ජාතික තත්ත්ව හා ඵලදායිතා සමුළුව (NCQP) මැයි මස 21 සහ 22 යන දිනයන්හි ගල්කිස්ස Mount Lavinia හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී අඛණ්ඩව 7 වැනි වරටත් වැඩිම සම්මානලාභියා බවට පත් විමට MAS Holdings සමත් විය. ඒ විශිෂ්ට සම්මාන 212 හිමිකර ගනිමිනි. මෙම සුවිශේෂ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූයේ සමූහ ක්‍රියාවලි විශිෂ්ටතා අධ්‍යක්ෂක සමන්ත සෙනවිරත්න මහතායි. මේ සඳහා ආයතන 70 කින් කණ්ඩායම් 440 ක් සහභාගී විය. ඒ අතරින් MAS Holdings හි කණ්ඩායම් සාමාජිකයාගේ සිට කළමනාකරණ ශ්‍රේණි දක්වා කණ්ඩායම් 212 ක් සහභාගී වී රන් සම්මාන 165 ක්, රිදී සම්මාන 41 ක්, ලෝහ සම්මාන 5 ක් හා හොඳම Kaizen සම්මානයක් 1 ක් දිනා ගැනීම විශේෂත්වයකි.
MAS අනුබද්ධ එක් එක් ආයතන සම්මාන හිමිකර ගෙන ඇත්තේ මෙසේය.
MAS INTIMATES
🥇 82 | 🥈 20 | 🥉 3
MAS KREEDA
🥇 33 | 🥈 14 | 🥉 1 | 🏆 1
BODYLINE
🥇 20 | 🥈 3 | 🥉 1
SILUETA
🥇 13 | 🥈 2
LINEA AQUA
🥇 6
MAS ACTIVE
🥇 5 | 🥈 1
TEXO
🥇 3 | 🥈 1
MAS MATRIX
🥇 3
NOYON LANKA
🥇 2 | 🥈 1
එම සුවිශේෂී අවස්ථාවේ ඡායාරූප පහතින්.