගයීමට ලක් විය. The Change Maker, The Knowledge Sculptor, The Connector, KPI Master, The Problem Solver, The Most Popular, The Unsung Hero, සහ 5S Excellence යන සම්මාන ඔවුන් වෙත පිරිනැමීම එහිදී සිදුකෙරිණි. MAS Active හි ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි. “The Pinnacle සම්මාන උළෙල 2025 හුදෙක් සම්මාන ප්‍රදානයකට වඩා, ආයතනික සංස්කෘතිය, මූලික සාරධර්ම හා සාර්ථකත්වයට බලය සපයන සුවිශේෂී දක්ෂතා දැක්වෙන කැඩපතකි.”
ප්‍රජා සවිබලගැන්වීම සහ පාරිසරික තිරසාරත්වය සඳහා වූ අපගේ අඛණ්ඩ කැපවීමේ තවත් පියවරක් ලෙස, තුල්හිරිය ධර්මසිරි සේනානායක මහා විද්‍යාලය සහ කෑගල්ල රතු කුරුස සංගමය සමඟ එක්ව බහුවිධ සමාජ සත්කාරක වැඩසටහනක් MAS Fabrics Intimo ආයතනය විසින් පසුගියදා සංවිධනය කරන ලදි. සුරක්ෂිතභාවය, සෞඛ්‍ය දැනුවත්භාවය මෙන්ම මානසික හා ශාරීරික යහපැවැත්ම යන අංශ කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කර තිබිණි. සමාජ වගකීම, තිරසාර සංවර්ධනය සහ යෞවන සවිබලගැන්වීම යන මූලික සාරධර්ම මෙහිදී පිළිඹිඹු විය. මෙම වැඩසටහන් මාලාවට දෙදින ප්‍රථමාධාර පුහුණුවක්, මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ සැසියක් හා ආරක්ෂණ අධ්‍යාපන සැසියක් ආදී වැඩසටහන් රැසක් ඇතුළත් විය. රතු කුරුස සංගමයේ හවුල්කාරිත්වය ඇතිව සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වූ දෙදින…
2025 වසරේ දෙවන වරටත් 304 දෙනෙකුගේ සහභාගීත්ව සහිතව සෞඛ්‍ය කඳවුරක් සංවිධානය කරන්නට MAS Fabrics Intimo ආයතනය කටයුතු කරන ලදි. මෙමගින් ආයතනයේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගැනීම සඳහා අනගි අවස්ථාවක් උදාවිය. එහිදී BMI පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරික්ෂාව, ගැබ්ගෙල පිලිකා හා පියයුරු පිලිකා පරීක්ෂණ ඇතුළත් සුවනාරි සායනය මෙන්ම නොමිලයේ වෛද්‍ය උපදෙස්ද ලබාදෙන ලදි. බොහෝ දෙනෙකුට තම කාර්යබහුල දෛනික චර්යාවන් හේතුවෙන් තම මූලික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අවස්ථාවක් නොලැබී යයි. ‘Women Go Beyond’ යටතේ, සෞඛ්‍ය දැනුවත්භාවය දිරිගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුයේ එබැවිනි.
MAS Kreeda Methliya ආයතනය විසින් ‘සමරසිංහ විෂන් ඔප්ටිකල්ස්’ ආයතනය සමඟ සහයෝගයෙන් අක්ෂි සායනයක් සිය ආයතන පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදි. සේවක සුභසාධනය සහ සමාජ තිරසාරත්වය සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මෙමඟින් නොමිලේ ඇස් පරීක්ෂාවන්, උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී වට්ටම්, දෘෂ්ටි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා වූ අමතර සුවතා ප්‍රතිලාභ රැසක් හිමිවීම විශේෂත්වයකි.
MAS KREEDA බලංගොඩ ආයතනයට නව බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම හා ඇසළ පොහොය වෙනුවෙන් සංවිධානය කළ මහා ඉඹුල් කිරිබත් දන්සල
Linea Aqua නයිවල ආයතනයේ JCC කණ්ඩායම් සාමාජිකයින් ඇතුළු සියලු සේවා නියුක්තිකයන්ගේ සහයෝගය ඇතිව ගැබිණි මව්වරුන් වෙනුවෙන් තෑගි පාර්සල් හා දැනුම බෙදාදීමේ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පසුගියදා පැවැත්විණි. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පහතින්.
PULSE නායකත්ව වර්ධන වැඩසටහන MAS KREEDA පුරා ශක්තිමත් බලපෑමක් ඇති කරමින් ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන කණ්ඩායම් නායකයන්ට (Team Leaders) ඔවුන්ගේ රැකියා භූමිකාවන්හි සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය විශ්වාසය, කුසලතා සහ මානසික ධෛර්යය නොඅඩුව සපයන ලදි. සියලුම දේශීය KREEDA කර්මාන්තශාලා හරහා මෙම වැඩසටහන දියත් වූ අතර එහිදී කණ්ඩායම් නායකයන් 240 දෙනෙකු අඛණ්ඩ දින 21 ක විශිෂ්ට ඉගෙනුම් ගමනක් සම්පූර්ණ කර උපාධිපතියන් බවට පත්වූහ. වැඩසටහන විශේෂයෙන් අවධානය යොමුකර තිබුණේ තාක්ෂණික සහ නායකත්ව සුදුසුකම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙය කාලීන ව්‍යාපෘති, පුහුණු සැසි සහ නිරීක්ෂණ සංචාර හරහා සිදු කෙරිණි. සියලුම කටයුතු විෂය පිළිබඳ ප්‍රවීණයන් සහ විවිධ කර්මාන්තශාලා නායකත්ව කණ්ඩායම් මගින් මෙහෙයවන ලදි.…