Close Menu
    Facebook X (Twitter) Instagram
    සඳුදා, ජූනි 2
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Active»දුක්බර දුෂ්කර කාලය දැන් අවසානයි.
    Active

    දුක්බර දුෂ්කර කාලය දැන් අවසානයි.

    Diyani EditorsBy Diyani Editorsජූනි 19, 2023ප්‍රතිචාර නොමැත3 Mins Read
    WGB
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    ඒ. ජී. ජී. කාන්චනා (MAS Active Shadowline)

    මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙරගල ග්‍රාමයේ උපත ලද කාංචනා දුප්පත්කම, අසරණකම තුරුළු කරගෙන තමයි ජීවත් වුණේ. අම්මයි, තාත්තයි මල්ලියි හිටිය පුංචි පවුලට කිසිම සෙවණක් තිබුණෙ නැහැ. තාත්තගෙ මහ ගෙදර ඔවුන් ජීවත් වුණත් නොහිතපු වෙලාවක කාංචනා පුංචි කාලෙම හෘදයාබාධයකින් පියා මෙලොවින් සමහුගත්තා. ජීවිතයේ අන්තයටම වැටුනේ පියාගේ වියෝවත් සමඟ. හත් දවසේ දානය ඉවර වුණ දවසෙම කාංචනාවයි, අම්මාවයි, මල්ලිවයි තාත්තගෙ මහගෙදරින් එලවලා දැමූ නිසා එදා රාත්‍රියෙ ඔවුන් තුන්දෙනාගේ නිවහන වුණේ කුඹුරක පැල් කොටයක්. පහුවදා අම්මගෙ මහ ගෙදරට ගියත් ඔවුන් භාරගන්න අකමැති වුණා. මාමා කෙනෙකුගේ මැදිහත් වීම මැද ටික කලකට ඔවුන්ට මහ ගෙදර නවාතැන් ලැබුණා.

    කාංචනාටයි මල්ලිටයි මේ කාලය තුළ දහසක් වේදනා විඳින්න වුණා. ජීවත්වෙන්න ක්‍රමයක් නොතිබුණ නිසා අම්මා රට ගියා. කාංචනායි මල්ලියි කිරි අම්මල ළඟ නැවැත්තුවා. පාසලක් තිබුණේ හැතැප්ම ගානක් දුරින්. ඒකට යන්න සිදුවුනෙත් ගෙදර සියලුම වැඩ කරල ඉවරවෙලා. රට හිටිය අම්මව මාසෙකින් විතර ආපහු ගෙන්න ගත්තා. අම්ම ආවට පස්සේ ඉතිරි කරගත් මුදල් වලින් ඉඩම් කැබැල්ලක් අරගෙන පුංචි ගෙයක් හදාගත්තා. මේ අතර කිරි අම්මගෙ මැදිහත් වීමෙන් අම්ම නැවත විවාහයක් කරගත්තා. තාත්තා ආවේ තව මල්ලි කෙනෙකුත් එක්ක. මේ වෙනකොට මම අ.පො.ස. (සා.පෙළ) පන්තියෙ ඉගෙන ගන්නවා. මගෙ හීනයක් වෙලා තිබුනෙ හොඳට ඉගෙන ගෙන කවදහරි ගුරුවරියක් වෙනවා කියල. ඒත් අම්මගේ විවාහයත් එක්ක ගෙදර නැවතිලා කොමියුනිකේෂන් එකක වැඩට ගියා. පඩිය ලැබුණෙ රු.2000/-යි. ඒ මුදල ජීවත්වෙන්න කොහෙත්ම මදි.

    මේ අතරෙ යාළුවෙක් මගින් කටුනායක ෂැඩෝලයින් ආයතනයේ නුපුහුණු මැහුම් සේවිකාවක ලෙස සේවයට බැඳුණා. පරිසරය නුපුරුදු වුවත් ෂැඩෝලයින් ආයතනයේ ්‍යඍ එකේ ඉන්න මිස්ලගෙ සුහදතාවය නිසා ඉක්මණින්ම වැඩ පුහුණු වීමට හැකි වුණා. පුහුණු වෙලා ඛසබැ එකට දැම්මට පස්සෙ මම බොහොම උනන්දුවෙන් වැඩ ටික කරගෙන ගියා. මගේ කැපවීම නිසා ඉක්මණින්ම මට ඔැ්ප ඛැ්ාැර කෙනෙක් වෙන්න පුළුවන් වුනා. අද මම Team Leader විදියට උසස්වීමක් ලැබීම පිළිබඳව ගොඩක් සතුටුවෙනවා.

    කාංචනා තමාගේ ජීවිතයේ දුක්බර කාල පරිච්ඡේදය මෙන්ම ෂැඩෝලයින් ආයතනය නිසා අද ගෙවන ජීවිතය පිළිබඳව ගොඩක් ආඩම්බරයෙන් කතා කළා. ෂැඩෝලයින් ආයතනයේ සේවයට පැමිණිදා ඉඳලම ඇය තමාට ලැබුණ වැටුප වියදම් කළේ බොහොම අරපිරිමැස්මට. 2011 රැකියාවට බැඳුණු මුල්ම අවධියෙ ඇය කළේ අම්මට ගමේ පොඩි කඩයක් දාල දෙන එක. අද වෙනකොට ගමේ තියන ලොකුම කඩය කාංචනාලගෙ. ඉතිරි කරගත්ත සල්ලිවලින් අම්මවයි තාත්තවයි දඹදිව වන්දනා චාරිකාවක යැවීමත් ඇය ලබාපු ලොකු ජයග්‍රහණයක්. ඇගේ පොඩි මල්ලි පැවිදි දිවියට යන්න ආසාවෙන් සිටි නිසා හැමදෙනාගේම කැමැත්තෙන් මල්ලිව ශාසනයට ඇතුළත් කිරීමත් ඇයට සතුටක්. අද වන විට බලංගොඩ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඇගේ සහෝදරයා. පවුල පිළිබඳවත් ඇයට සතුටු වෙන්න පුළුවන්. ඇගේ අනෙක් මල්ලි හා මල්ලිගේ බිරිඳත් යන දෙදෙනාවම ඇය ආයතනයේ සේවයට බඳවලා. ඔවුන් දෙදෙනාම තම රැකියාව සතුටින් හා හොඳින් කරගෙන යාම කාංචනාට සතුටක්. ළමා කාලයේ දහසක් දුක් කම්කටොළු මැද ජීවිතය ගත් කළ කාංචනා ඇත්තෙන්ම අද ජීවිතය බොහෝ දුරට සාර්ථක කරගෙන තියෙන්නේ ෂැඩෝලයින් ආයතනය නිසා. මේ වෙනකොට මිලදී ගත්ත ඉඩමේ දෙමහල් නිවසක් ඉදිවෙලා. අනවශ්‍ය වියදම් අඩු කරල ඉදිරි අනාගතය මනාව සැලසුම් කරන්න අවශ්‍ය උපදෙස් ලැබුණෙ ආයතනයෙන්. ඇගේ හීනයක්ව පැවති ී්කදබ එකක් දමා ගැනීම වෙනුවෙන් දෙමහල් නිවසේ උඩු මහල වෙන් කරලා. පුංචි කාලයේ දහසක් කම්කටොළු සමඟ ජීවිතය ගෙවුවත් ආපසු හැරිල බලන කාංචනා අද ලොකු සතුටක් දරාගෙන ඉන්නව. ඇය පවසන්නෙ ෂැඩෝලයින් ආයතනයට සදා ණයගැති බවයි.

    Diyani Editors
    • Website

    Related Posts

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025

    දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු

    අප්‍රේල් 23, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ