Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, ජූනි 1
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Bodyline»MAS නිසා ජීවිතයේ පෙරමුණට ගිය විරාජිකා හා තිළිණි
    Bodyline

    MAS නිසා ජීවිතයේ පෙරමුණට ගිය විරාජිකා හා තිළිණි

    Diyani EditorsBy Diyani Editorsජනවාරි 26, 2024ප්‍රතිචාර නොමැත3 Mins Read
    WGB
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    හොරණ Bodyline ආයතනයේ සේවය කරන විරාජිකා තම ආයතනය පිළිබඳව අදහස්  එක්කළේ මෙලෙසින්. “මම විරාජිකා. මම Bodyline ආයතනයට සම්බන්ධ වන්නේ මට අවුරුදු 20දී. ඒ මගේ මිතුරන්ගේ නිර්දේශ කිරීමක් මත. මම Bodyline ආයතනයට සම්බන්ධ වන කාලයේ හොරණ  ප්‍රදේශයේ මේ මට්ටමේ වෙනත් කර්මාන්තශාලා තිබුණේ නැහැ. ඒ කාලයේත් Bodyline ආයතනයට හොඳ නමක් වගේම

    ජනප්‍රියත්වයක් හිමිවී තිබුණා. මම මගේ පළමු රැකියාව ලෙස MAS Bodyline ආයතනය තෝරා ගත්තා. මම බොඩිලයින් ආයතනයට එක් වන්නේ මැෂින් ක්‍රියාකාරිනියක ලෙසයි. ආයතන ධූරාවලියේ පහළම  මට්ටමේ සේවකයකු ලෙස ආයතනයට එක්වූ මම මේ වන විට තත්ත්ව අධීක්‍ෂකවරියක ලෙස කටයුතු කරනවා. මෙම ශේ‍ර්ණි උසස් වීමේදී මට ආයතනය මඟින් මනා පුහුණුවක් ලබා දුන්නා.

    මේ වන විට මම Bodyline ආයතනයෙන් ඉහළ වැටුපක් ලබා ගන්නවා. ඉහළ වැටුපක් ලබා ගැනීමට හැකිවීම නිසා බාගෙට ඉදිකළ මගේ නිවෙසේ වැඩකටයුතු සම්පූර්ණයෙන් නිම කරගන්නට හැකි වුණා. මගේ වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන තවත් ඉලක්ක කිහිපයක් පවතිනවා. එහි පලමුවැන්න වන්නේ මම දැනට සිටින තනතුරෙන් විධායක මට්ටම දක්වා උසස් වීමක් ලබා ගැනීමයි. එය මගේ වෘත්තීයමය ජීවිතයේ එකම අපේක්ෂාවයි. ඒ වගේම  මගේ වැඩිමහල් දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු  සඳහා විදේශ රටකට (ජපානයට) යැවීමද එකම අපේක්ෂාවයි. Bodyline ආයතනය හරහා මගේ ඒ අරමුණුවලට ළඟාවන්නට හැකියාව ලැබේවි කියා මම විශ්වාස කරනවා.

    Bodyline ආයතනයේ සේවය කරන තිළිණි තම ආයතනය පිළිබඳව මෙන්ම ඇගේ ජීවිතය ගොඩනඟාගත් ආකාරය පිළිබඳව අදහස් එක්කළේ මෙලෙසින්. “මම විවාහ වී ඉතාම කෙටි කාලෙකින් මගේ පළමු දරුවා ඉපදුණා. ඇත්තටම මේ කාලය මට බොහෝ දුෂ්කර කාලයක්. දරුවා ඉපදීමත් සමඟ ආර්ථික අපහසුතා තදින්ම දැනෙන්නට පටන් ගත්තා. මේ වන විට මට වයස අවුරුදු 22යි. අලුත උපන් දරුවාත් සමඟ රැකියාවකට යොමුවීම ඉතාමත් අසීරු කාර්යයක්. නමුත් දරුවාගේ අනාගතය පිළිබඳව සිතා මම Bodyline ආයතනයේ රැකියාවක් කරන්නට යොමු වුණා. නමුත් රැකියාව නිසා දරුවාට මවුකිරි ලබාදීමට සායනවලට යොමුවීමට නොහැකිවේ යැයි බියක් මට තිබුණා.

    ඒ නිසාම මම බබා ලැබෙන්න කලින් සහ ලැබුණාට පසුවත් Bodyline ආයතනයෙන් පැවැත්වූ මාතෘ සායනයන්ට සහභාගි වුණා. ඒවගෙන් දරුවාට මව්කිරි දීමේ වැදගත්කම වගේම නිවැරදිව මව්කිරි ලබා දීමේ ක්‍රම සහ නිවැරැදිව ගුඩුස් යවන ආකාරය වැනි ප්‍රායෝගික දැනුමකුත් අපට ලැබුණා. මෙම සායන හරහා දරුවෙක් ලැබෙන්න සිටින කාලයේ ශාරීරිකව හා මානසික සූදානම් විය යුතු ආකාරය පිළිබඳවත්, දරුවා ලැබෙන්න සිටියදී ඇතිවන සංකූලතා මෙන්ම ලබාගත යුතු අතිරේක විටමින් සහ පෝෂක පිළිබඳවත්, ආහාරයට ගැනීමට සුදුසු නුසුදුසු ආහාර පිළිබඳව සහ ඒ හා බැ¾දුණු මිථ්‍යා මත පිළිබඳවත් මේ හරහා මට හොඳ අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම මට දරුවා ලැබුණාට පස්සේ Bodyline ආයතනයේ පිහිටා තිබෙන මාතෘ පියසට ගිහිල්ලා අපට කලින් දැනුවත් කරලා තිබුණු විදිහට මව්කිරි ‍ෙදාවලා නිසි ආකාරයෙන් ආරක්ෂිතව ගබඩා කරලා මගේ දරුවාට ලබා දෙන්නට හැකි වුණා. ඒ වගේම මට රැකියාවක් තිබීම නිසා ආර්ථික ගැටලුවලින්ද නිදහස්. මේ වන විට මගේ නිවෙසේ සියලු වැඩකටයුතු නිමවී තිබෙනවා.

    බයිසිකලයක්වත් නොතිබූ මගේ ගෙදරට ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට හැකියාව ලැබුණේත් මගේ රැකියාව නිසා. ආයතනය මඟින් පවත්වන විශේෂ පුහුණු  සැසි සහ නායකත්ව කඳවුරු නිසා මේ වන විට මට උසස්වීමක්ද හිමි වී තිබෙනවා. මගේ වෘත්තීයමය ජීවිතයේ විධායක නිලධාරිනියක් ලෙස උසස්වීමක් හිමි   කරගන්න වගේම මෝටර් රථයක් මිලදී ගන්න මම බලාපොරොත්තු වෙනවා. මට මෙතෙක් පැමිණි ගමන් මඟ දෙස බැලීමේදී මේ අරමුණුද Bodyline ආයතනය නිසා ඉටු කරගැනීමට හැකි වේ යැයි විශ්වාස කරනවා.” Bodyline ආයතනය සේවකයන්ගේ වෘත්තීමය දියුණුව මෙන්ම ආර්ථිකමය දියුණුව අපේක්ෂා කරන ආයතනයක්. ඒ අනුව මේ වනවිටත් Bodyline සමඟ එක්වී තම ජීවිතය ජයගත් බොහෝ පිරිසක් සිටිනවා.

    මව්බිම පුවත්පතෙහි පළවූ ලිපිය සඳහා සබැඳිය

    MAS කාන්තාවන් පෙරමුණට වැඩසටහන හරහා ජීවිතයේ පෙරමුණට ගිය විරාජිකා හා තිළිණි

     

     

     

     

    Diyani Editors
    • Website

    Related Posts

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    මැයි 27, 2025

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ