ප්‍රජා සවිබලගැන්වීම සහ පාරිසරික තිරසාරත්වය සඳහා වූ අපගේ අඛණ්ඩ කැපවීමේ තවත් පියවරක් ලෙස, තුල්හිරිය ධර්මසිරි සේනානායක මහා විද්‍යාලය සහ කෑගල්ල රතු කුරුස සංගමය සමඟ එක්ව බහුවිධ සමාජ සත්කාරක වැඩසටහනක් MAS Fabrics Intimo ආයතනය විසින් පසුගියදා සංවිධනය කරන ලදි. සුරක්ෂිතභාවය, සෞඛ්‍ය දැනුවත්භාවය මෙන්ම මානසික හා ශාරීරික යහපැවැත්ම යන අංශ කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කර තිබිණි. සමාජ වගකීම, තිරසාර සංවර්ධනය සහ යෞවන සවිබලගැන්වීම යන මූලික සාරධර්ම මෙහිදී පිළිඹිඹු විය. මෙම වැඩසටහන් මාලාවට දෙදින ප්‍රථමාධාර පුහුණුවක්, මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ සැසියක් හා ආරක්ෂණ අධ්‍යාපන සැසියක් ආදී වැඩසටහන් රැසක් ඇතුළත් විය.
රතු කුරුස සංගමයේ හවුල්කාරිත්වය ඇතිව සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වූ දෙදින ප්‍රථමාධාර පුහුණුව තුළින් සහභාගී වූවන්ට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක කුසලතා ලබා දුන් අතර එමගින් පාසලේ හදිසි අවස්ථා සඳහා වූ සූදානම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමත්, සුරක්ෂිතභාවය සහ සූදානම පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමත් අරමුණ විය.
මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ සැසිය මගින් මානසික යහපැවැත්මේ වැදගත්කම වටහා ගනිමින්, මානසික ආතතිය කළමනාකරණය, චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාව සහ ස්වයං රැකවරණය පිළිබඳව අවධානය යොමු කර තිබිණි. සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සමඟ සමබර සහ සෞඛ්‍ය සම්පන්න මානසිකත්වයක් පවත්වා ගැනීමට සහාය වීමට මෙමගින් හැකියාව ලැබිණි. ඊට අමතරව පාසල, නිවස සහ ප්‍රජාව තුළ අනතුරු වළක්වා ගැනීම අපේක්ෂා කරමින් සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමක්ද මෙම වැඩසටහනට ඇතුළත් විය. දෛනික ජීවිතයේ සෑම අංශයකදීම ඔවුන්ගේ යහපැවැත්මට සහ ආරක්ෂාවට සහාය වීම සඳහා ප්‍රායෝගික දැනුමෙන් සිසුන් සවිබල ගැන්වීම මෙම මාතෘකා ඔස්සේ අරමුණු කෙරිණි.
මෙම වැඩසටහන් සියල්ල සාර්ථක කරගැනීමට ස්වේච්ඡා සේවකයන්, පාසල් කාර්ය මණ්ඩලය, රතු කුරුස සංගමයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් දායක වීම විශේෂත්වයක් ගනී.