පෙකනි වැල මත ගත ඔතා කුස තුළක හිඳ නිද නිදා මලක් වාගේ හිතක් ඇති ඇය මලක් වැදුවා හඬ හඬා … මලක් මල්වර වී මෙදා හිනා පිරුණා එදිනෙදා ටිකක් හිත ගැස්සුනා තිස්සෙම බඹරු මල් පැණි බොන නිසා … අයනු ආයනු කිය කියා සිප්කිරට පණ දෙන නියා මාලහත ගෙල පළඳවාලා බරම ගමනක් ඇය ගියා … මුව කමල නිති පියකරු බැල්ම වැටුනම බියකරු තලා පෙලනට හසුව පහසුව හඬා වැටුණා පියයුරු. … ඇනුම් පදයෙන් නොම අඩු ගලක් වාගෙම හිත තිබු කන්ද වාගේ දරා ගත්තා ලොවෙන් ආමහ ගිනි දළු … විශ්වයට මහ විරිය විය නෙත් අතරටම සිරියමය බොර දියේ පිපි…
Author: Diyani Editors
දැලි ඉදුල් රෙදි කිලිටි වැරහැලි පිළිවෙලට පිරිසිදු කරන්………. හඩන දරුවන් ඇකයේ ඉද්දීම හිමි සදට බත සරි කරන් …… නොයෙක් දුක් කම්කොටළු විදිමින් රැය පුරා වට නිදි වරන්…… කෙසේ කීවත් – පිරිමි සවි නැත දුක් විදින ගැහැනිය තරම්……… වගකීම් – ඉටු කළයුතුයි වැඩ බිමට යුතුකම් හිත දරන් ……… සීතලට ඇස පියවුනත් හිත උණුසුමයි මැෂිමක් තරම්…….. පපුව පළලා – හද අරන් බැලුවොතින් – දුක් විදින තරම් සදනු හැකිනම් ලොවට මැෂිමක් සුමුදු මෘදු ගැහැනිය තරම්…….. නදීෂා දර්ශනී – සිලුඑටා ආයතනය
MAS Active මාමඩල ආයතනයේ සාමාජික සාමාජිකවන්ගේ හැකියාවට අත්වැලක් ලබා දි ව්‍යාපාර අවස්ථා නංවාලීම උදෙසා පළමු පියවර වශයෙන් ආයතනයේ සේවය කරන කේක් නිර්මාණය සදහා විශේෂ හැකියාවක් ඇති සාමාජිකාවක් විසින් මෙහෙයවන කේක් නිර්මාණ පුහුණු වැඩසටහනක් පසුගියදා ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදි.
MAS Active මාමඩල ආයතන පරිශ්‍රයේ පවතින සීමිත ඉඩකඩ යොදා ගනිමින් කාබනික ලෙස බඩ ඉරිගු වගා කිරීම එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණ අතර එහි අස්වැන්න ආයතනයේ සිටින ගර්භනී මව්වරුන් හට බෙදා දීම සුවිශේෂ සිදුවීමක් විය.
MAS Active – Sleekline ආයතනයේ සේවා නියුක්තිනයන් අගයමින් රන් කාසි ප්‍රදානය සඳහා පැවැත්වූ ස්ලීක් රන් පුරාවත උත්සවය සුවිශේෂ ආරාධිතයන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.
Silueta ආයතනයේ සාමාජික සාමාජිකාවන් විසින් යක්කල පීටර් වීරසේකර ළමා නිවාසය උදෙසා සමාජ සත්කාර වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදි. ළමා නිවාසය අලුත්වැඩියා කිරීම, තීන්ත ගෑම මෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහන් කිහිපයක්ද Silueta ආයතනය විසින් එහිදී සංවිධානය කරන ලදි.
MAS Active – Linea Intimo ආයතනය විසින් සමාජ සත්කාරයක් ලෙස පවත්වා ගෙන යනු ලබන “සිතුළ” පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගියදා පවත්වන ලදි. මේ එහි විශේෂ අවස්ථාවන්හි සේයාරූ පෙළකි.
කුරුණෑගල දිවි සරණ මධ්‍යස්ථානය සඳහා ගෘහ උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම MAS Fabrics – Methliya ආයතනයේ අනුග්‍රහයෙන් පසුගියදා සිදුකෙරිණි.
MAS Fabrics – Methliya ආයතනයේ දායකත්වයෙන් ගැබිණි මවුවරුන්ට අවශ්‍ය උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකරන ලදි
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ දිනයට සමගාමිව ඔවුන්ව අගය කිරීම සදහා වැඩසටහන් මාලාවක් MAS Linea Aqua නයිවල ආයතනයේදී දියත් කෙරුණු අතර ඒ අතරට ඔවුන්ගේම මව්පියන් ඇගයීමට විශේෂ වැඩසටහනක් පැවැත්වීම, ත්‍යාග ලබා දීම, ‘නිහඩ උද්‍යානය’ නම් බෝග වගා කිරීමේ ස්ථානයක් විවෘත කිරීම හා සුවිශේෂී ආහාර මල්ලක් ලබා දී රසවත් ආහාර වේලකින් සංග්‍රහ කිරීම ආදි වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.