වසර 20ක් පුරාවට MAS විසින් ලොව පුරා දහස් ගණනක් කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රජාවන් සවිබල ගන්වා ඇත. MAS ආයතනයේ “කාන්තාවන් පෙරමුණට” වැඩසටහන හරහා දියත් කළ වැඩසටහන් කාන්තාවන් මුහුණ පා ඇති බහුවිධ අභියෝගවලට විසඳුම් සොයමින් රැකියා ස්ථානයේ, නිවසේ සහ සමාජය තුළ ඇති අසමානතාවයන් නැති කිරීමට උත්සාහ කරමින් සිටියි. ඒ අතරින් කාන්තාවන් තුළ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම MAS විසින් අවදානයට ලක් කළ සුවිශේෂි අංශයකි. ව්‍යවසායකත්ව කුසලතා තුළින් පෙරමුණට ගිය නිල්මිණිගේ කතාවයි මේ. https://www.youtube.com/watch?v=Q7SGvegkVTo ධරණි පුවත්පතෙහි පළවූ ලිපිය සඳහා සබැඳිය https://www.aruna.lk/articles/dlFnBTxT9odTK8TyTM37
Author: Diyani Editors
විචිත්‍රවත් කෝලම් කලාවෙන් සහ සාම්ප්‍රදායික සැරසිලි වලින් අලංකරණය කරමින් මෙවර තෛපොංගල් දිනය MAS KREEDA Methliya, MAS KREEDA AL-SAFI- DULAYL, MAS KREEDA Balangoda යන ආයතනවලදී උත්සව ශ්‍රීයෙන් සමරන ලදි. සතුට බෙදා ගනිමින් අලුතින් පිසූ පොංගල් බත් එකට රස විඳිමින් ගෙවුණු එදින සුවිශේෂ පූජාවන් හා ආශීර්වාද යාච්ඤාවන්ද පැවැත්විණි. MAS Kreeda Methliya MAS Kreeda Balangoda MAS KREEDA AL-SAFI- DULAYL
හොරණ Bodyline ආයතනයේ සේවය කරන විරාජිකා තම ආයතනය පිළිබඳව අදහස් එක්කළේ මෙලෙසින්. “මම විරාජිකා. මම Bodyline ආයතනයට සම්බන්ධ වන්නේ මට අවුරුදු 20දී. ඒ මගේ මිතුරන්ගේ නිර්දේශ කිරීමක් මත. මම Bodyline ආයතනයට සම්බන්ධ වන කාලයේ හොරණ ප්‍රදේශයේ මේ මට්ටමේ වෙනත් කර්මාන්තශාලා තිබුණේ නැහැ. ඒ කාලයේත් Bodyline ආයතනයට හොඳ නමක් වගේම ජනප්‍රියත්වයක් හිමිවී තිබුණා. මම මගේ පළමු රැකියාව ලෙස MAS Bodyline ආයතනය තෝරා ගත්තා. මම බොඩිලයින් ආයතනයට එක් වන්නේ මැෂින් ක්‍රියාකාරිනියක ලෙසයි. ආයතන ධූරාවලියේ පහළම මට්ටමේ සේවකයකු ලෙස ආයතනයට එක්වූ මම මේ වන විට තත්ත්ව අධීක්‍ෂකවරියක ලෙස කටයුතු කරනවා. මෙම ශේර්ණි උසස් වීමේදී මට ආයතනය මඟින් මනා පුහුණුවක් ලබා දුන්නා. මේ වන…
එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සැමරීම සඳහා දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයේ රාජකීය ඈන් කුමරිය, ශ්‍රීමත් තිමෝති ලෝරන්ස් හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් යන පිරිස ඔවුන්ගේ සංචාරයේ පළමු නැවතුම ලෙස MAS Nirmaana වෙත පැමිණි අතර ඔවුන් MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු විසින් පිළිගනු ලැබිණි. රාජකීය දූත පිරිස MAS Active හි ගෝලීය නිර්මාණ මධ්‍යස්ථානය වන Nirmaana හි සංචාරය කළ අතර, එහිදී ඇඟලුම් කර්මාන්තයේ දශක තුනක අපගේ ගමනමග පිළිබඳව හා Marks & Spencer (M&S) සහ Gymshark වැනි ගනුදෙනුකරුවන් සමඟ එක්ව එක්සත් රාජධානියේ ප්‍රධාන වෙළෙඳ පොළෙහි MAS සිදුකරනු ලබන නවෝත්පාදන හා…
2024 නව වසර වෙනුවෙන් MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් පුනාන්දු MAS සාමාජික සාමාජිකාවන් අමතා කළ විශේෂ කතාව https://www.youtube.com/watch?v=abMqLE6fo48
රාහු කාලය ඉරිදා 04.30 – 06.00 දක්වා සඳුදා 07.30 – 09.00 දක්වා අඟහරුවාදා 03.00 – 04.30 දක්වා බදාදා 12.00 – 01.30 දක්වා බ්‍රහස්පතින්දා 01.30 – 03.30 දක්වා සිකුරාදා 10.30 – 12.00 දක්වා සෙනසුරාදා 09.00 10.30 දක්වා ඉරිදා 04.30 – 06.00 දක්වා සඳුදා 07.30 – 09.00 දක්වා අඟහරුවාදා 03.00 – 04.30 දක්වා බදාදා 12.00 – 01.30 දක්වා බ්‍රහස්පතින්දා 01.30 – 03.30 දක්වා සිකුරාදා 10.30 – 12.00 දක්වා සෙනසුරාදා 09.00 10.30 දක්වා ඉරිදා 04.30 – 06.00 දක්වා සඳුදා 07.30 – 09.00 දක්වා අඟහරුවාදා 03.00 – 04.30 දක්වා බදාදා 12.00 – 01.30 දක්වා බ්‍රහස්පතින්දා 01.30 – 03.30 දක්වා සිකුරාදා 10.30 – 12.00 දක්වා…
“වෙනස් වෙන එක තමයි ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම දේ” හැබැයි MAS කියන්නේ ඔබේ සිහින පණ ගන්වමින් ජීවිතය වෙනස් කරන තැනක්. මේ දිග හැරෙන්නේ තමන්ගේ ජීවන ගමන සහ වෙනස අතර අරමුණ සොයා ගිය MAS LINEA INTIMO ආයතනයේ භාග්‍යා සෙනවිරත්නගේ කතාවයි.
මේ දිග හැරෙන්නේ බලංගොඩ MAS KREEDA ආයතනයේ කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ ජීවන තත්වය උසස් කරමින් ඔවුන්ගේ ඊළඟ පියවරට අත දෙන්න පසුගිය දිනක පැවැත්වුණු LAMP ව්‍යාපෘතිය පිළිබඳවයි.
කාන්තාවකගේ දේහ ලක්ෂණවලට, බාහිර පෙනුමට සහ සිතුවිලිවලට බලපෑමක් කරන ප්‍රධාන හෝර්මෝන වර්ග දෙක තමයි ඊස්ට්‍රජන් හෝර්මෝනය සහ ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝනය. ආර්තවහරණයේදී මෙම හෝර්මෝන වෙනස් වීම සිදු වෙනවා. “ආර්තවහරණය පිළිබඳව දැනුවත් වෙමු” video මාලාවේ දෙවන video එක තුළින් අපි අද ඔබට කියන්නේ ආර්තවහරණයේ ලක්ෂණ මොනවද කියලා.
ඇඟලුම් කර්මාන්තයේ ප්‍රගතිය සහ තිරසාර නවෝත්පාදනය කෙරෙහි MAS හි සුවිශේෂී අවධානය ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල මඟින් නව්‍යකරණයන් කෙරෙහි මූලික අවධානයක් ලබාදෙන සංවිධාන හඳුනාගෙන අගයනු ලබයි. දකුණු ආසියානු නවෝත්පාදන සම්මාන සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ලොව පුරා නවෝත්පාදන නායකයින් හඳුනාගැනීමේ මිණුම් ලකුණක් වන Clarivate’s Top 100 Global Innovators™ හි ක්‍රමවේදයට සමාන්තර වේ. Clarivate විසින් derwent World Patents Index™ (DWPI™) සහ Derwent…