2025 වසරේ දෙවන වරටත් 304 දෙනෙකුගේ සහභාගීත්ව සහිතව සෞඛ්‍ය කඳවුරක් සංවිධානය කරන්නට MAS Fabrics Intimo ආයතනය කටයුතු කරන ලදි. මෙමගින් ආයතනයේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගැනීම සඳහා අනගි අවස්ථාවක් උදාවිය. එහිදී BMI පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරික්ෂාව, ගැබ්ගෙල පිලිකා හා පියයුරු පිලිකා පරීක්ෂණ ඇතුළත් සුවනාරි සායනය මෙන්ම නොමිලයේ වෛද්‍ය උපදෙස්ද ලබාදෙන ලදි.
බොහෝ දෙනෙකුට තම කාර්යබහුල දෛනික චර්යාවන් හේතුවෙන් තම මූලික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අවස්ථාවක් නොලැබී යයි. ‘Women Go Beyond’ යටතේ, සෞඛ්‍ය දැනුවත්භාවය දිරිගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුයේ එබැවිනි.