සෞදි අරාබියේ පැවති සය වන ආසියානු අවු. 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් 8ක් දිනාගනිමින් මුළු ලොවක් ඉදිරියේ සිය විශිෂ්ටත්වය විදහා පෙන්වන්නට සමත්විය. ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් අටෙන් පහක්ම දිනාගැනීමට සමත් වූයේ MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ නැගී එන යොවුන් තරු වීම සුවිශේෂත්වයකි.
ක්‍රීඩා ලොව දිදුලවන සිහිනය පසුපස හඹා යන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තියක් වූ MAS, ජයග්‍රහණය වෙනුවෙන් සැමට සුබපතන අතරම ඉදිරියටත් ඔවුන් වෙත දිරිය දෙන්නට බලාපොරොත්තුවෙන් සිටියි.
ජයග්‍රාහකයින් –
- තරුෂි අභිෂේකා – රන් පදක්කම – කාන්තා අවු. 18 න් පහළ මීටර් 800
- ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු – රිදී පදක්කම – කාන්තා අවු. 18 න් පහළ මීටර් 100
- දිල්කි නෙහාරා – ලෝකඩ පදක්කම – කාන්තා අවු. 18 න් පහළ තුන් පිම්ම
- ශවිඳු අවිෂ්ක – ලෝකඩ පදක්කම – පිරිමි අවු. 18 න් පහළ මීටර් 800
- සෙව්මිණි ප්‍රනාන්දු / තරුෂි අභිෂේකා / සංසලා හිමාෂිනී / දිල්කි නෙහාරා – රීදී පදක්කම – කාන්තා අවු. 18 න් පහළ මීටර් 800 සහාය දිවීම