MAS Kreeda Methliya ආයතනය විසින් ‘සමරසිංහ විෂන් ඔප්ටිකල්ස්’ ආයතනය සමඟ සහයෝගයෙන් අක්ෂි සායනයක් සිය ආයතන පරිශ්රයේදී පසුගියදා පවත්වන ලදි. සේවක සුභසාධනය සහ සමාජ තිරසාරත්වය සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්රියාත්මක විය.
මෙමඟින් නොමිලේ ඇස් පරීක්ෂාවන්, උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී වට්ටම්, දෘෂ්ටි සෞඛ්යය වැඩි දියුණු කිරීම සඳහා වූ අමතර සුවතා ප්රතිලාභ රැසක් හිමිවීම විශේෂත්වයකි.