ගැමුණු පෙර පාසල, බ/අරවත්ත විද්‍යාලය සහ ශ්‍රී සරණන්ද පෙර පාසල සමඟ එක්ව MAS KREEDA Shadeline ආයතනය, 2025 ලෝක ළමා දිනය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සමරන ලදි. මෙම සැමරුමේ කොටසක් ලෙස, දරුවන් 40 දෙනෙකුට පාසල් බෑග් පරිත්‍යාග කරන ලද අතර, එය දරුවන්ගේ අධ්‍යාපනයට මහත් සහයෝගයක් විය. එමෙන්ම එය දරු පරපුරට දීප්තිමත් අවස්ථා උදාකර දීමට MAS ආයතනය සතු කැපවීම ද මැනවින් පෙන්වන්නක් විය.
මෙම උත්සවයේ තවත් සුවිශේෂ අවස්ථාවක් වූයේ බ/අරවත්ත විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සිසුන්ගේ වෙහෙස මහන්සිය සහ සාර්ථකත්වය ඇගයීම සඳහා විශේෂ ත්‍යාග පිරිනැමීමට MAS KREEDA Shadeline ආයතනය කටයුතු කිරීමයි.
මෙම අවස්ථාවට සහභාගී වූ Shadeline නියෝජිතයෝ, අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය තුළින් දරුවන්ට බලය ලබා දීමට ආයතනයේ ඇති කැපවීම නැවත තහවුරු කළහ. “දරුවන් වෙනුවෙන් කරන සෑම දායකත්වයක්ම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සහ අපගේ සමාජයේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි” යන පණිවිඩය මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සැමරුම, දරුවන්ගේ දක්ෂතා පෝෂණය කිරීම, පාසල්වලට සහාය වීම සහ ප්‍රජාවන් ශක්තිමත් කිරීම සඳහා MAS KREEDA Shadeline ආයතනයේ පවතින අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු කරයි.







