Close Menu
    Facebook X (Twitter) Instagram
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Fabrics»ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් දැවැන්ත පියවරක්
    Fabrics

    ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් දැවැන්ත පියවරක්

    Diyani EditorsBy Diyani Editorsඅගෝස්තු 11, 2025ප්‍රතිචාර නොමැත2 Mins Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    ප්‍රජා සවිබලගැන්වීම සහ පාරිසරික තිරසාරත්වය සඳහා වූ අපගේ අඛණ්ඩ කැපවීමේ තවත් පියවරක් ලෙස, තුල්හිරිය ධර්මසිරි සේනානායක මහා විද්‍යාලය සහ කෑගල්ල රතු කුරුස සංගමය සමඟ එක්ව බහුවිධ සමාජ සත්කාරක වැඩසටහනක් MAS Fabrics Intimo ආයතනය විසින් පසුගියදා සංවිධනය කරන ලදි. සුරක්ෂිතභාවය, සෞඛ්‍ය දැනුවත්භාවය මෙන්ම මානසික හා ශාරීරික යහපැවැත්ම යන අංශ කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කර තිබිණි. සමාජ වගකීම, තිරසාර සංවර්ධනය සහ යෞවන සවිබලගැන්වීම යන මූලික සාරධර්ම මෙහිදී පිළිඹිඹු විය. මෙම වැඩසටහන් මාලාවට දෙදින ප්‍රථමාධාර පුහුණුවක්, මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ සැසියක් හා ආරක්ෂණ අධ්‍යාපන සැසියක් ආදී වැඩසටහන් රැසක් ඇතුළත් විය.

    රතු කුරුස සංගමයේ හවුල්කාරිත්වය ඇතිව සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වූ දෙදින ප්‍රථමාධාර පුහුණුව තුළින් සහභාගී වූවන්ට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක කුසලතා ලබා දුන් අතර එමගින් පාසලේ හදිසි අවස්ථා සඳහා වූ සූදානම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමත්, සුරක්ෂිතභාවය සහ සූදානම පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමත් අරමුණ විය.

    මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ සැසිය මගින් මානසික යහපැවැත්මේ වැදගත්කම වටහා ගනිමින්, මානසික ආතතිය කළමනාකරණය, චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාව සහ ස්වයං රැකවරණය පිළිබඳව අවධානය යොමු කර තිබිණි. සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සමඟ සමබර සහ සෞඛ්‍ය සම්පන්න මානසිකත්වයක් පවත්වා ගැනීමට සහාය වීමට මෙමගින් හැකියාව ලැබිණි. ඊට අමතරව පාසල, නිවස සහ ප්‍රජාව තුළ අනතුරු වළක්වා ගැනීම අපේක්ෂා කරමින් සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමක්ද මෙම වැඩසටහනට ඇතුළත් විය. දෛනික ජීවිතයේ සෑම අංශයකදීම ඔවුන්ගේ යහපැවැත්මට සහ ආරක්ෂාවට සහාය වීම සඳහා ප්‍රායෝගික දැනුමෙන් සිසුන් සවිබල ගැන්වීම මෙම මාතෘකා ඔස්සේ අරමුණු කෙරිණි.

    මෙම වැඩසටහන් සියල්ල සාර්ථක කරගැනීමට ස්වේච්ඡා සේවකයන්, පාසල් කාර්ය මණ්ඩලය, රතු කුරුස සංගමයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් දායක වීම විශේෂත්වයක් ගනී.

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.