පිරිසිදු සොඳුරු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද ජලයේ අපද්‍රව්‍ය පෙරන පද්ධති (Ocean Strainer) පිහිටු වීමේ ව්‍යාපෘතියේ තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරමින් එහි 100 වන ඒකකය කොළඹ Havelock City අසල වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ පසුගියදා ස්ථාපිත කරන ලදි.
Ocean Strainer ඒකක පිහිටුවීමේ මෙම ව්‍යාපෘතිය ප්‍රථමවරට ආරම්භ කරන ලද්දේ 2020 වසරේ දී දෙහිවල ඇල කේන්ද්‍ර කරගනිමිනි. මෙම ව්‍යාපෘතිය මඟින් පළමු වසර තුළදී පමණක් පාවෙන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 67000කට අධික ප්‍රමාණයක් සාගරයට එක්වීම වළක්වා ඇත. මෙම අවස්ථාවට සංවර්ධන නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන, සමාගම් සහ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
මෙය නැවතුමක් පමණක් වන අතර මේ සඳහා සැබෑ ස්ථිර විසඳුමක් ලැබෙනුයේ ඔබ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීමට කටයුතු කිරීම තුළිනි.





