Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, ජූනි 1
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»MAS ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ පශ්චාත් මැතිවරණ පණිවුඩය
    Featured

    MAS ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ පශ්චාත් මැතිවරණ පණිවුඩය

    Diyani EditorsBy Diyani Editorsඔක්තෝබර් 22, 2024ප්‍රතිචාර නොමැත2 Mins Read
    CEOs post elections message
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    මාගේ හිතවත් MAS සාමාජික සාමාජිකාවනි,

    මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණවලින් එකක්, පසුගියදා දැකගැනීමට හැකිවීම සැබවින්ම සතුටට කරුණකි. වසංගත කාලයන්ගෙන්, ආර්ථික හා දේශපාලන අර්බුදවලින් යුත් කැළඹිලි සහගත වසර කිහිපයකට පසුව, සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් බලය මාරුවීම තුළින්, අපගේ රටෙහි ජනතාවගේ ශක්තිය මනාව පෙන්නුම් කරයි.

    නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ අපගේ රට නව නායකත්වයක් වැළඳගනිද්දී, අපි අපේ රටේ හා අපේ කර්මාන්තයේ අනාගතය ගැන මහත් බලාපොරොත්තුවෙන් මෙම නව කාලපරිච්ඡේදය දෙස බලා සිටිමු. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ සේවා යෝජකයා මෙන්ම විශාලතම අපනයනකරු ලෙසින්, අපගේ වගකීම පැහැදිලිය. සැමවිටම කළ පරිදි MAS හි අපි, අපේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළ යුතුය. එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික යහපැවැත්ම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට අපට හැකිවනු ඇත.

    ‍නොවැම්බර් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයද සාමකාමී මැතිවරණයක් වනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි. එය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සංවර්ධනය හා සමෘද්ධිය සඳහා මග විවෘත කරනු ඇත. මෙම සංක්‍රාන්ති කාලය තුළ ඔබ අපගේ ආයතනයේ අගයන් නියෝජනය කරමින්, සෑම විටම නිහතමානීව හා ගෞරවයෙන් ක්‍රියා කරනු ඇතැයි මම විශ්වාස කරමි. නව රජයක් පිහිටුවීම සදහා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය තුළින් ශක්තිමත් හා සමෘද්ධිමත් රටක් සඳහා දායක වීමේ අවස්ථාව අපි උදාකර ගනිමු.

    ඔබට සහ ඔබේ ආදරණීයයන්ට මාගේ සුබපැතුම්.

    ස්තුතියි,
    සුරේන් ප්‍රනාන්දු
    ප්‍රධාන විධායක නිලධාරී – MAS සමූහ ව්‍යාපාරය

    Diyani Editors
    • Website

    Related Posts

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    මැයි 27, 2025

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ