Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, ජූනි 1
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»පියයුරු පිළිකාවක් සෑදීමේ අවදානම වැඩි කාටද?
    Featured

    පියයුරු පිළිකාවක් සෑදීමේ අවදානම වැඩි කාටද?

    Diyani EditorsBy Diyani Editorsජූනි 19, 2023ප්‍රතිචාර නොමැත4 Mins Read
    පියයුරු පිළිකා
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email
    අද වනවිට ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකාව වනුයේ පියයුරු පිළිකාවයි. එමෙන්ම පසු ගිය වසර 25ක කාලය තුළ අලුතෙන් හඳුනාගත් පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී තිබේ. පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සම්පූර්ණයෙන්ම පියයුරම ඉවත් නොකර වඩාත් සරල ශල්‍යකර්ම ක්‍රම මගින් පිළිකාව පමණක් ඉවත් කර වඩාත් ගුණාත්මක ජීවිතයක් ගතකිරීමේ හැකියාව තිබේ. නමුත් අද බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගය උත්සන්න වූ විටදීය. එමෙන්ම යම් සැක සහිත බවක් ඇති වුවහොත් පිළිකාවක්ද යන බිය නිසාම බොහෝ දෙනෙකු මේ පරීක්ෂාව කිරීමට මැළිකමක් දක්වයි. ඒ හේතුවෙන් පිළිකා රෝගී තත්වය උත්සන්නම අවස්ථාව දක්වා පැතිර ගිය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමු වේ. එවිට පිළිකාව අනෙකුත් ඉන්ද්‍රියන් කරාද පැතිරී ගොස් තිබීමට පුළුවන.
    පියයුරු පිළිකාවක් සෑදීමේ අවදානම වැඩි කාටද?

    ■ පියයුරු පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්
    ■ ඩිම්බකෝෂ පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්
    ■ පියයුරේ අනෙකුත් රෝග පිළිබඳ පෙර ඉතිහාසයක් ඇති කාන්තාවන්
    ■ ආර්ථව චක්‍රය වැඩි වාර ගණනකට භාජනය වූ කාන්තාවන්
    ■ අවුරුදු 11ට පෙර වැඩිවියට පත්වූ කාන්තාවන්
    ■ අවුරුදු 55ට පසුව වුවත් ආර්ථවය නතර නොවු කාන්තාවන්
    ■ දරුවන් නොමැති කාන්තාවන්
    ■ මවුකිරි ලබා නොදුන් කාන්තාවන්
    ■ පළමු දරු උපත අවුරුදු 35ට පසු සිදු වූ කාන්තාවන්
    ■ හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දිගු කාලීනව ලබා ගන්නා කාන්තාවන්
    ■ මීට අමතරව තරබාරු සහ මත්ද්‍රව්‍ය ගන්නා, ශාරීරික ව්‍යායම් අඩු අයටද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාවක් ඇත. මෙවැනි තත්ත්වයන් ඇති කාන්තාවන් අනිවාර්යයෙන්ම තමන්ගේ පියයුරු සම්බන්ධව සැලකිළිමත් විය යුතුය. ඔබගේ පියයුරු පිළිබඳව දැනුම්වත් වීමේදී ඔබේ පියයුරුවල සාමාන්‍ය ලක්ෂණ හඳුනාගත යුතුය.

    පියයුරුවල සාමාන්‍ය ලක්ෂණ

    බොහෝ කාන්තාවන්ගේ පියයුරු දෙකම එක සමාන නැත.
    මාස් ශුද්ධිය සිදුවන කාන්තාවන්ගේ පියයුරු හෝමෝනවල බලපෑම නිසා විවිධ වෙනස්කම්වලට භාජනය වේ.
    මාස් ශුද්ධියට පෙර පියයුරුවල ඇතිවන ගැටිති ස්වභාවය, වේදනාව වැනි ලක්ෂණ සාමාන්‍ය වේ.
    මාස් ශුද්ධිය නැවතුණු කාන්තාවන්ගේ පියයුරු මෘදු, සැහැල්ලු තත්ත්වයට පත්වේ.

    පියයුරුවල දැකිය හැකි අසාමාන්‍යතා

    ■ පියයුරුවල මෑතකදී ඇති වූ හැඩයේ වෙනස්වීමක් හෝ පැහැදිලි අසමමිතික බවක්
    ■ පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්
    පියයුරෙහි වළගැසීමක්
    ■ සමේ වෙනස් වීමක්
    උදා- දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්, සම මතුපිට දදයක්/ තුවාලයක්
    ■ තනපුඩුවේ ගිලී යාමක් හෝ අසමමිතික බවක්
    ■ තනපුඩුවේ කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිටවීමක්

    මෙවැනි ලක්ෂණ ඔබටත් පැවතුණහොත් අනිවාර්යයෙන්ම පරීක්ෂාවක් සඳහා ඔබ යොමු විය යුතුය. පියයුරු අසාමාන්‍යතාවන් හඳුනා ගැනීමට නම් සෑම කාන්තාවක්ම තමාගේ පියයුරුවල සාමාන්‍ය ස්වභාවය කුමක්දැයි හඳුනාගත යුතුය. මේ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාව වැදගත් වේ. ස්වයං පියයුරු පරීක්ෂාව කොටස් දෙකකින් යුක්තය

    ■ පියයුරු නිරීක්ෂණය
    ■ පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම

    පියයුරු පරීක්ෂාව කළ යුත්තේ කවදාද?

    අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් මෙම පරීක්ෂාව කළ යුතුය. මාස් ශුද්ධිය සිදුවන කාන්තාවන්, මාස් ශුද්ධිය අවසාන වී සතියකට පසුව පියයුරු පරීක්ෂාව කළ යුතුය. මාස් ශුද්ධිය නතර වූ කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පියයුරු පරීක්ෂාව සඳහා යොදාගත යුතුය.

    පියයුරු නිරීක්ෂණය කිරීම

    මේ සඳහා ආවරණය වූ ස්ථානයක් (උදා- කාමරයක්) තොරා ගන්න. ඔබගේ උඩුකය සම්පූර්ණයෙන්ම නිරාවරණය කර කැඩපතක් ඉදිරියේ සිට ගන්න. අසාමාන්‍යතා ඇතිදැයි පරීක්ෂා කර බලන්න.

    පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම

    ඇඳක හෝ ඝන මතුපිටක වැතිර පියයුරු පරීක්ෂා කළ හැක. පරීක්ෂා කරන පියයුර ඇති පැත්තේ උරහිසට යටින් ඝන රෙද්දක් නවා තබා හෝ පැතලි කොට්ටයක් තබා , පරීක්ෂා කරන පැත්තේ අත ඉහළට ඔසවා අත්ල මත හිස තබා අනෙක් අතින් පරීක්ෂා කරන්න. පියයුරු පරීක්ෂාව කරන්නේ සිටගෙන නම් පරීක්ෂා කරන පියයුරු ඇති පැත්තේ අත ඉහළට ඔසවා අනෙක් අතින් පියයුර පරීක්ෂා කරන්න. අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවල ඇතුළු පැත්තෙන් පියයුරෙහි ගැටිති හෝ සමට යටින් ඝණ වීමක්, එහාට මෙහාට නොයන තද ගතියක් හෝ ඇතිදැයි පරීක්ෂා කරන්න. වම් අතින් දකුණු පියයුර සහ දකුණු කිහිල්ලද, දකුණු අතින් වම් පියයුර සහ වම් කිහිල්ලද පරීක්ෂා කරන්න. පියයුරෙහි සෑම කොටසක්ම ආවරණය වන පරිදි පිටත සිට ඔරලෝසුවේ කටු යන අතට අඛණ්ඩව හසුරවමින් පියයුරෙහි ගැටිත්තක්, වේදනාවක් හෝ ඝණවීමක් ඇතිදැයි පරීක්ෂා කරන්න. පියයුරු පරීක්ෂා කිරීමේදී එකිනෙකට වෙනස් තෙරපීමක් යොදමින් පහත පරිදි පරීක්ෂා කළ යුතුය. මහපට ඇඟිල්ල හා දබරඟිල්ලෙන් තනපුඩුව වටා ඇති තද පැහැති කොටස මිරිකා තනපුඩුවෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවන්නේ දැයි බලන්න.

    පියයුරුවල අසාමාන්‍ය තත්ත්වයක් හඳුනාගත්තොත් ඔබ යා යුත්තේ,

    ඔබේ ප්‍රදේශයේ සුවනාරී සායනය වෙත
    ඔබේ රෝහලේ සුවදිවි මධ්‍යස්ථානය වෙත
    ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත
    රජයේ හෝ පෞද්ගලික රෝහලක් වෙත
    පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනය වෙත
    ඔබ මේ කරුණු සම්බන්ධව සැලකිළිමත් වී මේ ලක්ෂණ ඔබට ඇත්නම් ප්‍රතිකාර සඳහා යොමු වන්න. එවිට ඔබට මෙය පැතිරීමට පෙර සුව කරගත හැක.

    (‘ඔබගේ පියයුරු පිළිබඳ දැනුම්වත් වන්න‘ යන මැයෙන් ‘ ලෝක පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය‘ වෙනුවෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස් ඇසුරෙනි.)

    Diyani Editors
    • Website

    Related Posts

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    මැයි 27, 2025

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ