Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, මැයි 25
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»සැකය මානසික රෝගයක්ද?
    Featured

    සැකය මානසික රෝගයක්ද?

    Diyani EditorsBy Diyani Editorsජූනි 14, 2023එක් ප්‍රතිචාරයක්2 Mins Read
    MH
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    බිරිඳ ගැන ලොකු සැකයක්..

    නිමල්ට වයස අවුරුදු 40ක් වෙනවා. ඔහු ව්‍යාපාරිකයෙක්. බිරිඳ ගෘහණියක්. ඔවුන්ට ළමයි 2ක් හිටියා.මේ ලඟකදි ඉඳලා නිමල්ගේ හැසිරීමේ අමුත්තක් සිදු උනා.නිමල්ට තමන්ගේ බිරිඳ ගැන ලොකු සැකයක් ඇති වෙලා තිබුනා.බිරිඳ වෙනත් අයකු සමග අනියම් සම්බන්දතාවයක් පවත්වනවා කියලා නිමල් ලොකුවට සැක කළා.

    ඇය ලස්සනට අඳිනවට නිමල් කැමති උනේ නැහැ. බිරිඳ යන එන තැන් සූක්ශමව හොයලා බැලුවා. බිරිඳගේ ජංගම දුරකතන,සාක්කු,මුදල් පසුම්බි බැලුවා. ඇඳගෙන සිටි ඇඳූම් පවා පරීක්ශාවට ලක් කරනවා.ඉතින් වෙනත් කිසිම බාහිර සම්බන්දතාවයක් නොතිබුණ නිමල්ගේ බිරිඳ මේ සම්බන්දයෙන්  දැඩි ලෙස කම්පාවට පත් උනා.

    මේ අසාමන්‍ය සැකය  නිසා ගෙදර නිතරම රණ්ඩු දබර ඇති උනා.

    සාමාන්‍යයෙන් සැකය අප කා තුළත් අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.නමුත් මෙය ප්‍රමාණය ඉක්මවා පවතීනම් එය තමාට මෙන්ම තමන් අවට ඉන්න අයටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.විශේෂයෙන්ම විවාහ ජීවිතය තුළ මෙවැනි සැකයන් පවතීනම් විවාහ දිවියේ සුබවාදී පැවැත්මට එය බාධාවක් විය හැකිය.

    ඉහත නිදසුනෙහි ඇති සැකය Morbid Jealousy යන මානසික රෝගී තත්ත්වයයි. 

    මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ පිරිමියෙක් හෝ කාන්තාවක් තම සහකරු හෝ සහකාරිය අසීමිත ලෙස සැක කිරීමයි.

    • මෙම දැඩි ඊර්ශ්යාව හා සැකය මානසික රෝගයක් ලෙස ඉස්මතු විය හැකිය.
    • මෙම ඊර්ශියාව අසාමාන්‍ය ලිංගික ඊර්ශියාව යනුවෙන් හඳුන්වනු ලබනවා.

    සැකය හා බැඳුණු මේ පීඩාකාරී හැඟීම පුද්ගලයකුගේ ජිවිතයට බලපාන්නේ කෙසේද?

    • ප්‍රධානම දේ නම් සම්බන්ධතා කෙරෙහි ඇති වන්නා වූ අහිතකර විපාකයන්ය. උදා: බිරිඳ හෝ ස්වාමියා සමඟ යහපත් සම්බන්දතාවයක් නොතිබීම.
    • එවැනි අයකු සමඟ සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම ඉතාම ආතතිකාරී තත්ත්වයකි. කෙටියෙන්ම කිවහොත් වදයකි.
    • සැකය නිසාම විවහා සම්බන්ධතා තුළ නොයෙන් ආකාරයේ ප්‍රශ්න ඇති වූ අවස්ථාද උපදේශනය තුළදී අපට දැක ගන්නට ලැබී ඇත.
    • අප සෑම විටම යම් අයකු සැක කරන්නේ නම් පුද්ගලයා සම්බන්දයෙන් අප තීරණ ගනු ලබන්නේ යථාර්ථයෙන් ඉවත්වය.
    • සමහර වෙලාවට අපි කිසිම දෙයක් ගැන ඇත්ත නැත්ත හොයල බලන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැ,මොකද අපි නිගමනයකට ඇවිත් ඉන්නේ ඔහු හෝ ඇය වැරදි කියන.අපි ඒ නිගමනය මත ඉඳලම තමයි තීන්දු තීරණ ගන්න පෙළඹෙන්නේ.

    මෙවැනි සැකයන් පවතින්නේනම් ඒ සඳහා සාර්ථක ප්‍රතිකර්ම තිබේ.උපදේශනය හා මනෝ ප්‍රතිකාරය ඒ අතරින් විශේෂ වෙයි.

    කේශනී ජයතිස්ස – උපදේශන නිලධාරිනි (MAS Fabrics)

    Diyani Editors
    • Website

    Related Posts

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025

    එක් ප්‍රතිචාරයක්

    1. Sandaruwan on සැප්තැම්බර් 8, 2023 3:55 ප.ව.

      👍

      Reply
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ