පසුගියදා ඩුබායි හි පැවති 2023 RoSPA (Royal Society for the Prevention of Accidents) Awards හිදී රන් සම්මාන 10ක් දිනාගැනීමට MAS KREEDA ආයතනය සමත් විය. මෙහිදී වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙන්වන විශිෂ්ටත්වය සහ කැපවීම වෙනුවෙන් ආයතන ඇගයීමට ලක් කෙරිණි. එම රන් සම්මානයන්ට අමතරව MAS හි තවත් අනුබද්ධ ආයතනයක් වන බොඩිලයින් (පුද්) සමාගමට ද RoSPA සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනා ගැනීමට හැකි විය. ආයතනය තුළ ආදර්ශවත් සෞඛ්‍ය සහ ආරක්ෂිත පිළිවෙත් අනුගමනය තුළින් සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම සඳහා MAS හි කැපවීම මෙම සම්මාන මගින් තවදුරටත් තහවුරු වෙයි. මීට අමතරව, RoSPA සම්මාන අනතුරු වැළැක්වීම සඳහා ගෝලීය මිණුම් ලකුණක් ලෙස ද හඳුනා…
Author: Diyani Editors
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයනකරු මෙන්ම මෙරට පුද්ගලික අංශයේ විශාලතම සේවා යෝජකයා වන MAS Holdings විසින්, ශ්‍රී ලංකා රජය 2016 දී හඳුන්වා දෙන ලද හදිසි අනතුරු ප්‍රතිකාර සේවාවක් වන සුවසැරිය ගිලන්රථ සේවයට සහාය දැක්වීමට කටයුතු කර ඇත. MASහි අරමුණ සහ ප්‍රජාවට ඇති කැපවීම මනාව පිළිබිඹු කරමින් MAS හි ව්‍යාපාරික අංශ පහක් එක්ව කටුනායක, පන්නල, මහියංගනය, හොරණ සහ දොම්පේ යන ප්‍රදේශවල ගිලන්රථ සඳහා එලෙස අනුග්‍රහය දක්වා ඇත. පුද්ගලයෙකුගේ ජීවිතය හා මරණය යන සාධකය තීරණය කෙරෙන තීරණාත්මක මොහොතේදී ගිලන් රථයක් අදාල ස්ථානයට පැමිණෙන වේලාව ඉතා තීරණාත්මක සාධකයක් විය හැකිය. සෞඛ්‍ය සේවා පහසුකම් සහ රෝහල් සඳහා පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි හෝ සීමා සහිත ප්‍රවේශයක්…
බලාපොරොත්තු දල්වාගෙන සිටි Future Stars අවසන් මහා තරගය – MAS ආයතනයේ ක්‍රියාවලිය සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා දායකත්වය ලබා දෙන MAS හී කණ්ඩායම් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහනක් MAS ඉහළ පෙළේ නායකත්වයේ සහභාගීත්වයද සහිතව පසුගියදා පැවැත්විණි. මේ එම සුවිශේෂී අවස්ථාවේ ඡායාරූප කිහිපයකි. පැවැත්වුණා. ඒ
ජීවන ගමනේ විවිධ භූමිකාවන් නිරූපණය කරන කාන්තාව වෘත්තීය මට්ටමින් ද විවිධ භූමිකාවන් නිරූපණය කරමින් රටේත් සමාජයේත් හෙට දවස වෙනුවෙන් ඉටු කරන සේවය/කැපවීම සුළුපටු නැත. පවුලක සාර්ථකත්වය පිටුපස ඇති දැවැන්ත සෙවණැල්ල වන ඇය, ආයතනික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් සිය භූමිකාව නන් අයුරින් ඉටු කිරීමට දිවා රැ නොබලා කටයුතු කරයි. ඇයට සමාජයෙන් එල්ල වන විවිධ බාධක ඔස්සේ ස්වාධීනව නැඟී සිටීම වෙනුවෙන් එදා සිට අද දක්වාම කාන්තාව සිදු කරන්නා වූ අරගලය පුදුමාකාරය. එකී කාන්තාවට සමාජයේ හිමි විය යුතු ගෞරවය එලෙසම ලබා දෙන බහුතරයක් දෙනා අතරේ එසේ නොකරන සුළුතරයක් ද අප අතරේ නැතුවාම නොවේ. එසේ කාන්තාවට ලැබිය යුතු නිසි ගෞරවයල සුදුසුම තැන ලබා දෙමින්…
ලැබූ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබට සුබ පතමින් හෙට දවසට දිරිය දෙන MAS සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ පණිවුඩය https://www.youtube.com/watch?v=tiuhxYhXx_I
වටිනා සමාජමය භූමිකා නිරූපනය කරන කාන්තාව මෙරට ආර්ථික ප්‍රගමනය උදෙසා දක්වන දායකත්වය ද අති මහත්ය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%කට අධික පිරිසක් අයත් වන්නේ ද කාන්තා ජනගහනයටයි. කාර්මික ක්ෂේත්‍රයේ අපනයන ඉපැයීම් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ඇඟලූම් ක්ෂේත්‍රයේද ඉහළම සේවා නියුක්තියක් සනිටුහන් කරන්නේ ද කාන්තාවයි. ඉතිං කවදත් දිරිය ළදුන් සවිබල ගන්වමින් සහ ශක්තියක් වෙමින් ඔවුන්ගේ ලෝකය ජයගන්නට මංපෙත් විවර කරන MAS Holdings ආයතනයේ දිරිය දියණියකගේ කතාව ඔබ සමඟ බෙදාහදා ගන්නට අප සිතුවා. එතැනින් තම ජීවිතයේ නැගී සිටි ඇය අද වන විට ඉතාමත් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත්ව සිටින්නීය. මේ, ඇගේ ඒ කතාවයි. අපි ඒ කතාව ඇගේ වදනින්ම දැනගනිමු. ඔබ MAS Holdings සමඟ…
වසර 20ක් පුරාවට, MASහි අප විසින් ලොව පුරා දහස් ගණනක් කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රජාවන් සවිබල ගන්වා ඇත. අප දියත්කළ වැඩසටහන් කාන්තාවන් මුහුණ පා ඇති බහුවිධ අභියෝග වලට විසඳුම් සොයමින්, රැකියා ස්ථානයේ, නිවසේ සහ සමාජය තුළ ඇති අසමානාත්මතාවයන් නැති කිරීමට උත්සාහ කරයි. එවැනි විශේෂ අවධානය යොමු කළ යුතු එක් අංශයක් ලෙස ආයතනයේ නායකත්ව තනතුරු සඳහා කාන්තාවන් ප්‍රවර්ධනය කිරීම හා සහාය වීම අරමුණු කරගත් ක්‍රියාකාරී මැදිහත්වීම් ඇතුළත් වේ. එසේ ‘කාන්තාවන් පෙරමුණට’ කරගත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන මේ ගමනේ, තවත් එක් චරිතයක් වන ඉමානිගේ කතාවයි මේ. https://www.youtube.com/watch?v=LGTm5pNynBg
ජීවිතයේ ජය ගැනීමට අභියෝග එමට ය. මුහුණු දීමට සිදුවන හැල හැප්පීම් බොහෝ ය. කෙසේ වෙතත් අප ඒ සියල්ලටම මුහුණ දිය යුතුමය. ජීවිතය ජයගත යුතුමය. උත්සහය, කැපවීම සමඟ නොසැලෙන ධෛර්යය ඔබ සතු නම් ඔබේ ගමන වළකන්නට කිසිවෙකුට හැකි නොවේ. ඒ සා වූ අප්‍රතිහත ධෛර්යයකින් ජීවිතය ජයගත් ශක්තිමත් කාන්තා පෞරුෂයක් සමඟ අද සිරිකත අපේ කතාබහ වෙන්කර ගන්නට අප සූදානම්. ඇය නමින් ඉසංකා රණතුංග ය. ඇගේ ගමනට ශක්තියක් වන නිවැරදි මඟ පෙන්වන්නා වන්නේ MAS Holdings ආයතනයයි. මෙරට ආර්ථිකය සවිබල ගන්වමින් සුවිශේෂී කාර්යභාරයක නියැලී සිටින MAS Holdings ආයතනය සමඟ එක්ව නොබිඳෙන ශක්තිමත් ගමනක නියැලෙන ඉසංකා රණතුංග සමඟ ඇගේ කතාව අරඹන්නට අප සූදානම්. MAS Holdings…
වසර 20ක් පුරාවට MAS විසින් ලොව පුරා දහස් ගණනක් කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රජාවන් සවිබල ගන්වා ඇත. MAS ආයතනයේ “කාන්තාවන් පෙරමුණට” වැඩසටහන හරහා දියත් කළ වැඩසටහන් කාන්තාවන් මුහුණ පා ඇති බහුවිධ අභියෝගවලට විසඳුම් සොයමින් රැකියා ස්ථානයේ, නිවසේ සහ සමාජය තුළ ඇති අසමානතාවයන් නැති කිරීමට උත්සාහ කරමින් සිටියි. ඒ අතරින් කාන්තාවන් තුළ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම MAS විසින් අවදානයට ලක් කළ සුවිශේෂි අංශයකි. ව්‍යවසායකත්ව කුසලතා තුළින් පෙරමුණට ගිය නිල්මිණිගේ කතාවයි මේ. https://www.youtube.com/watch?v=Q7SGvegkVTo ධරණි පුවත්පතෙහි පළවූ ලිපිය සඳහා සබැඳිය https://www.aruna.lk/articles/dlFnBTxT9odTK8TyTM37