පන්නල සිට කුලියාපිටිය දක්වා, මාර්ග සංඥා පුවරු පිරිසිදු කිරීමේ වැඩසටහනක් PWD අධිකාරියේ සාමාජිකයින්ගේද සහයෝගය සහිතව MAS Intimates – Slimline ආයතනය විසින් පසුගියදා සාර්ථකව දියත් කරන ලදි.
වගකීම් සහගත හෙටක් වෙනුවෙන් ක්රියාත්මක කරන ලද මෙම අර්ථවත් ප්රජා සත්කාරය තුළින් මාර්ගයන් වඩාත් පැහැදිලි, ආරක්ෂිත තැනක් බවට පත්කිරීමට හැකිවීම සියලු දෙනාගේ ඉමහත් ප්රශංසාවට හේතු විය.