දැලි ඉදුල් රෙදි
කිලිටි වැරහැලි
පිළිවෙලට පිරිසිදු කරන්……….
හඩන දරුවන්
ඇකයේ ඉද්දීම
හිමි සදට බත සරි කරන් ……
නොයෙක් දුක් කම්කොටළු විදිමින්
රැය පුරා වට නිදි වරන්……
කෙසේ කීවත් – පිරිමි සවි නැත
දුක් විදින ගැහැනිය තරම්………
වගකීම් – ඉටු කළයුතුයි
වැඩ බිමට
යුතුකම් හිත දරන් ………
සීතලට ඇස පියවුනත්
හිත උණුසුමයි
මැෂිමක් තරම්……..
පපුව පළලා – හද අරන්
බැලුවොතින් – දුක් විදින තරම්
සදනු හැකිනම්
ලොවට මැෂිමක්
සුමුදු මෘදු ගැහැනිය තරම්……..