ආදරණීය MAS සාමාජික සාමාජිකාවන් වෙත, “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් පසුගියදා මුහුණදීමට සිදුවූ ආපදා තත්ත්වයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක ජනතාවට විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය. එහිදී විශාල පිරිසක් අවතැන් වූ අතර තවත් පිරිසක් ජීවිතක්ෂයට පත්වීම දැඩි වේදනාකාරී සිදුවීමක් විය. මේ මොහොතේදී එලෙස මිය ගිය හා විපතට පත් සියලු දෙනා වෙනුවෙන් අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු. ආපදාවට ලක් වූ පිරිස අතර MAS සාමාජික සාමාජිකාවන් රැසක්ද සිටින අතර ඔවුන් පිළිබඳ සොයාබලා කළ හැකි සියලු දේ කරන්නට අප මේ වන විටත් කටයුතු කරමින් සිටිමු. මෙම තත්ත්වය හේතුවෙන් MAS සාමාජික සාමාජිකාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වීම අපගේ හදවත් කම්පනය කරන කරුණක් විය. එම පවුල්වල…
Author: Diyani Editors
ගැමුණු පෙර පාසල, බ/අරවත්ත විද්‍යාලය සහ ශ්‍රී සරණන්ද පෙර පාසල සමඟ එක්ව MAS KREEDA Shadeline ආයතනය, 2025 ලෝක ළමා දිනය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සමරන ලදි. මෙම සැමරුමේ කොටසක් ලෙස, දරුවන් 40 දෙනෙකුට පාසල් බෑග් පරිත්‍යාග කරන ලද අතර, එය දරුවන්ගේ අධ්‍යාපනයට මහත් සහයෝගයක් විය. එමෙන්ම එය දරු පරපුරට දීප්තිමත් අවස්ථා උදාකර දීමට MAS ආයතනය සතු කැපවීම ද මැනවින් පෙන්වන්නක් විය. මෙම උත්සවයේ තවත් සුවිශේෂ අවස්ථාවක් වූයේ බ/අරවත්ත විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සිසුන්ගේ වෙහෙස මහන්සිය සහ සාර්ථකත්වය ඇගයීම සඳහා විශේෂ ත්‍යාග පිරිනැමීමට MAS KREEDA Shadeline ආයතනය කටයුතු කිරීමයි. මෙම අවස්ථාවට සහභාගී වූ Shadeline නියෝජිතයෝ, අධ්‍යාපනය සහ…
Bodyline ආයතනය සිය සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම අගය කරමින්, සේවා ඇගයීමේ උත්සවයක් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. වසර 5, 10, 15, 20, 25 සහ 30 යන සේවා කාල සීමාවන් සම්පූර්ණ කළ සේවා නියුක්මෙතිකයින් මෙහිදී ඇගයීමට ලක්විය. මෙම උත්සවයේදී, සිය අඛණ්ඩ කැපවීම වෙනුවෙන් සේවා නියුක්තිකයින් 1,140 දෙනෙකුට උපහාර පිරිනැමීම විශේෂත්වයකි. ආයතනය වෙනුවෙන් ඔවුන් කළ විශිෂ්ට දායකත්වය අගය කරමින්, සෑම සේවකයකුටම රන් කාසියක් බැගින් ප්‍රණාම තිළිණයක් පිරිනැමිණි. සිය වෘත්තීය මාවතේ දිරියෙන් ඉදිරියට යන සියලුම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම හා වෙහෙස මහන්සිය වෙනුවෙන් Bodyline ආයතනය සිය හෘදයාංගම කෘතඥතාව පල කර සිටී.
2025 ශ්‍රී ලංකා වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සියලුම කාණ්ඩවල ශූරයන් බවට පත්වූ අපගේ සියලුම ක්‍රීඩකයින්ට සුබ පැතුම්.
MAS Kreeda campus පරිශ්‍රය ශ්‍රද්ධා භක්තියේ මහා ආලෝකයන් පසුගියදා ඒකාලෝක විය. ඒ, සේවා නියුක්තිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා මංගල්‍යය හේතුවෙනි. සාමූහික ශක්තියෙන් හා භක්තියෙන් යුතුව සංවිධානය කරන ලද මෙම මංගල්‍යය, සහභාගී වූ සියලු දෙනාගේ සිත් සතන් පහන් කරමින්, ඔවුන්ගේ අධ්‍යාත්මික ජීවිතයට නව පිබිදීමක් එක් කළේය. මෙම මංගල්‍යය, සාම්ප්‍රදායික බෙරවාදකයන්, නර්තන ශිල්පීන් සහ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත වූ අතර එය මෙම උත්සවයට විචිත්‍රවත් වර්ණයක් හා ශක්තියක් එක් කළේය. රාත්‍රිය පුරා නොනැවතී ගලා ගිය පිරිත් දේශනාවේ මහානුභාව සම්පන්න හඬ, සැමගේ සිත් සතන් සුවපත් කරමින්, සැනසිලිදායක අධ්‍යාත්මික සුවයක් රැගෙන ආවේය. පසුදා උදෑසන වැඩසටහන අවසන් වූයේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා…
පරිසර සංරක්ෂණයට ගත් වැදගත් පියවරක් ලෙස, MAS Kreeda Shadeline ආයතනය මහවැලි අධිකාරියේ මහියංගණ ප්‍රාදේශීය කාර්යාලය සමඟ එක්ව, රක්ෂිත ප්‍රදේශවල පාරිසරික සමතුලිතතාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි. මෙම උත්සාහයේ පියවරක් ලෙස, ව්‍යාපෘති කණ්ඩායම විසින් ආක්‍රමණශීලී ශාක විශේෂයක් වන ටර්පන්ටයින් ගස් වෙනුවට විවිධ වූ දේශීය ශාක රෝපණය කරමින්, කලාපයේ ස්වභාවික ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි. මෙම පාරිසරික ප්‍රතිෂ්ඨාපන වැඩසටහනේ පළමු අදියර ලෙස, MAS Kreeda Shadeline ආයතනය විසින් කුඹුක් ගස් 400ක්, මී සහ දොඹගස් 150ක්, කළුවර ගස් 30ක්, සහ කරඳ ගස් 20ක් පරිත්‍යාග කරන ලදි. මෙම වගාවන් හරහා ශ්‍රී ලංකාවේ සංරක්ෂිත ප්‍රදේශවල…
UNFPA ශ්‍රී ලංකා ආයතනයේ සහයෝගය ඇතිව ඇඟලුම් අංශයේ කාන්තාවන් සඳහා ගොඩනගන ලද ප්‍රථම සුවතා මධ්‍යස්ථානය, UNFPA ශ්‍රී ලංකා හි නව වැඩබලන නිලධාරී පුන්ත්ෂෝ වංග්යෙල් (Phuntsho Wangyel) මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී පසුගියදා විවෘත කරන ලදි. මෙම ව්‍යාපෘතිය UNFPA ශ්‍රී ලංකා, MAS Holdings, ජපාන රජය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය එකමුතුවෙන් මෙහෙය වන ලදි. මෙරට ප්‍රධාන පෙළේ කර්මාන්ත ක්ෂේත්‍රයක් වන ඇඟලුම් ක්ෂේත්‍රය බලගන්වන ශ්‍රම බලකායට ගෞරවය මෙන්ම සෞඛ්‍යය සහ අවස්ථා ලබා දීම මෙහි මූලික අරමුණයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන 350,000 කට අධික ජනතාවගෙන් බහුතරය කාන්තාවන් වේ. මෙම මධ්‍යස්ථානය ඔවුන්ට ආරක්ෂාව හා සහයෝගය ලබා දෙමින්, මානසික සෞඛ්‍යය, ප්‍රජනක සෞඛ්‍යය, හිරිහැර සහ ප්‍රචණ්ඩත්වය වැනි…
කාන්තා රෝග නිවාරණය සහ යහපැවැත්ම වෙනුවෙන් MAS Kreeda Balangoda ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සෞඛ්‍ය සහ සුවතා වැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. එහි මූලික අරමුණ වූයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, අනාගතයේ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු කල් ඇතිව හඳුනා ගැනීම සහ නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳ අධ්‍යාපනය ලබා දීමයි. මෙම සායනයේදී Pap smears, mammograms, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ආදී පරීක්ෂණ රැසක් සිදුකර ගැනීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. එම සුවිශේෂී අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහළින්.
රන්දික ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් MAS කණ්ඩායම 2025 වෙළඳ සේවා බැඩ්මින්ටන් තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වන්නට සමත් වුණා. එහිදී MAS A කණ්ඩායම Grand Slam ශූරතාව සහ සමස්ත ශූරතාව දිනාගත් අතර B කණ්ඩායම Bowl ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගත්තා.
MAS Fabrics Intimo ආයතනයේ සමාජික සාමාජිකාවන් සඳහා WGB මඟින් සංවිධානය කරන ලද ත්‍රයි මාසික ඉංග්‍රීසි පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදි. එම පාඨමාලාව සාර්සථකව සම්පූර්ණ කළ සාමාජිකයින් සඳහා එහිදී සහතික ප්‍රදානය කිරීම සුවිශේෂ සිදුවීමක් විය.