දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS KREEDA SHADELINE විඩියෝව මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=XS3IHdmmZJg
Author: Diyani Editors
දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS ACTIVE ASIALINE විඩියෝව මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=GzBJSwlibZs
දිවයින පුරා පිහිටි MAS සමූහයට අයත් සියලු ආයතනයන්හි පුවත් ආවරණය කරමින් නිර්මාණය කෙරෙන ‘දියණි NEWS’ වැඩසටහන් මාලාවෙහි MAS ACTIVE NIRMAANA විඩියෝව මෙතැනින් නරඹන්න. https://www.youtube.com/watch?v=H_RuYjVWHnk
සෞඛ්‍ය සතියක් සහ දේශිය ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් MAS Intimates – Slimline ආයතනය විසින් සිය ආයතනික පරිශ්‍රයේ දී සාර්ථකව සංවිධානය කරන ලදි.
කුරණ ශුද්ධ වූ ත්‍රිත්ව කන්‍යාරාමයෙහි සාමාජිකාවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ මලු ලබා දීමේ වැඩසටහනක් MAS Active – Shadowline ආයතනයේ මුලිකත්වයෙන් සිදුකෙරිණි.
වියළි කලාපයේ පිහිටා ඇති බරඳන ශ්‍රී ගුණානන්ද විද්‍යාලය අවට පරිසරය හරිත වර්ණයෙන් යුත් කලාපයක් බවට පත් කර පරිසරයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේඅරමුණින් MAS Intimates – Casualline ආයතනයේ මූලිකත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහි දිගුකාලීන සැලැස්ම වන්නේ මාවතගම සහ කුරුණෑගල අවට ප්‍රදේශවල තවත් පාසල් 18ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. අක්කර 2.5 ක භූමි ප්‍රමාණයක පැල 300 ක් මෙහිදී රෝපණය කෙරිණි.
MAS තනි භාවිත ප්ලාස්ටික් ප්‍රතිපත්තිය එළිදැක්වීමට සමගාමීව, MAS Active – Sleekline ESH කණ්ඩායම, කර්මාන්තශාලා ER කණ්ඩායම සමඟ එක්ව, තිරසාර නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් දිරිය පොළක් පවත්වන ලදි. දෛනිකව භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය කිහිපයක් සඳහා පරිසර හිතකාමී විකල්ප හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණක් විය.
MAS Fabrics – Matrix විසින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගෙන යාම සඳහා බඩගමුව සංරක්ෂණ වනාන්තරයේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදි. බඩගමුව සංරක්ෂණ වනාන්තරයෙන් ප්ලාස්ටික්, පොලිතින් සහ කඩදාසි විශාල ප්‍රමාණයක් එහිදී එක්රැස් කළ අතර එම අපද්‍රව්‍ය කසළ ගොඩකිරීම් වෙනතකට යොමු කර නිසි ලෙස බැහැර කරන ලදි.
ලෝක ඕසෝන් දිනය සමරමින් ඕසෝන් වියන හායනය හා එය සුරැකීම යන මැයෙන් සන්විධානය කළ චිත්‍ර තරගය හා පැළ ලබා දීමේ වැඩසටහන MAS Active – Mamadala ආයතනයේදී පසුගියදා සිදු කරන ලදී.
VSM කණ්ඩායම් තුළ නායකත්ව, සන්නිවේදන, කණ්ඩායම් හැඟීම්, ආත්ම විශ්වාසය වැනි කුසලතා සංවර්ධනය කරමින් MAS KREEDA බලංගොඩ ආයතනයේ VSM සංකල්පය ගොඩනැන්විමට දින තුනක් පුරා එළිමහන් පුහුණු වැඩසටහනක් ඉතා සාර්ථකව පවත්වන ලදි.