Close Menu
    Facebook X (Twitter) Instagram
    බදාදා, ජූනි 4
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Top News»MAS සමඟ එක්ව දිරියෙන් ජීවිතය ජයගත් ඉසංකා
    Top News

    MAS සමඟ එක්ව දිරියෙන් ජීවිතය ජයගත් ඉසංකා

    Diyani EditorsBy Diyani Editorsපෙබරවාරි 5, 2024ප්‍රතිචාර නොමැත5 Mins Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    ජීවිතයේ ජය ගැනීමට අභියෝග එමට ය. මුහුණු දීමට සිදුවන හැල හැප්පීම් බොහෝ ය. කෙසේ වෙතත් අප ඒ සියල්ලටම මුහුණ දිය යුතුමය. ජීවිතය ජයගත යුතුමය.  උත්සහය, කැපවීම සමඟ නොසැලෙන ධෛර්යය ඔබ සතු නම් ඔබේ ගමන වළකන්නට කිසිවෙකුට හැකි නොවේ. ඒ සා වූ අප්‍රතිහත ධෛර්යයකින් ජීවිතය ජයගත් ශක්තිමත් කාන්තා පෞරුෂයක් සමඟ අද සිරිකත අපේ කතාබහ වෙන්කර ගන්නට අප සූදානම්.

    ඇය නමින් ඉසංකා රණතුංග ය. ඇගේ ගමනට ශක්තියක් වන නිවැරදි මඟ පෙන්වන්නා වන්නේ MAS Holdings ආයතනයයි. මෙරට ආර්ථිකය සවිබල ගන්වමින් සුවිශේෂී කාර්යභාරයක නියැලී සිටින MAS Holdings ආයතනය සමඟ එක්ව නොබිඳෙන ශක්තිමත් ගමනක නියැලෙන ඉසංකා රණතුංග සමඟ ඇගේ කතාව අරඹන්නට අප සූදානම්.

    MAS Holdings සමඟ කොහොමද ඔබේ ගමන ආරම්භ වෙන්නේ?

    ඇත්තටම මම MAS Holdings ආයතනය සමඟ සම්බන්ධ වෙන්නේ 2018 වර්ෂයේ දී. MAS ආයතනය සමඟ සම්බන්ධ වුණාට පස්සේ මගේ ජීවිතයේ නොහිතපු ආකාරයේ සාර්ථකත්වයක් ළඟාකර ගන්න මට හැකියාව ලැබුණා. අද වන විට අවුරුදු පහක කාලයක් මම MAS Holdings ආයතනයේ සේවය කරනවා. සාමාන්‍යයෙන් යම් කෙනෙක් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවකට පැමිණෙද්දී සුවිශාල අරමුණු ඇතිව රැකියාවට පැමිණෙන්නේ නැහැ. එදිනෙදා ජීවිතය ගෙවා ගන්න සහ යම් පුංචි මුදලක් ඉතිරිකර ගන්න වගේ පුංචි බලාපොරොත්තු පමණයි ඇතිකර ගන්නේ. නමුත් ඒ විදිහට රැකියාව ආරම්භ කරපු මට හැකියාව ලැබුණා කිසිම දවසක නොහිතපු විදිහට සාර්ථකත්වයක් කරා ළඟා වෙන්න. ඒවගේම තමයි මම MAS Holdings ආයතනයට මුලින්ම සම්බන්ධ වුණේ Training sample operator කෙනෙක් විදිහට. නමුත් අද වෙද්දි මම කණ්ඩායම් නායිකාවක් සහ Sample operator කෙනෙක් ලෙස ඉදිරි පියවර තබා තිබෙනවා.

    ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ 2021 වර්ෂය. එහෙම නේද?

    ඇත්තටම ඔව්. 2021 වසරේදී මම කාන්තාවන් පෙරමුණටම (Women Go Beyond) වැඩසටහන මඟින් පවත්වන ලද අභිමානී සවිබල ගැන්වූ කාන්තාව (Empowered women of the year) ලෙස තේරී පත්වුණා. එම ජයග්‍රහණය තමයි මගේ ජීවිතය වෙනස් කරන්න හේතු වුණේ. විශේෂයෙන්ම අභිමානී ජයග්‍රහණයත් සමඟ මට හැකියාව ලැබුණා මාවම වෙනස් කර ගන්න. මම මා තුළම මෙතෙක් නොවූ ඉලක්ක නිර්මාණය කරගත්තා. මම මගේ අඩුපාඩු අවබෝධ කර ගනිමින් නායකත්ව ගති ලක්ෂණ වැඩි දියුණුකර ගන්න කටයුතු කළා.

    ඒවගේම නැවතී තිබුණු මගේ අධ්‍යාපන කටයුතු නැවතත් ආරම්භ කරන්න අවශ්‍යයි කියලා මම තීරණය කළා. විශේෂයෙන්ම අභිමානි උපදේශන වැඩසටහන මඟින් අපේ ඉලක්කවලට ලඟා වීමට අවශ්‍ය වන සුදුසුකම් සපුරා ගැනීමේ වැදගත්කම අපට අවබෝධ කර දුන්නා. ඒ අනුව මට අවශ්‍ය වුණා මීළඟ මගේ රැකියා ඉලක්කය වන කාර්මිකවරියක් (Technician) වීමේ අරමුණ කොහොමහරි ජය ගන්න. ඒ අනුව මම ඊට අදාළ පාඨමාලාවක් හදාරා අවසන් කර තිබෙනවා. ඒවගේම අභිමානී ජයග්‍රාහිකාවන්ට ලබා දුන් ඉංග්‍රීසි පාඨමාලා දෙකත් සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වී තිබෙනවා.

    නතර වී තිබුණු මගේ අධ්‍යාපනය නැවතත් වර්ධනය කර ගන්න මට මීට පෙර අවස්ථාවක් තිබුණෙ නැහැ. ඒ වගේම තිබුණ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න තරම් මා තුළ එතරම් උනන්දුවක් තිබුනෙත් නැහැ. නමුත් අභිමානී ජයග්‍රහණයත් සමඟ මට ආයතනයෙන් ලැබුණු අපරිමිත දිරිගැන්වීම සමඟ මම විවෘත මනසකින් හිතන්න පුලුවන් කෙනෙක් බවට පත්වුණා. මානසික වශයෙන් වෙනස් වෙන්න මට හැකියාව ලැබුණා. මුලදී ඉංග්‍රීසි වචනයක් වත් නොදැන හිටපු මම අද වන විට පිරිසක් ඉදිරියේ ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් ප්‍රකාශ කර ගැනීමට හැකි තත්ත්වයට පැමිණ තිබෙනවා. මේ සියලුම දේට මූල බීජය බවට පත්වුණේ 2021 වර්ෂයේදී මට ලැබුණු අභිමානි EWY ජයග්‍රහණයයි.

    ඔබ අද වන විට කුඩා ව්‍යාපාරයක හිමිකාරිනියක්. අපි ඒ ගැනත් කතා කරමු..

    ඔව් අද වන විට මම පුංචි රෙදි පිළි නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මම දැනට ගර්භනි මව්වරුන්ගේ සහ ළදරු ඇඳුම් නිර්මාණය කරනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මව සහ දුව යන සංකල්පය ඔස්සේ උත්සව විලාසිතා (Party frocks) නිර්මාණය කරන්න. අභිමානී ජයග්‍රහණය සහ ආයතනයෙන් ලැබුණු දිරිගැන්වීමත් සමඟ මට මගේ ව්‍යාපාරය තව තවත් වැඩිදියුණු කර ගැනීමට වැදගත් උපදෙස් රැසක් ලැබුණා. මගේ ව්‍යාපාරය

    තිරසාර ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර ගැනීමට මා විසින් පොලිතින් ඇසුරුම් භාවිතයෙන් ඉවත්කර ඒ වෙනුවට රෙදි ඇසුරුම් භාවිත කිරීමට යොමුව තිබෙනවා. ඒවගේම මගේ ආයතනයේ තවත් කෙනෙක් සම්බන්ධ කර ගනිමින් ඇයටත් අමතර ආදායම් අවස්ථාවක් සලසා දී පරිසර හිතකාමී ලෙස මගේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමටත් මට මේ තුළින් හැකියාව ලැබුණු බව කිව යුතුයි.

    ඊට අමතරව ආයතනයෙන් ලැබුණු ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් සහ උපදේශන මගින් ගත් දැනුම භාවිත කරමින් මගේ ව්‍යාපාරයට අවශ්‍ය වෙළඳ ලාංඡන සකසා ගැනීමටත්, සමාජ මාධ්‍ය මඟින් මගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීමටත් අද වන විට මට හැකියාව ලැබී තිබෙනවා. මේ වනවිට ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා යොමුකර ඇති අතර මගේ ආදායම් වියදම් හා ඉතුරුම් අපට කියා දුන් ආකාරයටම කළමනාකරණය කර ගනිමින් පවත්වාගෙන යාමට මට හැකියාව ලැබී තිබෙන බව සතුටින් කියන්න ඕනේ. 2025 වර්ෂය වන විට මගේ ව්‍යාපාරය මගේම තැනකට ගෙන එමින් මගේම ප්‍රදර්ශනාගාරයක් දක්වා දියුණුකර ගැනීමේ අරමුණින් මම කටයුතු කරනවා.

    ඔබේ සාර්ථකත්වයට MAS ආයතනයෙන් ලැබෙන පිටිවහල පිළිබඳ සඳහන් කළොත්…

    ඇත්තටම මගේ ආයතනයෙන් මට ලැබෙන සහයෝගය සහ මග පෙන්වීම පිළිබඳ විස්තර කරන්න මට වචන නැති තරම්. එතරම් වූ උපරිම කැපවීමක්, මගපෙන්වීමක්, උපදේශනයක් මට ආයතනයෙන් ලැබෙන බව කියන්නම ඕන. ජීවිතය ජය ගන්න වෙරදරණ මං වගේම උත්සාහවන්ත අයට අපේ ආයතනයෙන් ලැබෙන පිටිවහල අති විශාලයි. අපේ ආයතනය කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන අයට නිරන්තරයෙන්ම උපදෙස් ලබා දෙමින් අවශ්‍ය සහයෝගය උපරිමයෙන්ම ලබා දෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවගේමයි ආයතනයේ ඉහළම කළමනාකාරීත්වයේ ඉඳන් කිසිම වෙනසක් නැතිව හැමෝම අතර ආදරණීය බැඳීමක් නිර්මාණය වී තිබෙනවා. ආයතනයට සම්බන්ධ වූ දා පටන් අද වෙනකම් මගේ ගමනට ආයතනයෙන් ලැබෙන අත්වැල නිසයි මම අද මෙවැනි තත්ත්වයකට පැමිණ තිබෙන්නේ.

    අවසාන වශයෙන් ඔබේ කතාව කියවන සියලුම කාන්තාවන්ට ඔබ ලබාදෙන පණිවිඩය මොකක්ද?

    ඇත්තටම අපේ ආයතනය විශ්වවිද්‍යාලයක් හා සමානයි. අපට ඉගෙන ගන්න ඇති දේ බොහෝමයි. ඒවගේම ආයතනයේ සේවය කරන සියලු දෙනාම ඉතා හොඳින් අනෙකාට ඇහුම්කන් දෙන පිරිසක්. ඒනිසා සතුටින් වගේම සැහැල්ලු මනසින් ඔබට ඔබේ ගමන යන්න සුවිශේෂී පිටිවහලක් අපේ ආයතනයෙන් ලැබෙනවා. කාන්තාවක් වූ පමණින් අපි කිසිවිටෙක පිටුපසට අඩිය තැබිය යුතු නැහැ. සෑමවිටම ඉදිරියට අඩියක් තබන්නයි උත්සාහ කරන්න ඕනේ. එහෙනම් තවත් නැහැ, බැහැ යන දුර්මතවල රැඳෙන් නැතිව MAS ආයතනය සමඟ විශ්වාසයෙන් එකතු වී ජීවිතය ජය ගන්න යන පණිවිඩය ලබා දෙන්න කැමතියි.

    සටහන – හංසනි දිල්හාරා

    සිරිකත පුවත්පතෙහි පළවූ ලිපිය සඳහා සබැඳිය

    https://www.sirikatha.lk/article/business/MAS-Holdings-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%91%E0%B6%9A%E0%B7%80-%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1-%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%BA-%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD-%E0%B6%87%E0%B6%BA-%E0%B6%89%E0%B7%83%E0%B6%9A-%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B6%9C/211-57710

    Diyani Editors
    • Website

    Related Posts

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු

    අප්‍රේල් 23, 2025

    MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!

    අප්‍රේල් 14, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ