Close Menu
    Facebook X (Twitter) Instagram
    සිකුරාදා, ජූනි 13
    Trending
    • ආකර්ණීෂය මිහින්තලා අනුරුව හා කුසගිනි නිවූ දන්සල
    • සුන්දර රත්නඇල්ල සුරකිමු!
    • ජාතික තත්ත්ව හා ඵලදායිතා සම්මාන 212ක් MAS දිනාගනී!
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Kreeda»සුන්දර රත්නඇල්ල සුරකිමු!
    Kreeda

    සුන්දර රත්නඇල්ල සුරකිමු!

    Diyani EditorsBy Diyani Editorsජූනි 11, 2025ප්‍රතිචාර නොමැත1 Min Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    මහියංගනයේ රත්නඇල්ල පරිසර ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා දැනුවත්කිරීමේ පුවරු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් MAS KREEDA SHADELINE විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදි. මහියංගනය ප්‍රදේශයේ වඩාත්ම ආකර්ෂණීය ස්වභාවික රක්ෂිත වනාන්තර ප්‍රදේශය වන රත්නඇල්ල, ශ්‍රී ලංකාවේ පරිසර උරුමයේ සහ ස්වභාවික සුන්දරත්වයේ විශිෂ්ට සාක්ෂියකි. අලංකාර දිය දහරා සහ හරිත පැහැති වටපිටාවෙන් ගැවසුණු මෙම ස්ථානය දිගු කාලයක සිට පරිසර හිතකාමීන්ගේ සහ සංස්කෘතික ගවේෂකයන්ගේ සුන්දර ගමනාන්තයක් වෙයි.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රත්නඇල්ලේ පරිසර වැදගත්කම සහ සෞන්දර්යාත්මක වටිනාකම පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමයි. මෙමගින් දේශීය හා විදේශීය සංචාරකයින් අතර එහි ස්වාභාවික සුන්දරත්වය පිළිබඳ ඇල්ම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. හුන්නස්ගිරිය කලාප වන අධිකාරිය සහ හසලක සංචාර මාර්ග නියෝජිත සංගමය සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය, MAS KREEDA SHADELINE සමාගමේ තිරසාර අධිෂ්ඨානයන් අවධාරණය කරන අතරම පරිසර සංරක්ෂණය පිළිබඳ පොදු අරමුණුද ඉස්මතු කරයි.

    රත්නඇල්ල රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ සුන්දරත්වය මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරදීම පමණක් නොව, සංචාරයේදී වගකීම් සහගතව හැසිරීම හා තිරසාර සංවර්ධනය සඳහා නිදර්ශනයක් ලබා දීමද මෙම ව්‍යාපෘතියේ අරමුණු අතර වීම විශේෂත්වයකි.

    එම වැඩසටහනේ ඡායාරූප හා විඩියෝ පහතින්.

    https://diyani.digital/wp-content/uploads/2025/06/RATHNA-ELLA.mp4
    Diyani Editors
    • Website

    Related Posts

    ආකර්ණීෂය මිහින්තලා අනුරුව හා කුසගිනි නිවූ දන්සල

    ජූනි 12, 2025

    ජාතික තත්ත්ව හා ඵලදායිතා සම්මාන 212ක් MAS දිනාගනී!

    ජූනි 4, 2025

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    මැයි 27, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (10)
    • Fabrics (6)
    • Featured (51)
    • Intimates (16)
    • Kreeda (18)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (73)
    • Uncategorized (9)
    • Video (23)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ