Author: Diyani Editors

සෞදි අරාබියේ පැවති සය වන ආසියානු අවු. 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් 8ක් දිනාගනිමින් මුළු ලොවක් ඉදිරියේ සිය විශිෂ්ටත්වය විදහා පෙන්වන්නට සමත්විය. ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් අටෙන් පහක්ම දිනාගැනීමට සමත් වූයේ MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ නැගී එන යොවුන් තරු වීම සුවිශේෂත්වයකි. ක්‍රීඩා ලොව දිදුලවන සිහිනය පසුපස හඹා යන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තියක් වූ MAS, ජයග්‍රහණය වෙනුවෙන් සැමට සුබපතන අතරම ඉදිරියටත් ඔවුන් වෙත දිරිය දෙන්නට බලාපොරොත්තුවෙන් සිටියි. ජයග්‍රාහකයින් – තරුෂි අභිෂේකා – රන් පදක්කම – කාන්තා අවු. 18 න් පහළ මීටර් 800 ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු – රිදී පදක්කම – කාන්තා අවු. 18 න් පහළ මීටර් 100 දිල්කි…

Read More

උදාවූ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබට සුබපතමින් දිරිය දෙන MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ අවුරුදු පණිවුඩය https://www.youtube.com/watch?v=vrr3hHB_CzE

Read More

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති මෙම අන්‍යෝනය තීරු බදු යනු කුමක්ද? කිසියම් රටක් සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වන වෙළඳ හිඟය ප්‍රතිශතයක් ලෙස ගණනය කර නව තීරුබදු පැනවීම සිදුකර ඇත. 2025 අප්‍රේල් 2 වන දින නිකුත් කළ, ඇමරිකානු රජයේ නිවේදනය අනුව ඔවුන්ගේ වෙළඳ හිඟය අඩු කර ගැනීම සඳහා විවිධ රටවල් රැසකට මෙම තීරුබදු පැනවීම සිදුකරයි. ඒ අනුව කිසියම් රටක් විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත භාණ්ඩ අපනයනය කිරීමේදී අමතර බද්දකට යටත් වේ. ඒ හේතුවෙන්, ඒවා මිලදී ගන්නා ඇමරිකානු සමාගමට එම මුදල ඇමරිකානු රජයට ගෙවීමට සිදු වන අතර එය නිෂ්පාදනවල පිරිවැය වැඩි වීම මගින් නිෂ්පාදන මිල වැඩිවීම කෙරෙහි බලපෑම් සිදු කරනු…

Read More

බොඩිලයින් 2 ආයතනයේ 25 වන සංවත්සරය සැමරීම පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සිදුවිය. කැපවීම, අධිෂ්ඨානය සහ කණ්ඩායම් හැඟීම මෙන්ම ප්‍රජාවන් තුළින් ලද නොසැලෙන සහයෝගයද බොඩිලයින් ළඟාකරගත් විශිෂ්ටත්වයට හේතුවී ඇත. මෙම ගමනේදී එහි වර්ධනයට සහ සාර්ථකත්වයට දායක වූ සෑම පුද්ගලයෙකුටම බොඩිලයින් සිය කෘතවේදී බව පළ කරන අතරම දිරියෙන් ඉදිරියට යමින් අනාගතය තවදුරටත් යහපත් කරගන්නට බලාපොරොත්තුවෙන් සිටියි. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පහතින්.

Read More

පසුගියදා පැවති කටුනායක නිදහස් වෙළඳ කලාප අන්තර් කර්මාන්තශාලා ක්‍රීඩා තරගාවලියේදී MAS Active Shadowline කණ්ඩායම පිරිමි සහ කාන්තා අංශවල ක්‍රිකට් ශූරතාව හා දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් විය. කැපවීම, කණ්ඩායම් හැඟීම සහ නොපසුබස්නා අධිෂ්ඨානය තුළින් මෙම ජයග්‍රහණය අත්පත් කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට අපගේ ගෞරවනීය අචාරය!

Read More

2018 වසරේදී MAS Intimates තුරුලිය ආයතනයේ පරීක්ෂකවරියක් (Checker) ලෙස උපේක්ෂා මධුමාලි පෙරේරා ඇඟලුම් කර්මාන්තයට පිවිසෙන්නේ කර්මාන්තය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොමැතිවය. එහෙත් දිනෙන් දින ඒ තුළින් අත්දැකීම් ලැබූ ඇය සාර්ථකත්වයේ මාවත ඉගෙනීම බව අවබෝධ කර ගැනීමට සමත් වූවාය. එතැන් සිට ඇය රැකියාව තුළින් බොහෝ දේ ඉගෙන ගනිමින් රැකියාව තුළින්ම ඉදිරියට එන්නට සමත් වූයේ 2024 වසර වන විට වැඩබලන නිෂ්පාදන විධායකවරියක් (Acting Value Stream Executive) බවට පත් වෙමිනි. එහිදී නිෂ්පාදන පේළි 6කට නායකත්වය දෙමින් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් තමන්ගේ කැපවීමේ හා අධිෂ්ඨානයේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සමත් විය.අන් නායකයින් මෙන් ඈත සිට අණ දීමට කටයුතු නොකළ ඇය තමන්ගේ කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරමින් අවවාදයට…

Read More

MAS Intimates Vidiyal සිය විශිෂ්ට ගමන් මගෙහි 13 වන සංවත්සරය පසුගියදා මහත් උත්කර්ෂවත් අයුරින් සමරන ලදි. මෙම  සුවිශේෂ අවස්ථාව සඳහා MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාද සහභාගී වූ අතර එම විශේෂ අවස්ථාවෙහි ඡායාරූප පෙළක් පහතින් වේ.

Read More
WGB

MAS “කාන්තාවන් පෙරමුණටම” වැඩසටහන මගින් පවත්වන “අභිමානී 2023” වසරේ සවිබල ගැන්වූ කාන්තාව සම්මාන උළෙලේ ජයග්‍රාහී කාන්තාවන්ගේ දිරිය කතා පෙළෙහි පළමු කොටස පහත Link එක වෙත පිවිස කියවන්න. අභිමානී 2023 දිරිය කතාවන් – 01

Read More

MAS “කාන්තාවන් පෙරමුණටම” වැඩසටහන මඟින් පවත්වන ලද “අභිමානී 2023” උළෙලේ ජයග්‍රාහිකාවන් වූ MAS කණ්ඩායම් සාමාජිකාවන් වෙනුවෙන් මාළඹේ  SLIIT විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද ඉංග්‍රීසි පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් විය. මාස 5ක් පුරා පැවති මෙම පාඨමාලාව  අවසානයේ හොඳම කථිකයා තේරීමේ තරගයක් පැවැත්වුණු අතර එමගින් කණ්ඩායම් සාමාජිකාවන්ට විශ්වාසයෙන් යුතු කථිකයන් වීමට අවශ්‍ය පුහුණුව නොඅඩුව හිමිවිය. එහිදී තරගකාරිනියන් 43 දෙනෙක් අතරින් කැපවීමෙන් හා හැකියාවන් යුත් තරගකාරිනියන් 06 දෙනෙක් අවසාන වටයට තේරීපත්වූ  අතර ඉන් හොඳම කථිකයා ලෙස Linea Aqua ආයතනයේ අංජලිකා කුමාරි සම්මානයට පාත්‍ර විය. පිළිවෙළින් දෙවැනි හා තුන්වෙනි ස්ථාන MAS Matrix හි නිෂාරා මධුෂානි හා MAS Active Linea Intimo හි හංසනි එරන්දි දිනාගැනීමට…

Read More

2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් දැයට කීර්තියක් ගෙන දුන් රිදී පදක්කම්ලාභී, කණ්ඩායම් නායක සමිත දුලාන් ඇතුළු ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට උපහාර දැක්වීමේ උළෙලක් MAS හෝල්ඩින්ස් විසින් මෑතකදී සංවිධනය කරන ලදි. එහිදී අධිෂ්ඨානයෙන් ඉදිරියට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට ගෞරව සම්මාන පිරිනැමීමද සිදුවිය. 2024 පැරිස් පැරාලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කළ MAS, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීමට ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු සිටියි.

Read More