‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් විපතට පත්ව සිටි දුෂ්කර මොහොතකදී, ව්‍යාපාරික අභියෝග පසෙකලා තම සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පෙරට පැමිණි MAS ආයතනය, බිඳ වැටුණු ජීවිත යළි ගොඩනැඟීම සඳහා සුවිශේෂී පියවර රැසක් ගන්නා ලදි. මෙම ආපදා මොහොතේදී දිවයින පුරා විසිරී සිටින MAS පවුලේ සාමාජිකයින් රැසකගේ නිවාස පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි විය. මෙම බිහිසුණු විනාශය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ තම සාමාජිකයින්ට සහය වීම සමාගමේ ප්‍රමුඛතම වගකීමක් ලෙස MAS ආයතනය හඳුනාගත්තේය. බිඳ වැටුණු සිහින සහ ජීවිත යළි ගොඩනැඟීමට සුවිශේෂී ආධාර වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කිරීමට MAS පියවර ගනුලැබූයේ එබැවිනි.
ආපදාවට පත් සාමාජිකයන්ට උපරිම සහනයක් කඩිනමින් සැලසීම උදෙසා සේවා නියුක්තිකයින්ගේ ස්වේච්ඡා දායකත්වය සහ සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන එක් කරමින් විශේෂ සහන අරමුදලක් පිහිටුවීමට MAS තීරණය කළේය. තම සාමාජිකයින් මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය හමුවේ සංවේදී වූ MAS සාමාජිකයින්, ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 13.7 ක මුදලක් ස්වේච්ඡාවෙන්ම පරිත්‍යාග කරමින් අරමුදල ශක්තිමත් කිරීමට දායක විය. සාමාන්‍යයෙන් මෙවැනි අරමුදලකදී සමාගමක් ලබා දෙන්නේ සේවක දායකත්වයට සමාන මුදලක් වුවද, පීඩාවට පත් සේවකයින්ට උපරිම සහනයක් ලබා දීම වෙනුවෙන් MAS ආයතනය සේවක දායකත්වය මෙන් 4.3 ගුණයක සුවිශේෂී මුදලක්, එනම් රුපියල් මිලියන 59.4 ක් අරමුදලට පිරිනමන ලදි. මෙම සාමූහික ශක්තිය තුළින් ‘දිට්වා’ ආපදාවෙන් අසරණ වූ සාමාජිකයින් 842 කගේ බිඳ වැටුණු ජීවිත සහ නිවාස යළි ගොඩනැඟීමට මහඟු අත්වැලක් වී ඇත.
වත්මන් ගෝලීය සහ දේශීය තත්ත්වයන් හමුවේ MAS ඇතුළු සමස්ත ව්‍යාපාරික ක්ෂේත්රයම දැඩි ආර්ථික සහ මෙහෙයුම් අභියෝග රැසකට මුහුණ දී සිටින බව රහසක් නොවේ. එවන් ව්‍යාපාරික වශයෙන් අසීරු වටපිටාවක වුවද, ලාභය පමණක් පරමාර්ථ කර නොගෙන, සේවා යෝජකයෙකු ලෙස කළ හැකි උපරිම දේ කිරීමට MAS ආයතනය පෙරට ඒම සැබවින්ම විශිෂ්ට පූර්වාදර්ශයකි. මෙය රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන සහන වැඩසටහන්වලට අමතරව සිදුවන්නක් වන අතර, ඉන් රජයේ ආධාර වැඩසටහනට කිසිදු බලපෑමක් ඇති නොවේ.
‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානි සිදුවූ අපගේ MAS සාමාජිකයින්ගේ නිවාස සහ ජීවිත යළි ගොඩනඟන්නට පරිත්‍යාගයන් සිදුකිරීමට ඉදිරිපත්වූ සියලු සාමාජික සාමාජිකාවන් මේ මොහොතේ අප සිහිපත් කරන්නේ හදපිරි ගෞරවයෙනි! දිවයින පුරා පිහිටි ආයතන පරිශ්‍රයන් තුළදී එම පරිත්‍යාගයන් සිදුකරන සුවිශේෂ අවස්ථා කිහිපයක් පහතින් වේ.



















