Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, මැයි 25
    Trending
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    • ඇමරිකානු තීරු බදු පිළිබඳ ඔබ දැනගත යුතු දෑ
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»දරු දැරියන්ට නර්තන දැනුම බෙදන අමාලි උදයංගනී
    Featured

    දරු දැරියන්ට නර්තන දැනුම බෙදන අමාලි උදයංගනී

    Diyani EditorsBy Diyani Editorsජූනි 12, 2023ප්‍රතිචාර නොමැත2 Mins Read
    WGB
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email

    කාන්තාවන් පෙරමුණටම වැඩසටහනේ මූලිකත්වයෙන් “අභිමානි දිරිලිය” ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වූයේ පසුගිය වසරවල අභිමානි ජයග්‍රාහිකාවන් ව්‍යවසායකත්ව හැකියාවලින් සවිබල ගැන්වීමේ අරමුණෙනි. එමගින් නව ව්‍යවසායිකාවන් බිහි කිරීමට මෙන්ම දැනට ව්‍යාපාරවල නියුතු වුවන් සවිබල ගැන්වීමටත්, ව්‍යාපාර තවදුරටත් දියුණු කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමටත්, නව ජීවනෝපාය සාර්ථක කිරීම උදෙසා දැනුම ලබාදීම තුළින් දක්ෂ කාන්තා ව්‍යවසායිකාවන් බිහි කිරීමටත් දායකත්වය ලබාදීමට MAS ආයතනයට හැකිවිය. මේ එම වැඩසටහන මගින් හඳුනාගත් දිරිලියක වන Unichela Biyagama ආයතනයේ අමාලි උදයංගනීගේ කතාවයි.

    අවුරුදු 13 දී පියාගේ වියෝවෙන් පසුව ඇතිවූ ආර්ථික අපහසුකම් මැද ජිවන ගමන ගෙන යන මවට සහ සහෝදරයාට සවියක් වී ඔවුන් හට සැනසීමක් ලබා දීම මාගේ අරමුණ වුණා. එම අරමුණ කරා යන ගමනට මනා මග පෙන්වීමක් මා හට හිමි වුයේ මා ප්‍රථමික අධ්‍යාපනය ලබාගත් සුභාශි රාජකීය විද්‍යාලයෙන්. අනතුරුව බියගම මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගත් මම පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වී පාසල තුළද කැපී පෙනෙන සිසුවියක් වුණා. ආර්ථික අපහසුකම් මැද උසස්පෙළ අධ්‍යාපනයෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා විරාමයක් තැබූ මාහට 2013 වසරේදී යුනිචෙලා බියගම ආයතනයට කණ්ඩායම් සාමාජිකාවක් ලෙස සම්බන්ධ වීමට ලැබීම මා මාගේ ජිවිතයේ ලද භාග්‍යක් කොට සලකනවා.

    WGBඅධ්‍යාපනය ලබන කාලය තුල විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් මා ලද පන්නරය, රැකියා ස්ථානයේදී රැකියාවට අමතර දෙයක් කිරීමට මා හට මහඟු‍ පිටිවහලක් වුණා. යුනිචෙලා ආයතනය මඟින් හැදෑරු රූපලාවන්‍ය පාඨමාලාව, සාරි වැඩ දැමීමේ පාඨමාලාව හා සාරි ජැකට් සහ ඇඳුම් මැසිමේ පාඨමාලාව තුළින් නිවසේ සිටම අමතර ආදායමක් උපයා ගැනීමට මා හට අවස්ථාවක් උදා වුණා. මීට අමතරව ආයතනයේ නර්තන කණ්ඩායමට සම්බන්ධවීම තුළින් මා හට සහජයෙන්ම හිමි කලා කුසලතාවයන් තවදුරටත් ඔපනන්වා ගැනීමට අවස්ථාව උදාවුණා. එක් ක්ෂේත්‍රයට පමණක් සීමා වීමට වඩා විවිධ ක්ෂේත්‍රයන් සඳහා යොමු වීමෙන් වෘත්තීය ජයග්‍රහණ ලබා ගැනීමට මඟ පෙන්වන රැකියා පරිසරය තුළ මා මගේ දක්ෂතාවයන් සමාජ මෙහෙවර සඳහා යොමු කිරීමටද නිනැතින්ම යොමු වුණා. ඒ අනුව මා විසින් 2011 වර්ෂයේ ආරම්භ කරන ලද අමා රංගායතනය ප්‍රදේශයේ දරු දැරියන්ට හට ලබාදෙන නර්තන දැනුම ජනප්‍රසාදයට පත්වීම් මගේ ජිවිතයේ මා ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සලකනවා.

    දරුවන් දෙදෙනෙකුගේ වගකීම් දරන මවක මෙන්ම පවුලේ ආර්ථිකයට උර දෙන කාන්තාවක් ලෙස අමතර අදායමක් උපයා ගැනීමට අවශ්‍ය වීම යන කාරණා මත මා 2016 වර්ෂයේදී අමා රංගායතනය නව මුහුණුවරකින් ව්‍යාපාරික ආයතනයක් ලෙස සමාජ මෙහෙවරට එකතු කිරීම මගේ ජිවිතයේ තවත් එක් වටිනා හැරවුම් ලක්ෂයක් ලෙස දැක්විය හැකියි. මේ වන විට වාර්ෂිකව සැලකිය යුතු අදායමක් මෙම රංගායතනය තුළින් ලබන අතර ඒ සඳහා තවත් සහයක නර්තන උපදේශිකාවන් දෙදෙනෙක්ගේ සේවාවද ලබාගෙන තිබෙනවා.

    Diyani Editors
    • Website

    Related Posts

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025

    දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’

    අප්‍රේල් 29, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (6)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (48)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ