Close Menu
    Facebook X (Twitter) Instagram
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 27
    Trending
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    • ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!
    • විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»නවෝත්පාදනයන් දිරිගැන්වූ ‘MAS Future Stars’ සම්මාන උළෙල
    Featured

    නවෝත්පාදනයන් දිරිගැන්වූ ‘MAS Future Stars’ සම්මාන උළෙල

    Diyani EditorsBy Diyani Editorsමාර්තු 18, 2026ප්‍රතිචාර නොමැත2 Mins Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    MAS සමූහය සිය සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන, තත්ව පාලන කව (Quality Control Circle – QCC) ව්‍යාපෘති ඇගයීම සඳහා සංවිධානය කරන ලද ‘MAS Future Stars’ සම්මාන උළෙල පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. MAS හි සියලුම කර්මාන්තශාලා සහ විවිධ අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් මෙයට එක්වූ අතර, සමස්ත උත්සවය පුරා දැකගත හැකි වූයේ මහත් උද්යෝගයකි.

    මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ කණ්ඩායම් මට්ටමින් ක්‍රියාත්මක කළ තත්ව පාලන කව ව්‍යාපෘති හඳුනාගෙන, ඒවායේ නවෝත්පාදන අදහස්, නිෂ්පාදන ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ සංකීර්ණ ගැටළු විසඳීමේ හැකියාව අගය කිරීමයි. MAS ආයතනය තුළ ගුණාත්මක සංස්කෘතියක් සහ නිර්මාණාත්මක චින්තනයක් ඇති කිරීම සඳහා මෙම වේදිකාව මනා පිටුවහලක් වෙයි. තරගාවලිය ප්‍රධාන වශයෙන් ‘Team Member‘ සහ ‘Executive‘ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණු අතර, සෑම අංශයක්ම තමන්ගේ හොඳම ව්‍යාපෘති මෙහිදී විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදි.

    කර්මාන්තශාලා සහ අංශ මට්ටමින් පැවති ඉතා තරඟකාරී වට රැසකින් පසුව, සමස්ත MAS සමූහය තුළ නිම කරන ලද තත්ව පාලන කව 1,411ක් අතරින් විශිෂ්ටතම කණ්ඩායම් 12ක් අවසාන මහා වටය සඳහා තේරී පත් විය. එහිදී ‘Team Member’ කාණ්ඩය යටතේ Noyon Lanka හි Team Hunters, MAS Active MFI හි Knit Savers සහ MAS Kreeda Campus හි Profit X යන කණ්ඩායම් Platinum සම්මාන දිනාගත් අතර Bodyline FGW හි Benchmark Builders,  MAS Intimates Linea Clothing හි Team Gold, Bodyline BPL 1 හි Velocity යන කණ්ඩායම් Gold සම්මාන ජයග්‍රහණය කළහ.

    ‘Executive’ කාණ්ඩය යටතේ MAS Kreeda Campus හි Commercial Thundercats, MAS Kreeda Vaanavil හි Team Nexters සහ Linea Aqua Naiwala හි QCO Blasters යන කණ්ඩායම් Platinum සම්මාන දිනාගත් අතර MAS Intimates Unichela Koggala හි Mission Possible, Bodyline FGW හි Smart Solution, MAS Intimates Slimline හි Think Tanks යන කණ්ඩායම් Gold ම්මානයෙන් පිදුම් ලැබූහ.

    මෙම තරගය දේශීය මෙන්ම විදේශීය කර්මාන්ත ශාලාවන් වෙතද ව්‍යාප්ත කර තිබූ අතර විදේශීය කර්මාන්තශාලා අතරින් කණ්ඩායම් දෙකකට Gold සම්මාන හිමිවිය. එහිදී ‘Team Member’ කාණ්ඩය යටතේ MAS Kreeda – Al Safi Dulayl හි Team Glorious සහ ‘Executive‘ කාණ්ඩය යටතේ Intimate Fashion India හි Flow Genius යන කණ්ඩායම් සම්මාන දිනාගන්නා ලදි.

    මෙහි Platinum සම්මාන ජයග්‍රාහකයින් හට විදේශ අධ්‍යාපනික සහ කාර්මික අත්දැකීම් ලබාගැනීමේ සංචාරයක් සඳහා සහභාගී වීමේ අනගි අවස්ථාව හිමි විය. සම්මාන ප්‍රදානයට අමතරව, විවිධ නර්තන අංග, ගායන වැඩසටහන් සහ විනෝදාත්මක ප්‍රසංග රැසකින් උත්සවය අලංකාර වූ අතර, එය සහභාගී වූ සැමට අමතක නොවන අත්දැකීමක් එක් කළේය. MAS Future Stars වැඩසටහන සඳහා මග පෙන්වූ MAS Holdings සම-නිර්මාතෘ අජේ අමලියන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාවට නායකත්වය හා ජයග්‍රාහී කණ්ඩායම් ද සහභාගී වූ අතර මෙහිදී සේවකයින්ගේ කැපවීම සහ නවෝත්පාදන හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය විය.

    එම සුවිශේෂි අවස්ථාවේ ඡායාරූප පහතින්.

    Platinum Winner – Knit Savers – MAS Active MFI
    Platinum Winner – Profit X – MAS Kreeda Campus
    Platinum Winner – Waste Hunters – Noyon Lanka
    Gold Winner – Benchmark Builders – Bodyline FGW
    Gold Winner – Team Gold – MAS Intimates Linea Clothing
    Gold Winner – Velocity – Bodyline BPL 1
    Platinum award winner – Nexters – MAS Kreeda Vaanavil
    Platinum Award Winner – QCO Blasters – Linea Aqua – Naiwala
    Platinum Winner – Commercial Thunder cats – MAS Kreeda Campus
    Gold Award winner – Mission Possible – MAS Intimates Unichela Koggala
    Gold Award winner – Smart Solurion – Bodyline FGW
    Gold Award winner – Think Tanks – MAS Intimates Slimline
    Future Stars Divisional Leads

    Diyani Editors
    • Website

    Related Posts

    “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!

    අගෝස්තු 19, 2026

    ‘ඔබේ සවියට අපි ඔබේ ළඟින්’ – විපතට පත්වූවන්ට MAS එක්ව මුදල් පරිත්‍යාග!

    මැයි 18, 2026

    විදෙස් සංචාරයක විශිෂ්ට අත්දැකීම ලබාදුන් MAS Future Stars!

    මැයි 6, 2026
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (31)
    • Bodyline (8)
    • Events (28)
    • Fabrics (12)
    • Featured (78)
    • Intimates (20)
    • Kreeda (29)
    • Linea Aqua (6)
    • Silueta (2)
    • Sports (13)
    • Talent (2)
    • Texo (1)
    • Top News (82)
    • Uncategorized (9)
    • Video (29)
    • WGB (6)
    නවතම ලිපි
    • “දළදා වීදි දැක්ම” වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්!
    • දැහැමි සිතින් MAS Shadeline දුන් බත් හා අයිස්ක්‍රීම් දන්සල
    • බියගම කසාවතින් බැබළවූ පින්කමේ අසිරිය!
    • වෙනස්කම් නොකරමු. ඇත්ත දැනගනිමු.
    • බියගම වෙසක් අසිරියෙන් සරසන මහා පහන් කූඩු රාජයා
    අ
    அ
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.