Bodyline ආයතනය සිය සේවක සේවිකාවන්ගේ කැපවීම අගය කරමින්, සේවා ඇගයීමේ උත්සවයක් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. වසර 5, 10, 15, 20, 25 සහ 30 යන සේවා කාල සීමාවන් සම්පූර්ණ කළ සේවක සේවිකාවන් මෙහිදී ඇගයීමට ලක්විය.
මෙම උත්සවයේදී, සිය අඛණ්ඩ කැපවීම වෙනුවෙන් සේවා නියුක්තිකයින් 1,140 දෙනෙකුට උපහාර පිරිනැමීම විශේෂත්වයකි. ආයතනය වෙනුවෙන් ඔවුන් කළ අනගිභවනීය දායකත්වය අගය කරමින්, සෑම සේවකයකුටම රන් කාසියක් බැගින් ප්රණාම තිළිණයක් පිරිනැමිණි.
සංවිධානයේ ගමනට අත්‍යාවශ්‍යම සාධකයක් වන සියලුම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම හා වෙහෙස මහන්සිය වෙනුවෙන් Bodyline ආයතනය සිය හෘදයාංගම කෘතඥතාව පල කර සිටී.