MAS “කාන්තාවන් පෙරමුණටම” වැඩසටහන මඟින් පවත්වන ලද “අභිමානී 2023” උළෙලේ ජයග්‍රාහිකාවන් වූ MAS කණ්ඩායම් සාමාජිකාවන් වෙනුවෙන් මාළඹේ SLIIT විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද ඉංග්‍රීසි පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් විය. මාස 5ක් පුරා පැවති මෙම පාඨමාලාව අවසානයේ හොඳම කථිකයා තේරීමේ තරගයක් පැවැත්වුණු අතර එමගින් කණ්ඩායම් සාමාජිකාවන්ට විශ්වාසයෙන් යුතු කථිකයන් වීමට අවශ්‍ය පුහුණුව නොඅඩුව හිමිවිය. එහිදී තරගකාරිනියන් 43 දෙනෙක් අතරින් කැපවීමෙන් හා හැකියාවන් යුත් තරගකාරිනියන් 06 දෙනෙක් අවසාන වටයට තේරීපත්වූ අතර ඉන් හොඳම කථිකයා ලෙස Linea Aqua ආයතනයේ අංජලිකා කුමාරි සම්මානයට පාත්‍ර විය. පිළිවෙළින් දෙවැනි හා තුන්වෙනි ස්ථාන MAS Matrix හි නිෂාරා මධුෂානි හා MAS Active Linea Intimo හි හංසනි එරන්දි දිනාගැනීමට සමත්විය.
ජයග්‍රාහකයින් අවසාන තරගයේදී කළ ඉදිරිපත් කිරීම් පහත විඩියෝ මඟින් නරඹන්න.