කාන්තාවකගේ දේහ ලක්ෂණවලට, බාහිර පෙනුමට සහ සිතුවිලිවලට බලපෑමක් කරන ප්‍රධාන හෝර්මෝන වර්ග දෙක තමයි ඊස්ට්‍රජන් හෝර්මෝනය සහ ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝනය. ආර්තවහරණයේදී මෙම හෝර්මෝන වෙනස් වීම සිදු වෙනවා. “ආර්තවහරණය පිළිබඳව දැනුවත් වෙමු” video මාලාවේ දෙවන video එක තුළින් අපි අද ඔබට කියන්නේ ආර්තවහරණයේ ලක්ෂණ මොනවද කියලා.
Author: Diyani Editors
ඇඟලුම් කර්මාන්තයේ ප්‍රගතිය සහ තිරසාර නවෝත්පාදනය කෙරෙහි MAS හි සුවිශේෂී අවධානය ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල මඟින් නව්‍යකරණයන් කෙරෙහි මූලික අවධානයක් ලබාදෙන සංවිධාන හඳුනාගෙන අගයනු ලබයි. දකුණු ආසියානු නවෝත්පාදන සම්මාන සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ලොව පුරා නවෝත්පාදන නායකයින් හඳුනාගැනීමේ මිණුම් ලකුණක් වන Clarivate’s Top 100 Global Innovators™ හි ක්‍රමවේදයට සමාන්තර වේ. Clarivate විසින් derwent World Patents Index™ (DWPI™) සහ Derwent…
ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට ප‍්‍රථමයෙන් වන සියලූම සංචාර සඳහා බොඩිලයින් විසින් උසස් තත්ත්වයේ විශේෂිත ක‍්‍රීඩා ඇඟලූම් සපයනු ඇත. Bodyline විසින් නිෂ්පාදනය කරන ලද ක‍්‍රීඩා ඇඟලූම්, MAS හි දශක ගණනාවක ප‍්‍රවීණතාවයෙන් ආභාෂය ලබන අතර ඒ සඳහා නවතම තාක්ෂණයන් ඒකාබද්ධ කරයි. ඇඟලූම්වල ඇති ආකර්ෂණීය රටා ශ‍්‍රී ලංකාව නියෝජනය වන පරිදි නිල් සහ රන්වන් වර්ණයන්ගෙන්…
https://www.youtube.com/watch?v=wDhgRspFN6U
https://www.youtube.com/watch?v=P1qUHk8adAo&t=8s
ඒ. ජී. ජී. කාන්චනා (MAS Active Shadowline) මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙරගල ග්‍රාමයේ උපත ලද කාංචනා දුප්පත්කම, අසරණකම තුරුළු කරගෙන තමයි ජීවත් වුණේ. අම්මයි, තාත්තයි මල්ලියි හිටිය පුංචි පවුලට කිසිම සෙවණක් තිබුණෙ නැහැ. තාත්තගෙ මහ ගෙදර ඔවුන් ජීවත් වුණත් නොහිතපු වෙලාවක කාංචනා පුංචි කාලෙම හෘදයාබාධයකින් පියා මෙලොවින් සමහුගත්තා. ජීවිතයේ අන්තයටම වැටුනේ පියාගේ වියෝවත් සමඟ. හත් දවසේ දානය ඉවර වුණ දවසෙම කාංචනාවයි, අම්මාවයි, මල්ලිවයි තාත්තගෙ මහගෙදරින් එලවලා දැමූ නිසා එදා රාත්‍රියෙ ඔවුන් තුන්දෙනාගේ නිවහන වුණේ කුඹුරක පැල් කොටයක්. පහුවදා අම්මගෙ මහ ගෙදරට ගියත් ඔවුන් භාරගන්න අකමැති වුණා. මාමා කෙනෙකුගේ මැදිහත් වීම මැද ටික කලකට ඔවුන්ට මහ ගෙදර නවාතැන් ලැබුණා. කාංචනාටයි මල්ලිටයි මේ කාලය…
අද වනවිට ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකාව වනුයේ පියයුරු පිළිකාවයි. එමෙන්ම පසු ගිය වසර 25ක කාලය තුළ අලුතෙන් හඳුනාගත් පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී තිබේ. පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සම්පූර්ණයෙන්ම පියයුරම ඉවත් නොකර වඩාත් සරල ශල්‍යකර්ම ක්‍රම මගින් පිළිකාව පමණක් ඉවත් කර වඩාත් ගුණාත්මක ජීවිතයක් ගතකිරීමේ හැකියාව තිබේ. නමුත් අද බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගය උත්සන්න වූ විටදීය. එමෙන්ම යම් සැක සහිත බවක් ඇති වුවහොත් පිළිකාවක්ද යන බිය නිසාම බොහෝ දෙනෙකු මේ පරීක්ෂාව කිරීමට මැළිකමක් දක්වයි. ඒ හේතුවෙන් පිළිකා රෝගී තත්වය උත්සන්නම අවස්ථාව දක්වා පැතිර ගිය අවස්ථාවේදී ප්‍රතිකාර…
https://www.youtube.com/watch?v=UuC2QwYmDZY&t=13s