MAS Active Contourline කණ්ඩායමේ සුවිශේෂී ජයග්‍රහණයන් සමරමින්, The Pinnacle සම්මාන උළෙල 2025 පසුගියදා පැවැත්විණි. එහිදී සිය වෘත්තීය කාර්යයන්හි සීමාවෙන් ඔබ්බට ගිය සුවිශේෂී පුද්ගලයින් ඇගයීමට ලක් විය. The Change Maker, The Knowledge Sculptor, The Connector, KPI Master, The Problem Solver, The Most Popular, The Unsung Hero, සහ 5S Excellence යන සම්මාන ඔවුන් වෙත පිරිනැමීම එහිදී සිදුකෙරිණි. MAS Active හි ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි. “The Pinnacle සම්මාන උළෙල 2025 හුදෙක් සම්මාන ප්‍රදානයකට වඩා, ආයතනික සංස්කෘතිය, මූලික සාරධර්ම හා සාර්ථකත්වයට බලය සපයන සුවිශේෂී දක්ෂතා දැක්වෙන කැඩපතකි.”
Author: Diyani Editors
ප්‍රජා සවිබලගැන්වීම සහ පාරිසරික තිරසාරත්වය සඳහා වූ අපගේ අඛණ්ඩ කැපවීමේ තවත් පියවරක් ලෙස, තුල්හිරිය ධර්මසිරි සේනානායක මහා විද්‍යාලය සහ කෑගල්ල රතු කුරුස සංගමය සමඟ එක්ව බහුවිධ සමාජ සත්කාරක වැඩසටහනක් MAS Fabrics Intimo ආයතනය විසින් පසුගියදා සංවිධනය කරන ලදි. සුරක්ෂිතභාවය, සෞඛ්‍ය දැනුවත්භාවය මෙන්ම මානසික හා ශාරීරික යහපැවැත්ම යන අංශ කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කර තිබිණි. සමාජ වගකීම, තිරසාර සංවර්ධනය සහ යෞවන සවිබලගැන්වීම යන මූලික සාරධර්ම මෙහිදී පිළිඹිඹු විය. මෙම වැඩසටහන් මාලාවට දෙදින ප්‍රථමාධාර පුහුණුවක්, මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ සැසියක් හා ආරක්ෂණ අධ්‍යාපන සැසියක් ආදී වැඩසටහන් රැසක් ඇතුළත් විය. රතු කුරුස සංගමයේ හවුල්කාරිත්වය ඇතිව සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වූ දෙදින…
2025 වසරේ දෙවන වරටත් 304 දෙනෙකුගේ සහභාගීත්ව සහිතව සෞඛ්‍ය කඳවුරක් සංවිධානය කරන්නට MAS Fabrics Intimo ආයතනය කටයුතු කරන ලදි. මෙමගින් ආයතනයේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගැනීම සඳහා අනගි අවස්ථාවක් උදාවිය. එහිදී BMI පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරික්ෂාව, ගැබ්ගෙල පිලිකා හා පියයුරු පිලිකා පරීක්ෂණ ඇතුළත් සුවනාරි සායනය මෙන්ම නොමිලයේ වෛද්‍ය උපදෙස්ද ලබාදෙන ලදි. බොහෝ දෙනෙකුට තම කාර්යබහුල දෛනික චර්යාවන් හේතුවෙන් තම මූලික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අවස්ථාවක් නොලැබී යයි. ‘Women Go Beyond’ යටතේ, සෞඛ්‍ය දැනුවත්භාවය දිරිගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුයේ එබැවිනි.
MAS Kreeda Methliya ආයතනය විසින් ‘සමරසිංහ විෂන් ඔප්ටිකල්ස්’ ආයතනය සමඟ සහයෝගයෙන් අක්ෂි සායනයක් සිය ආයතන පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදි. සේවක සුභසාධනය සහ සමාජ තිරසාරත්වය සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මෙමඟින් නොමිලේ ඇස් පරීක්ෂාවන්, උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී වට්ටම්, දෘෂ්ටි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා වූ අමතර සුවතා ප්‍රතිලාභ රැසක් හිමිවීම විශේෂත්වයකි.
MAS KREEDA බලංගොඩ ආයතනයට නව බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම හා ඇසළ පොහොය වෙනුවෙන් සංවිධානය කළ මහා ඉඹුල් කිරිබත් දන්සල
Linea Aqua නයිවල ආයතනයේ JCC කණ්ඩායම් සාමාජිකයින් ඇතුළු සියලු සේවා නියුක්තිකයන්ගේ සහයෝගය ඇතිව ගැබිණි මව්වරුන් වෙනුවෙන් තෑගි පාර්සල් හා දැනුම බෙදාදීමේ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පසුගියදා පැවැත්විණි. එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පහතින්.
PULSE නායකත්ව වර්ධන වැඩසටහන MAS KREEDA පුරා ශක්තිමත් බලපෑමක් ඇති කරමින් ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන කණ්ඩායම් නායකයන්ට (Team Leaders) ඔවුන්ගේ රැකියා භූමිකාවන්හි සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය විශ්වාසය, කුසලතා සහ මානසික ධෛර්යය නොඅඩුව සපයන ලදි. සියලුම දේශීය KREEDA කර්මාන්තශාලා හරහා මෙම වැඩසටහන දියත් වූ අතර එහිදී කණ්ඩායම් නායකයන් 240 දෙනෙකු අඛණ්ඩ දින 21 ක විශිෂ්ට ඉගෙනුම් ගමනක් සම්පූර්ණ කර උපාධිපතියන් බවට පත්වූහ. වැඩසටහන විශේෂයෙන් අවධානය යොමුකර තිබුණේ තාක්ෂණික සහ නායකත්ව සුදුසුකම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙය කාලීන ව්‍යාපෘති, පුහුණු සැසි සහ නිරීක්ෂණ සංචාර හරහා සිදු කෙරිණි. සියලුම කටයුතු විෂය පිළිබඳ ප්‍රවීණයන් සහ විවිධ කර්මාන්තශාලා නායකත්ව කණ්ඩායම් මගින් මෙහෙයවන ලදි.…
මෙවර පරිසර සතිය Silueta ආයතනය විසින් ආරම්භ කරන ලද්දේ යටිහේන මහා විද්‍යාලයේ දරුවන් සඳහා ආකර්ෂණීය දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කරමිනි. පාසල තුළ “පරිසර නියමු” වැඩසටහන් නැවත ආරම්භ කිරීමටත් සිසුන් අතර පාරිසරික හැඟීම යළි පුබුදුවාලීමටත් මෙහිදී කටයුතු කරන ලදි. මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ “ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පරදවමු” තේමාව යටතේ ප්‍රතිචක්‍රීකරණ හා නව භාවිතයන් සඳහා නිෂ්පාදන සැකසීමේ ව්‍යවසායකයෙකු වන ජයන්ත කුමාරසිරි මහතා විසිනි. සිසුන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදන සමඟ ප්‍රායෝගිකව අත්හදා බැලීම් කළ අතර නිර්මාණාත්මක අපද්‍රව්‍ය විසඳුම් ගවේෂණය කරමින් අර්ථවත් සාකච්ඡාවකට සහභාගී විය.
පන්නල සිට කුලියාපිටිය දක්වා, මාර්ග සංඥා පුවරු පිරිසිදු කිරීමේ වැඩසටහනක් PWD අධිකාරියේ සාමාජිකයින්ගේද සහයෝගය සහිතව MAS Intimates – Slimline ආයතනය විසින් පසුගියදා සාර්ථකව දියත් කරන ලදි. වගකීම් සහගත හෙටක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද මෙම අර්ථවත් ප්‍රජා සත්කාරය තුළින් මාර්ගයන් වඩාත් පැහැදිලි, ආරක්ෂිත තැනක් බවට පත්කිරීමට හැකිවීම සියලු දෙනාගේ ඉමහත් ප්‍රශංසාවට හේතු විය.
කිළිනොච්චියේ MAS Intimates Vidiyal ආයතනය විසින් යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය, කරච්චි ප්‍රාදේශීය සභාව හා ලේ බැංකුව සමඟ එක්ව සමාජයේ ජීවිත රැකගැනීමට සහාය වීමේ අරමුණ ඇතිව සිය කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ලේ දන්දීම් වැඩසටහනක් සංවිධානය කරන ලදි. සේවා නියුක්තිකයින් මෙන්ම බාහිර පුද්ගලයින්ද සිය සමාජ යුතුකම පිළිබඳ කැපවීම පෙන්වමින් මෙම වැඩසටහන සඳහා මහත් උනන්දුවකින් සහභාගී විය. කිලිනොච්චි ලේ බැංකුවේ සහතික කළ වෛද්‍ය වෘත්තිකයින්ගේ උපදෙස් යටතේ මෙම වැඩසටහන පැවැත්විණි. සිදුකරන ලද කැපවීමට ඇගයීමක් වශයෙන් සියලුම දායකයින්ට ස්තූති සටහනක් සමඟ පැළයක් තෑගි වශයෙන් ලබාදීම සුවිශේෂ සිදුවීමක් විය. MAS Intimates Vidiyal ආයතනය රැකවරණය සහ තිරසාරභාවය පිළිබඳ සංස්කෘතියක් ගොඩනැඟීම වෙනුවෙන් සිදුකරන ලද මෙම සමාජ…