2024 පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල නියෝජනය කරමින් දැයට කීර්තියක් ගෙන දුන් රිදී පදක්කම්ලාභී, කණ්ඩායම් නායක සමිත දුලාන් ඇතුළු ශ්රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට උපහාර දැක්වීමේ උළෙලක් MAS හෝල්ඩින්ස් විසින් මෑතකදී සංවිධනය කරන ලදි. එහිදී අධිෂ්ඨානයෙන් ඉදිරියට යන ක්රීඩක ක්රීඩිකාවන් සැමට ගෞරව සම්මාන පිරිනැමීමද සිදුවිය.
2024 පැරිස් පැරාලිම්පික් උළෙලට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කළ MAS, ඉදිරියටත් ශ්රී ලංකාවේ පැරා ක්රීඩක ක්රීඩිකාවන්ට සහාය වීමට ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු සිටියි.