කාන්තා රෝග නිවාරණය සහ යහපැවැත්ම වෙනුවෙන් MAS Kreeda Balangoda ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සෞඛ්‍ය සහ සුවතා වැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. එහි මූලික අරමුණ වූයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, අනාගතයේ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු කල් ඇතිව හඳුනා ගැනීම සහ නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳ අධ්‍යාපනය ලබා දීමයි.
මෙම සායනයේදී Pap smears, mammograms, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ආදී පරීක්ෂණ රැසක් සිදුකර ගැනීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. එම සුවිශේෂී අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහළින්.