2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, මාර්තු මාසයේ CSR ව්‍යාපෘතියක් ලෙස MAS Active Linea Intimo හි සමාජ තිරසාර කණ්ඩායම ‘Book Drive’ නමින් පොත් පරිත්‍යාග ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන තුළින් දරුදැරියන්ගේ දැනුම වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබිණි.
මෙහිදී MAS Active Linea Intimo සේවා නියුක්තිකයින් විසින් පරිත්‍යාග කරන ලද හොඳ තත්ත්වයේ පැවති පොත් 75 ක් පමණ එක්රැස් කරගෙන තිබිණි. අවශ්‍යතා තක්සේරුවට අනුව, “දේදුනු ළමා සංවර්ධන මධ්‍යස්ථානය” ප්‍රදේශයේ පුස්තකාල පහසුකම් නොමැති එකම කාන්තා ළමා නිවස බව හඳුනා ගනිමින්, එම මධ්‍යස්ථානයේ පුස්තකාලයක් ආරම්භ කිරීම සඳහා මෙම පොත් පරිත්‍යාග කරන ලදි. දරුදැරියන්ගේ අධ්‍යාපනික හා මානසික දියුණුව සඳහා අවශ්‍යව තිබූ සුවිශේෂ ස්ථානයක අවශ්‍යතාව මෙමගින් සම්පූර්ණ වීම විශේෂත්වයකි.