Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, මැයි 25
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»බිම්මල් වගාව තුළින් ජීවිතය ජයගත් ආශා සඳමාලි
    Featured

    බිම්මල් වගාව තුළින් ජීවිතය ජයගත් ආශා සඳමාලි

    Diyani EditorsBy Diyani Editorsජූනි 10, 2023ප්‍රතිචාර නොමැත2 Mins Read
    WGB
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    කාන්තාවන් පෙරමුණටම වැඩසටහනේ මූලිකත්වයෙන් “අභිමානි දිරිලිය” ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වූයේ පසුගිය වසරවල අභිමානි ජයග්‍රාහිකාවන් ව්‍යවසායකත්ව හැකියාවලින් සවිබල ගැන්වීමේ අරමුණෙනි. එමගින් නව ව්‍යවසායිකාවන් බිහි කිරීමට මෙන්ම දැනට ව්‍යාපාරවල නියුතු වුවන් සවිබල ගැන්වීමටත්, ව්‍යාපාර තවදුරටත් දියුණු කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමටත්, නව ජීවනෝපාය සාර්ථක කිරීම උදෙසා දැනුම ලබාදීම තුළින් දක්ෂ කාන්තා ව්‍යවසායිකාවන් බිහි කිරීමටත් දායකත්වය ලබාදීමට MAS ආයතනයට හැකිවිය. මේ එම වැඩසටහන මගින් හඳුනාගත් දිරිලියක වන Linea Aqua ආයතනයේ ආශා සඳමාලිගේ කතාවයි.

    ගැමි පරිසරයක ජීවන රටාවකට හුරු වූ මට ගෙවතු වගාව ගැන කුඩා කාලයේ සිටම ලොකු උනන්දුවක් තිබුණා. නමුත් පසුකලක ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ රැකියාවකට සම්බන්ධ වීමත් සමඟම මම අවිවේකී වුණා. එහෙත් වැඩ පරිසරයෙන් නිදහස් වූ කාලය තුළ වගාවක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. දිනක් පිළිකා රෝගියෙකුගේ සුවදුක් බලන්නට රෝහලට ගිය වෙලාවක එම රෝගීන් සඳහා විශේෂ වූ බිම්මල් වගාව පිළිබඳ අවධානය යොමු කරන්නට මට හැකිවුණා.

    WGB

    සැහැල්ලු‍ ලී කුඩු ප්‍රධාන මාධ්‍යය කරගත් ආරක්‍ෂිත ගෘහයකින් සමන්විත වූ වගාවක් තුළින් නෙලා ගන්නා ලද බිම්මල් පොකුරක් මඟින් අමතර ආදායම් මාර්ගයක් ලැබෙන අතරම සමාජයට අවශ්‍ය වී තිබෙන පිළිකා කාරකයක් නොවන ආහාරයක් හඳුන්වා දෙන්නටත් මට හැකිවුණා.

    ලී කුඩු, සහල් නිවුඩු, කැල්සියම් කාබනේට් හා මැග්නීසියම් සල්ෆෙට් යන ප්‍රධාන ද්‍රව්‍ය හතරක් යොදාගෙන සාදාගන්නා ලද කොම්පෝස්ට් මිශ්‍රණය පොලිතීන් බෑග්වලට අසුරා එම බෑග් කට වැසුණු වාෂ්ප බැරලයක් මඟින් ජීවානුහරණය කරගෙන සිසිල් වන්නට හැර ඊට පසුව බිම්මල් බීජ ඇතුළත් කර දිලීරය වර්ධනය වන්නට තබයි. මසකට පමණ පසුව දිලීර වර්ධනය වූ වගා මලු‍වල මූඩිය ලඟින්ද කප්පාදු කර බිම්මල් ගෘහය තුළ තැන්පත් කර ජලය ඉසීමෙන් පසුව බිම්මල් හටගැනීම සිදු වේ. මෙම බිම්මල් බෑග්වලට අසුරා වෙළඳපොළට ඉදිරිපත් කිරීම මඟින් මට අමතර අදායම් මාර්ගයක් සදාගැනීමට මට පුළුවන් වුණා.

    ඉතාම කෙටි කාලයකින් බිම්මල් වගාව තුළින් හොඳ ආදායමක් ලබන්නට මට හැකියාව ලැබුණා. සාම්ප්‍රදායිකව කරගෙන යන මෙම වගාව තාක්ෂණය එකතු කොට දියුණු කර ගැනීම මගේ අරමුණයි. ගම් සඳහා නව වගා මළු තැබීමට නව බිම්මල් ගෘහයක් සාදා ගැනීම හා ජලය යෙදීමට නව තාක්ෂණය යොදා ගැනීම මඟින් බිම්මල් නිෂ්පාදනය වැඩි කිරීම තුළින් වෙළඳපොළ තුළ ව්‍යාපාර නාමය ජනප්‍රිය කරගැනීමද මාගේ තවත් බලාපොරොත්තුවක්.

     

    “ඉතාම කෙටි කාලයකින් බිම්මල් වගාව තුළින් හොඳ ආදායමක් ලබන්නට මට හැකියාව ලැබුණා.”

     

    WGB

    Diyani Editors
    • Website

    Related Posts

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ