2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලැබීමට MAS Holdings සමත් විය. සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.02.07 දින කොළඹ BMICH හිදී පැවැත්විණි. මෙම සම්මාන සඳහා සැබවින්ම ශක්තියක් වූ MAS සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් MAS JCC නායිකාවක් විසින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සම්මාන ලබා ගත් අවස්ථාවේ ඡායාරූපය ඇතුළු අනෙකුත් සම්මාන ලබාගත් ඡායාරූප මෙහි ඇතුළත් වේ. වසරේ විශිෂ්ටතම අපනයනකරු සම්මානයට අමතරව වසරේ විශිෂ්තම ශුද්ධ විදේශ විනිමය උපයන්නා, නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා විශිෂ්ටතම අපනයනකරු, අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා දැක්වූ විශිෂ්ට දායකත්වය, අපනයන සැපයුම් දාමයට කලාපවලින්…
Author: Diyani Editors
නව වසරේ නව පාසල් වාරය පසුගියදා ආරම්භ විය. දැයේ දරුවන්ගේ හෙටදවස ගැන හිතන Bodyline ආයතනය විසින් ඒ වෙනුවෙන් “අකුර” නමින් සුවිශේෂි වැඩසටහනක් සංවිධානය කරන ලදි. ඒ ආයතනයේ සේවා නියුක්තිකයින්ගේ සහ තෙවන පාර්ශවීය කාර්ය මණ්ඩලයේ පළමු ශ්‍රේණියේ ඉගනුම ලබන දරුවන්ට පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීම සඳහා කටයුතු කරමිනි. සියලුම Bodyline සේවා නියුක්තිනයින්ගේ සාමූහික උත්සාහයක ප්‍රථිපලයක් ලෙසින් මෙම මහඟු කාර්යය සාර්ථක කරගැනීමට හැකියාව ලැබිණි. මේ සඳහා ආයතනයේ සෑම අංශයක්ම අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘති සංවිධානය කළ අතර එහි ප්‍රතිඵලය සැබවින්ම විශිෂ්ට විය. උත්කර්ෂවත්ව පැවැත්වුණු “අකුර” වැඩසටහන මඟින් දරුවන්ගේ සතුට හා සිනහව දැකගැනීමට ලැබීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. මේ සඳහා සහභාගී වූ දරුවන්…
2025 නව වසර වෙනුවෙන් ඔබට සුබ පතමින් දිරිය දෙන MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ පණිවුඩය https://www.youtube.com/watch?v=QJ1FWdCRgSI
පසුගියදා MAS Kreeda Shadeline ආයතනයට වසර 30ක් සපිරුණා. වසර 30ක් තිස්සේ ඉතා සාර්ථක ගමනක් පැමිණි Shadeline ආයතනයේ අදවන විට 3,600ට අධික සාමාජික සාමාජිකාවන් පිරිසක් සේවයේ නිරත වෙනවා. Shadeline මේ ආ ගමනේදී සිය සමාජ වගකීම්ද කිසිවිටෙකත් අමතක කළේ නෑ. විවිධ ක්‍රියාකාරකම් හරහා සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන්නට Shadeline සමත් වුණා. නීරෝගී හෙට දවස වෙනුවෙන් රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම හා මතුපරපුරේ යහපත වෙනුවෙන් පාසල්ප් රතිසංස්කරණය කිරීම ඒ අතර ප්‍රධාන වේ.
මාගේ හිතවත් MAS සාමාජික සාමාජිකාවනි, මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණවලින් එකක්, පසුගියදා දැකගැනීමට හැකිවීම සැබවින්ම සතුටට කරුණකි. වසංගත කාලයන්ගෙන්, ආර්ථික හා දේශපාලන අර්බුදවලින් යුත් කැළඹිලි සහගත වසර කිහිපයකට පසුව, සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් බලය මාරුවීම තුළින්, අපගේ රටෙහි ජනතාවගේ ශක්තිය මනාව පෙන්නුම් කරයි. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ අපගේ රට නව නායකත්වයක් වැළඳගනිද්දී, අපි අපේ රටේ හා අපේ කර්මාන්තයේ අනාගතය ගැන මහත් බලාපොරොත්තුවෙන් මෙම නව කාලපරිච්ඡේදය දෙස බලා සිටිමු. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ සේවා යෝජකයා මෙන්ම විශාලතම අපනයනකරු ලෙසින්, අපගේ වගකීම පැහැදිලිය. සැමවිටම කළ පරිදි MAS හි අපි, අපේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට වටිනාකමක් නිර්මාණය කිරීම…
MAS KREEDA බළන්ගොඩ කණ්ඩායම 2024 ශ්‍රී ලංකා වෙළෙඳ සේවා වෝලිබෝල් තරගාවලියේ පිරිමි කාණ්ඩයේ ශුරතාව නැවත් වරක් දිනාගන්නා ලදි. කාන්තා A කොටසේ ශූරතාව හා සුපර් ලීග් කාන්තා කාණ්ඩයේ 2 වන ස්ථානය දිනාගැනීමට MAS Casualline කණ්ඩායම සමත් විය. MAS Slimline කණ්ඩායම සුපර් ලීග් පිරිමි කාණ්ඩයේ 2 වන හිමිකර ගත්තේය.
අභියෝග ජයගනිමින් කටුක දුෂ්කර කාලයන් පසුකරමින්, නොසැලී දිරියෙන් ඉදිරියට පැමිණි අභිමානවත් ශ්‍රී ලාංකිකයින් අටදෙනෙකු පැරා ඔලිම්පික් ක්‍රීඩකයින් සඳහා වන ලොව විශාලතම තරගාවලියේ තරගවදින්නට සුදානමින් සිටියි. අනිල්, ජනනි, නවීඩ්, නුවන්, පාලිත, ප්‍රදීප්, සමිත සහ සුරේෂ්, ඔබ සැම දැයට සුවිශාල ආඩම්බරයක්. බාධක මැදින් අධිෂ්ඨානයෙන් ඉදිරියට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු වන MAS අපගේ ගෞරවනීය ආචාරය! පස් වසරකට පසු නැවත පිටියට පිවිස දැය දිනවූ අනිල් ප්‍රසන්න ජයලත් – මීටර් 100 ධාවන ඔහු නමින් අනිල් ප්‍රසන්න ජයලත්ය. අම්පාර උහන වෑරන්කැටගොඩ නම් ගම්මානයේ හැදී වැඩුණු අනිල් පාසල් ගියේ වෑරන්කැටගොඩ මහා විද්‍යාලටයි. කලා අංශයෙන් උසස් පෙළ…
MAS Holdings හි සභාපති දේසමාන්‍ය මහේෂ් අමලියන් මහතා පසුගියදා MAS සමූහයට අයත් පන්නල ප්‍රදේශයේ පිහිටි MAS Intimates – Slimline ආයතනයේ සංචාරයක නිරතවුණා. මේ එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළයි.
මො/සෙවණගල මහානාග මහා විද්‍යාලයේ අලුතින් තෝරාගත් ශිෂ්‍ය නායක කණ්ඩායම සඳහා සාර්ථක නායකත්ව සංවර්ධන වැඩසටහනක් MAS ACTIVE – ASIALINE ආයතනය විසින් සියලු දෙනාගේ සහයෝගය සහිතව පසුගියදා සාර්ථක අයුරින් සංවිධානය කරන ලදි. නවක සිසුන් 43 ක් අත්‍යවශ්‍ය නායකත්ව කුසලතාවලින් සන්නද්ධ කිරීම සහ අපගේ ප්‍රජා සම්බන්ධතා ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළ පහතින් වේ.