කුරුණෑගල දිවි සරණ මධ්‍යස්ථානය සඳහා ගෘහ උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම MAS Fabrics – Methliya ආයතනයේ අනුග්‍රහයෙන් පසුගියදා සිදුකෙරිණි.
Author: Diyani Editors
MAS Fabrics – Methliya ආයතනයේ දායකත්වයෙන් ගැබිණි මවුවරුන්ට අවශ්‍ය උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකරන ලදි
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ දිනයට සමගාමිව ඔවුන්ව අගය කිරීම සදහා වැඩසටහන් මාලාවක් MAS Linea Aqua නයිවල ආයතනයේදී දියත් කෙරුණු අතර ඒ අතරට ඔවුන්ගේම මව්පියන් ඇගයීමට විශේෂ වැඩසටහනක් පැවැත්වීම, ත්‍යාග ලබා දීම, ‘නිහඩ උද්‍යානය’ නම් බෝග වගා කිරීමේ ස්ථානයක් විවෘත කිරීම හා සුවිශේෂී ආහාර මල්ලක් ලබා දී රසවත් ආහාර වේලකින් සංග්‍රහ කිරීම ආදි වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.
ස්වර්ණමාලී මහා සෑ රජුන් වෙනුවෙන් කරන ලද උතුම් කන්චුක පූජාව, Texo ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
MAS Ayathi බියගම ආයතනයේ දමිළ සාමාජික සාමාජිකාවන් හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් තෛපොංගල් දින සැරසිලි හා සැමරුම් උත්සවය ඉතා විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබිණි.
ජාතයන්තර කාන්තා දිනයට සමගාමීව සීතාවක අපනයන සැකසුම් කලාපයේ ආයතන එක්ව පවත්වන ලද නර්තන තරගාවලියේ සම්ප්‍රදායික නර්තන අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට MAS Kreeda Synergy නර්තන කණ්ඩායම සමත් විය.
MAS Kreeda Synergy සේවක නියෝජිත සභාවේ යෝජනාවකට අනුව සියලුම Synergy සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ප්‍රදානය කරන ලදි.
MAS Unichela කොග්ගල ආයතනයේ සාමාජික සාමාජිකාවන් විසින් කඩොලාන පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා කොග්ගල අවට පාසල් දරුවන් හා එක්ව කොග්ගල ගං මෝය ආශ්‍රිතව කඩොලාන සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
The Ceylon Chamber of Commerce ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ Best Corporate Citizen තරගාවලියේ හොඳම තිරසාරත්වය සඳහා වූ සම්මානය MAS Kreeda බලංගොඩ ආයතනය දිනා ගන්නා ලදි.
MAS ක්‍රියාත්මක කළ සිසු දිරිය ව්‍යාපෘතිය යටතේ ආයතනවල සේවය කරන සියලුම සාමාජික සාමාජිකාවන්ගේ පාසල් යන දරුවන්ට පාසල් පොත් කට්ටල ලබා දීම සිදුවිය. MAS Active – Asialine ආයතනයද එම ව්‍යාපෘතිය ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරමින් දරුවන්ට පොත් කට්ටල නිසි පරිදි බෙදා දුන් අතර ආයතනයේ සාමාජික සාමාජිකාවන් ඒ වෙනුවෙන් හද පිරි ස්තූතිය පුද කරන ලදි.