නව වසරේ නව පාසල් වාරය පසුගියදා ආරම්භ විය. දැයේ දරුවන්ගේ හෙටදවස ගැන හිතන Bodyline ආයතනය විසින් ඒ වෙනුවෙන් “අකුර” නමින් සුවිශේෂි වැඩසටහනක් සංවිධානය කරන ලදි. ඒ ආයතනයේ සේවා නියුක්තිකයින්ගේ සහ තෙවන පාර්ශවීය කාර්ය මණ්ඩලයේ පළමු ශ්‍රේණියේ ඉගනුම ලබන දරුවන්ට පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීම සඳහා කටයුතු කරමිනි.
සියලුම Bodyline සේවා නියුක්තිනයින්ගේ සාමූහික උත්සාහයක ප්‍රථිපලයක් ලෙසින් මෙම මහඟු කාර්යය සාර්ථක කරගැනීමට හැකියාව ලැබිණි. මේ සඳහා ආයතනයේ සෑම අංශයක්ම අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘති සංවිධානය කළ අතර එහි ප්‍රතිඵලය සැබවින්ම විශිෂ්ට විය. උත්කර්ෂවත්ව පැවැත්වුණු “අකුර” වැඩසටහන මඟින් දරුවන්ගේ සතුට හා සිනහව දැකගැනීමට ලැබීම කිසිදා අමතක නොවන අත්දැකීමකි.
මේ සඳහා සහභාගී වූ දරුවන් වේදිකාවට නැඟී තම ගායන කුසලතා ප්‍රදර්ශනය කළේ වැඩසටහනේ උද්යෝගය තව තවත් ඉහළ නංවමිනි. සැමගෙන් ලැබූ ඉහළ ප්‍රතිචාර හේතුවෙන් මෙම වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව රැගෙන යාමට Bodyline මහත් බලාපොරොත්තුවෙන් පසුවෙයි. එමගින් ප්‍රජාවගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කිරීමට දායක වන්නට Bodyline වෙත හැකිවනු ඇත.
එම සුවිශේෂ අවස්ථාවේ ඡායාරූප පහතින්.