සිනහවෙන්, සතුටෙන් සහ අමතක නොවන මතකයන්ගෙන් පිරී ඉතිරී ගිය “Methliya Family Day” 2025 පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
කාටූන් චරිත විසින් කුඩා දරුවන්ට චොක්ලට් ලබාදෙමින් ඔවුන්ව ආදරයෙන් පිළිගනිමින් උදෑසන වැඩසටහන ආරම්භ විය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළු ප්‍රියන්ත සෙනවිරත්න මහතා විසින් මෙහෙයවන ලද විනෝද ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් රැසක් පැවැත්විණි.
Bouncing houses, දුම්රිය සවාරි, මුහුණු පින්තාරු කිරීම් මෙන්ම රසවත් ආහාරවලින් සමන්විත ආහාර කුටි හේතුවෙන් පැමිණි සිටි සැමට විනෝද වීමට අවස්ථාවක් විය. සෑම අමුත්තෙකුටම රාත්‍රී ආහාරය, කෙටි කෑම සහ බීම වර්ග පිරිනැමීම විශේෂත්වයකි.
සන්ධ්‍යාව නිමා වූයේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මියුරු සංගීත ප්‍රසංගයත් සමඟිනි. එය, ප්‍රීතියෙන් සහ එකමුතුකමෙන් පිරුණු සුන්දර දිනයක සමාප්තිය සනිටුහන් කළේය.
මේ එම සුවිශේෂ දිනයේ ඡායාරූප පෙළයි.