UNFPA ශ්‍රී ලංකා ආයතනයේ සහයෝගය ඇතිව ඇඟලුම් අංශයේ කාන්තාවන් සඳහා ගොඩනගන ලද ප්‍රථම සුවතා මධ්‍යස්ථානය, UNFPA ශ්‍රී ලංකා හි නව වැඩබලන නිලධාරී පුන්ත්ෂෝ වංග්යෙල් (Phuntsho Wangyel) මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී පසුගියදා විවෘත කරන ලදි.
මෙම ව්‍යාපෘතිය UNFPA ශ්‍රී ලංකා, MAS Holdings, ජපාන රජය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය එකමුතුවෙන් මෙහෙය වන ලදි. මෙරට ප්‍රධාන පෙළේ කර්මාන්ත ක්ෂේත්රයක් වන ඇඟලුම් ක්ෂේත්රය බලගන්වන ශ්‍රම බලකායට ගෞරවය මෙන්ම සෞඛ්‍යය සහ අවස්ථා ලබා දීම මෙහි මූලික අරමුණයි.
ඇඟලුම් ක්ෂේත්රයේ සේවය කරන 350,000 කට අධික ජනතාවගෙන් බහුතරය කාන්තාවන් වේ. මෙම මධ්‍යස්ථානය ඔවුන්ට ආරක්ෂාව හා සහයෝගය ලබා දෙමින්, මානසික සෞඛ්‍යය, ප්‍රජනක සෞඛ්‍යය, හිරිහැර සහ ප්රචණ්ඩත්වය වැනි ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කරනු ලබයි.
සේවා නියුක්තිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් පුද්ගලික අංශය සිදුකරනු ලබන මෙවන් ආයෝජන, සැබවින්ම සාධාරණ මතු අනාගතයක් වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්ද වේ. එපමණක් නොව එය සෑම අංශයක් පිළිබඳවම හොඳින් සැලකිලිමත් වන බවට සහතිකයක්ද සපයයි.