MAS සිය සාමාජිකයින්ගේ නවෝත්පාදන අදහස්, නිෂ්පාදන ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ සංකීර්ණ ගැටලු විසඳීමේ හැකියාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන Future Stars Grand Finale 2024/25 තරගාවලිය සාර්ථක අයුරින් පවත්වන ලදි. එහිදී විශිෂ්ට දක්ෂතාවයන් දැක්වූ Platinum ජයග්‍රාහක කණ්ඩායම් සඳහා විදේශ සංචාරයක් හිමිවූ අතර එය පසුගියදා සාර්ථක ලෙස නිම කෙරිණි. මෙම සංචාරයේදී ඉන්දියාවේ සුරත් සහ අහමදාබාද් නගරවල පිහිටි ලෝකයේ නම්දරා සිටින Ginza, Konika හා Siddhi යන ආයතන්හි නිෂ්පාදන පරිසරයන් දැකබලාගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවිය.
මෙම සංචාරය ෆයිබර් සිට ෆැබ්රික් දක්වා වන සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය, නවීන යන්ත්‍රෝපාංග භාවිතය, ස්වයංක්රීයරණය (Automation), නවෝත්පාදන ක්‍රියාදාම සහ ගුණාත්මක කළමනාකරණ ක්‍රම පිළිබඳ ගැඹුරින් අවබෝධ කරගැනීමට අවස්ථාව ලබාදී තිබිණි. එමෙන්ම Kaizen හා අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳවද අත්දැකීම් ලබාදෙන ලදි. වෘත්තීය ඉගෙනීම් මෙන්ම, වෙනත් විශේෂ අත්දැකීම්වලින්ද මෙම සංචාරය වර්ණවත් විය. අහමදාබාද් නගරයේ පිහිටි Adalaj Step Well, Hutheesing Jain Temple සහMahatma Gandhi Ashram වැනි ඉතිහාසමය සහ සංස්කෘතික වටිනාකම් සහිත ස්ථාන නැරඹීම හරහා සහභාගී වූවන්ට ඉන්දියානු සංස්කෘතිය හා උරුමය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටද හැකි විය.
මෙම සංචාරය තුළින් කණ්ඩායම් සම්බන්ධතා වර්ධනය කරගනිමින්, නොමැකෙන අත්දැකීම් රැසක් ලබාගැනීමට හැකි විය. සහභාගීවූවන්ට තම දැනුම පුළුල් කරගැනීමට, නව අදහස් ලබා ගැනීමට සහ ඉගෙනගත් විශිෂ්ට ක්‍රමවේද තම ව්‍යාපෘති තුළ ක්‍රියාත්මක කරමින් ආයතනික කාර්ය සාධනය තවදුරටත් ඉහළ නැංවීමට මෙමඟින් අවස්ථාව උදා වනු ඇත.











