බෝ නොවන රෝග හා සුවනාරි වෛද්‍ය සායනික වැඩසටහන MAS Kreeda Mihinthale ආයතනයේදී මිහින්තලය සහ අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වුණි. මෙහිදී, වකුගඩු රෝග, කොලෙස්ටරෝල්, දියවැඩියාව, රුධිර පීඩන පරික්ෂාව, ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා ඇතුළු සායනික පරීක්ෂාවන් රැසක් සිදුකෙරිණි.
Author: Diyani Editors
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව MAS Intimates – Slimline ආයතනය මගින් “කාන්තාව සහ තිරසාරත්වය” යන තේමාව පදනම් කර ගනිමින් සංවිධානය ලද විලාසිතා දැක්මක් පසුගිය දා එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථාවන්හි සේයා රූ පෙළකි.
සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේදී 4 වැනි වරටත් සමස්ත ශූරතාව දිනාගැනීමට MAS කණ්ඩායම සමත්විය. සියලුම අංශ නියෝජනය කරමින් MAS ක්‍රීඩක ක්‍රීඩිකාවන් 828 දෙනෙක් තරග ඉසව් 53ක් සඳහා සහභාගී විය. එහිදී රන් පදක්කම් 56ක්, රිදී පදක්කම් 58ක් සහ ලෝකඩ පදක්කම් 46ක් MAS කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.
මියයන මිනිස් ජීවිත රැකගැනීමට අවශ්‍ය රුධිර සංචිත රැස්කිරීමේ උදාර අරමුණ ඇතිව MAS Active Mamadala ආයතනය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදි. දවස පුරා ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා පරිත්‍යාගශීලීන් 80කගේ පමණ සහභාගීත්වය ලැබී තිබිණි.
දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි LINEA AQUA HANWELLA විඩියෝව මෙතැනින් නරඹන්න.