MAS Holdings ආයතනය විසින් පසුගියදා සංවිධානය කරන ලද MAS Eco Go Beyond 2024 සම්මාන උළෙල හරහා ශ්‍රී ලංකාවේ තරුණ තිරසර නායකයින් වෙත හරසර පිරිනැමීම සිදුවිය. සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය හා ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, ආහාර පද්ධති, ජල සංරක්ෂණය හා කළමනාකරණය, බලශක්ති සංරක්ෂණය හා කළමනාකරණය, තිරසර ජීවන රටාව, සහ අන්තර්ගතභාවය යන ක්ෂේත්රයන්හි සිදුකල විශිෂ්ට කාර්යයන් ඇගයීමට ලක්කරන ලදි. මෙහිදී පාසල් 29ක සිසුන් 51 දෙනෙකු සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි.
Eco Go Beyond වැඩසටහන තරුණ ප්‍රජාව තුළ සැබෑ සාධනීය වෙනසක් ඇති කිරීමට සහ වඩාත් තිරසාර අනාගතයක් හැඩගැස්සවීම සඳහා බලගැන්වීම වෙනුවෙන් MAS විසින් වසර 18ක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි. මෙම සුවිශේෂී උත්සවයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.