PULSE නායකත්ව වර්ධන වැඩසටහන MAS KREEDA පුරා ශක්තිමත් බලපෑමක් ඇති කරමින් ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන කණ්ඩායම් නායකයන්ට (Team Leaders) ඔවුන්ගේ රැකියා භූමිකාවන්හි සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය විශ්වාසය, කුසලතා සහ මානසික ධෛර්යය නොඅඩුව සපයන ලදි. සියලුම දේශීය KREEDA කර්මාන්තශාලා හරහා මෙම වැඩසටහන දියත් වූ අතර එහිදී කණ්ඩායම් නායකයන් 240 දෙනෙකු අඛණ්ඩ දින 21 ක විශිෂ්ට ඉගෙනුම් ගමනක් සම්පූර්ණ කර උපාධිපතියන් බවට පත්වූහ.
වැඩසටහන විශේෂයෙන් අවධානය යොමුකර තිබුණේ තාක්ෂණික සහ නායකත්ව සුදුසුකම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙය කාලීන ව්‍යාපෘති, පුහුණු සැසි සහ නිරීක්ෂණ සංචාර හරහා සිදු කෙරිණි. සියලුම කටයුතු විෂය පිළිබඳ ප්‍රවීණයන් සහ විවිධ කර්මාන්තශාලා නායකත්ව කණ්ඩායම් මගින් මෙහෙයවන ලදි. සමූහ මාර්ගෝපදේශයන් අනුව සකස් කරන ලද අන්තර්ගතය KREEDA මෙහෙයුම්වලට අනුකූලව ස්ථාවර බව සහ අදාළත්වය සහතික කර ඇත. අවශ්‍ය ඇගයීම් හා ප්රමිතීන් සාර්ථකව සපුරා ගත් සහභාගිවන්නන්ට සහතික පත්‍ර පිරිනමන ලදි. මෙමගින් ඔවුන්ගේ කැපවීම සහ වර්ධනය ඉතා මැනෙවින් පෙන්නුම් කෙරිණි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට KREEDA ප්‍රධාන විධායක නිලධාරී Ziyan Zahir සහ නිෂ්පාදන අධ්යක්ෂ Aliasgar Adamali ඇතුළු නායකත්වය මගින් ලැබුණ සහාය විශාලය. එසේම KREEDA ශිල්ප ඇකඩමිය, L&D, DLE කණ්ඩායම් සහ කර්මාන්තශාලා මානව සම්පත් අංශය, MOS සහ නිෂ්පාදන කණ්ඩායම්ද විශාල සහයෝගයක් සපයන ලදි. පන්ති කාමර හරහා පමණක් නොව, PULSE වැඩසටහන ප්‍රබල සම්බන්ධතා සංස්කෘතියක් ගොඩනැගීමට සමත් වී තිබීම විශේෂත්වයකි. මෙම උපාධිධාරීන් තම ඉගෙනුම් දැනුම ඔස්සේ නායකත්වය තවත් ශක්තිමත් කර ගනිමින් සිටීම සැබවින්ම සතුටට කරුණකි.
අනාගතයේ දී, විවිධ අංශයන් පුරා වැඩසටහන පුළුල්ව ක්‍රියාත්ම කිරීම සඳහා සඳහා සැලසුම් කර ඇත. සියලුම උපාධිධාරීන්ට සුබපැතුම් එක්කරන අතරම කර්මාන්තශාලා මට්ටමින් හා ඉන් ඔබ්බටත් ඔබ විසින් ඇති කරනු ලබන ධනාත්මක බලපෑම දැකීමට අපි උනන්දුවෙන් බලාසිටින බව සදහන් කරන්නෙමු.